Tuesday, December 27, 2011

ෂර්ලොක් හෝම්ස් season 3

ඉතින් යාලුවනේ කොහොමද ජීවිතේ? හුග දවසකින් මොනවත් දාන්න බැරිවුණා. academic වැඩ හින්ද මේක ලියන්න තරම් වෙලාවක් වත් හම්බ උනේ නෑ. ඒත් පුළුවන් හැම වෙලාවේම ඔයාලට අලුත් දෙයක් දෙන්න මම පුළුවන් තරම් උත්සහ ගන්නවා.නික වැඩ වලට හිර උනාම කන්නත් අමතක වෙනවනේ. 


අද මම ඔයාලට දෙන්නේ ෂර්ලොක් හෝම්ස් series එකේ තුන්වෙනි season එක. මේකේ තියන කතා ටිකත් කලින් ඒවා වගේම හොදයි. ඔයාල දිගටම බැලුවනම් පේන්න ඇති සමහර කතා වල හෝම්ස් ගේ චරිත ලක්ෂණ වෙනස්. එහෙම වෙලා තියෙන්නේ හැම කතාවම අධ්‍යක්ෂණය කරන්නේ එකම කෙනා නොවීම. මම මේ season එක එක පාරට ඔයාලට දුන්නට ඒ කලේ එක season එකක් එන්න අවුරුද්දක් ගිහින් තියනවා. ඉතින් හිතාගන්නකෝ ඒ කාලේ අයට කොහොම ඉවසිල්ලක් තියෙන්න ඕනද කියල. ඔයාලත් ඉතින් එහෙම ඉවසන්න පුරුදු වෙන්න (ලොල්...). මේකේ වොට්සන් ඉන්නේ පරණ කෙනා නෙමෙයි. ඉන්න කෙනා පරණ කෙනා තරම්ම හරිනැති උනාට එක අමතක කරලා කතා ටික බලන්න. එහෙනම් ඔයාලට ජයවේවා...........

1) මහ රෑ ආ මාරයා

                       PART 1
                       PART 2

2) The Abbey Grange
                 PART 1 
                 PART 2

3) මස්ග්රෙව් පවුලේ චාරිත්‍රය
                 PART 1 
                 PART 2 

4)  දෙවැනි ලේ පැල්ලම
                 PART 1 
                 PART 2 

5) විරූපී යාචකයා
                 PART 1 
                 PART 2 

6) මලගිය ඇත්තෝ සාක්කි දෙති    
                 PART 1 
                 PART 2 

7) The six Napolians
                  PART 1
                           PART 2

Password - tenfold

ප.ලි. හැමෝම ඇවිත් කැමති තරමක් downlaod කරන්න. එත් පුළුවන් නම් කොමෙන්ටුවකුත් දාලම යන්න. එතකොට අඩුම ගානෙ හිතට ෆිට් එකක් වත් දැනෙනවා.
(දෙවැනි season එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.)

ප.ලි.
 


සමාවෙන්න යාලුවනේ දැන් මේ තියන links වැඩ කරන්නේ නෑ. මා ගාවත් නෑ . හම්බ උනොත් ආයිමත් upload කරන්නම්

 

Monday, December 5, 2011

Open ජීවිතය

හුඟ දවසකින් තමයි මේ පැත්තේ එන්න උනේ.මේ දවස් වල සැහෙන්න වැඩ. Open Uni එකේ basic trainig 2 වලට සෙට් වෙලා. මාරම fun තමයි. lathe machines වල වැඩ කරන්න , circuit හදන්න , wiring කරන්න යනාදී වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Open එකේ මේ දවස් වල ලොකු ප්‍රශ්නයක්. අපේ degree එකේ තත්වය පාත දාන්න හදනවා කියල සැහෙන්න අවුල්. ඒවටත් ගියා. ඒවත් තියෙන්න ඕනිනේ. 

අපිට A/L කරලා campus යන්න උනේ නැතුවට ඒ ජීවිතය ඇත්තටම මෙහෙදී දකිනවා. විඳිනවා. හරිම සුන්දරයි.ඒත් සැහෙන්න වැඩ තියනවා. ඒ හින්ද සුන්දරත්වය බල බල ඉන්න වෙලාවක් නෑ.දිගට හරහට වැඩ කරන්න තියනවා.අපිට අනික් campus වල වගේ lectures නැති හින්ද සැහෙන්න මහන්සි වෙන්න වෙනවා අනික් යට වඩා. මොනවා කරන්නද ඉතින් කොරන්නේ නැතුව ඉස්සරහට යන්නත් බෑනේ.


මේ පාර මම ෂර්ලොක් හෝම්ස් දෙවැනි season එක දානවා.එකට මෙතනින් ගිහිල්ල බලන්න.ප්‍රතිචාර තියන හින්ද දාන්න හිතුන. ටිකක් පරක්කු උනාට එච්චර හිතන්න එපා මීට පස්සේ ඉක්මනට ඉක්මනට දෙන්නම්.එහෙනම් අදට මෙපනයි.

Thursday, November 24, 2011

ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රම



 නම ඇහෙනකොටම හැමෝටම මතක් වෙන චරිතයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. ලෝකයේ එතෙක් මෙතෙක් කාලෙකට බිහිවුන අති දක්ෂම රහස් පරීක්ෂකයා හෙවත් ෂර්ලොක් හෝම්ස් ගැන හැමෝම දන්නවා. සර් ආතර් කොනන් ඩොයිල් ලියපු කතා ටික ලෝකේ හැම රටකම ප්‍රසිද්දයි. මම හිතන විදියට චන්දන මෙන්ඩිස් මහත්තයා පරිවර්තනය කරපු කතා ටික ලංකාවේ ගොඩක් අය බොහොම ආසාවෙන් කියවල ඇති. මට නම් මුලින් ලියපු කතා 56 කට පාඩම්. ඒ තරමට මම ෂර්ලොක් හෝම්ස් චරිතයට අසයි. ඉතින් මෙහෙම ඉන්න අතරේ මගේ හොදම යාලුවෙක් (අංජන, ගොඩකවෙල) මට කිව්වා ගොඩක් කාලෙකට ඉස්සෙල්ල tv series එකක් ගිය පුළුවන් නම් හොයල බලපන් කියල. එත් මට හොයන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. පස්සේ මිනිහ ඒක download කරලා ගෙනත් දුන්න. කියල වැඩක් නෑ ලොවෙත් නෑ හිතේ මැවිලා තිබුන හෝම්ස් ගේ චරිතය , රූපය ඒ විදිහමයි. ඉතින් මම හිතුව ඔයාල හැමෝමත් එක්ක ඒක බෙදා ගන්න.


මම පහලින් links ටික දාන්නම්. rar file එකක් තමයි එන්නේ. ඒක unzip කරන්න password එකක් ඕනි වෙයි. එකත් මම පහලින් දාන්නම්. මම මේ දෙන්න හදන්නේ පලවෙනි season එක. ඔයාල කැමති නම් කියන්න මම අනිත් season ටිකත් upload කරන්නම්.

1) අයිරින් අඩ්ලර්
                Part 1
                Part 2  

 2) නැට්ටුවන්ගේ අභිරහස 
                Part 1
                Part 2

3) Naval treatment
                Part 1
                Part 2

4) පාපැදියේ රූමතිය 
                Part 1
                Part 2 

5) විරූපී මිනිසා 
                Part 1 
                Part 2

6) තිත් වැටුණු පටිය 
                Part 1
                Part 2

7) ඉන්ද්‍ර නීල මාණික්‍යය 
                Part 1
                Part 2

Password - tenfold

කියන්න තවත් දෙයක් තියනවා. මට මේ හැම කතාවකම සිංහල නම මතක නෑ. ඒ හින්ද මතක කව්රුහරි ඉන්නවනම් comment එකක් දාල ගියොත් ලොකු උදව්වක්. ඔයාලගේ ප්‍රතිචාර අනුව මම ඉතුරු ටිකත් දෙන්නම්. ඊට කලින් මේ ටික බලල ඉන්නකෝ. මේ හැම ලින්ක් එකක්ම direct downloading කරන්න පුළුවන් ඒවා. ඔයාලට Internet Downloader Manager පාවිච්චි කරලා මේවා බාගන්න පුළුවන්. 


ප . ලි .


සමාවෙන්න යාලුවනේ දැන් මේ තියන links වැඩ කරන්නේ නෑ. මා ගාවත් නෑ . හම්බ උනොත් ආයිමත් upload කරන්නම්
                  
                

Saturday, November 19, 2011

sony ericsson වල email settings

මෙච්චර දවස්  post දැම්මට වැදගත් කියන්න තරම් දෙයක් දාන්න උනේ නෑ.මතක් කලාට මතක් උනෙත් නෑ. කොහොමහරි ඊයේ රෑ මට උන සිද්දියක් නිසා තමයි මේක දාන්න හිතුනේ. මාගාව තියෙන්නේ sony ericsson ෆෝන් එකක්. k770i තමයි වර්ගේ.ඉතින් මම mms යවන්න එහෙම හරි කම්මැලි මොකද ගාන කැපෙන හින්ද.ඒ හින්ද ඉස්සර gmail වලට ලොග් වෙලා තමයි mms යවන්නේ.නිකම් mms එකක් යවනකොට රුපියලක් කැපෙනවා නම් gmail වලින් යවනකොට කැපෙන්නේ සත 10 යි . ඉතින් සෑහෙන්න ලාබයි වැඩේ.ඒත් පස්සේ වැඩේ එපා උනා.හේතුව තමයි gmail වලට ලොග් වේවි ඕක කරන්න ගියාම ටිකක් වෙලාව යනවා.වැඩේ අතෑරලා දැම්ම ටික කාලෙකට. ඔය අතරේ තමයි meter උනේ මගේ ෆෝන් එකෙත් email කියල එකක් තිබුනට අපි කවදාවත් ඒක පාවිච්චි කරන්නේ නෑ කියල. ඉතින් මම හිතුව මේකෙන් කොහොමද වැඩක් ගන්නේ කියල.හොයාගෙන හොයාගෙන යනකොට මට හම්බ උනා මේක කරන විදිය. ඔයාල අතෙත් sony ericsson K series ෆෝන් එකක් තියනවනම් මේ settings ටික දාල බලන්න.ඒත් gmail වලින් mms යවන්න පුළුවන් dialog වලටයි mobitel වලටයි විතරයි. 

මුලින්ම menu ගිහින් message වල තියෙන email කියන මෙනු එකට යන්න. එකේ පහලම තියනවා settings කියල එකක්.ඒක ඇතුලට ගියාම default account එකක් ඇති. more ගිහින් edit account තෝරන්න.ඒක gmail කියල rename කරන්න. ඊට පස්සේ පහල තියන ටික ඕකට ඔබන්න.

මෙන්න settings ටික 

    Connect Using : මේකට ෆෝන් එකේ තියන දැනට use කරන data account එක දෙන්න
    Email Address : ......................@gmail.com
    Connection Type : POP3
    Incoming Mail Server : pop.gmail.com
    Username :
......................@gmail.com
    Password : gmail මුර පදය
    Outgoing Mail Server : smtp.gmail.com

Advanced settings

    Your Name : මොකක් හරි කැමති නමක් 
    Signature    : තියෙන විදියටම තියන්න
    Download S&R : Subjects only
    Check interval   : Off
    Copy Outgoig    :Off
    Encryption – Incoming Server :TLS

                          Outgoing Server :SSL
    Outgoing Username :
......................@gmail.com
    Outgoing Password : gmail මුර පදය
    Icoming Port : 995
    Outgoing Port : 587


හදා ගන්න විදිය කිව්වට යවන විදිය කිව්වේ නැනේ.මෙන්න මෙහෙමයි mms යවන්නේ. මුලින්ම menu ගිහින් message ගිහින් write new තෝරන්න. එකේ පහලම තියන email කියන එක තෝරන්න.දැන් එනවා සාමාන්‍ය email යවනකොට අපි දකින අතුරු මුහුණතක්. එකේ To කියන තැන මෙහෙම ගහන්න. 


මොබිටෙල් නම් : 071....................@mms.mobitel.lk
ඩයලොග් නම්    : 077...................@mms.dialog.lk


එතනින් එහාට මොකක්ද කරන්න ඕන කියල දන්නවනේ. වැඩේ සාර්ථක උනොත් මටත් කියන්න.

Wednesday, November 16, 2011

ඉස්කෝලේ කාලේ

අද හුග කාලෙකට පස්සේ ඉස්කෝලේ පැත්තේ ගියා.මගේ වැඩකටමමත් නෙමෙයි ගියේ. ඒත් ඒ ගමන්ම චරිත සහතිකයකුත් අරගන්නවා කියල හිතාගෙන ගියා. මුළු ඉස්කෝලෙම වෙනස් වෙලා .ලස්සන වෙලා. ඒත් ඉන්න ළමයි නම් ඉස්සරට වඩා ගොඩක් වෙනස් කියල හිතුනා. මොනවා කරන්නද ඉතින් හැමදාමත් එකම විදියට තිබුනමත් කිසි ගතියක් නෑනේ.හෙට exam හින්ද ඔක්කොම ළමයි එළියේ. ඉතින් කොහොම කොහොම හරි වටපිට බල බල අන්තිමට physics lab එකටත් ගියා.පුදුම වැඩේ කියන්නේ එක නම් කිසිම වෙනසක් වෙලා නෑ. අපි යනකොට තිබුන විදියමයි. කොහොමත් science section එකට ඉස්සර ඉඳන්ම කැපිල්ල තිබුන. ඒත් තවමත් ඒක යහතින් තියනවා.


ඉතින් ගියාට පස්සේ මට පුදුමත් හිතුනා. පරණ මිස්ලට සර්ලට අපිව හොදට මතකයි. එහෙම මතක හිටින්න තරම් දේවල් කලෙත් නෑ (හොරෙන් නම් කලා)දකින දකින අයට මතක් වෙනවා.කියල වැඩක් නෑ මාරම ෆිට් එකක් දැනුන. ඒත් ඉතින් ඉස්සර වගේම මුනිච්චාවට හිනා උන අයත් හිටිය. කව්ද ඕව ගණන් ගන්නේ. තනියම ගියේ නැති හින්ද ඉස්කෝලේ වටේ රවුමක් වත් ගහන්න උනේ නෑ හරියකට. ඒත් අව්ලක් නෑ.දැකපු ටික හොදටම ඇති හිත පිරෙන්න.


කොහොමහරි මට කියන්න ඕන උනේ මෙච්චරයි. අපිට පස්සේ කලෙක මතක් වෙන්න කියල තියෙන්නේ ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩි කැම්පස් එකේ කරපු වැඩි විතරයි. ඉස්කෝලේ යන කව්රුහරි මේක බලනවා නම් හොදට මතක තිය ගන්න මේක. හැමෝටම මතක හිටින විදියට මොනවා හරි හොද දෙයක් කරලා එන්න. පොතේම ඇලිල ගැලිල හිටියොත් ඔයාලට එච්චර හොද අනාගතයක් දකින්න හම්බ වෙන එකක් නෑ. පොතේම ඇලිල හිටපු මගේ යාලුවෝ  කව්රුවත් හිතපු තරම් හොඳ ප්‍රතිඵල  ගත්තේ නෑ. 3idiots ෆිල්ම් ඒක මම නැවත නැවත බලන ෆිල්ම් එකක්. එකේ මෙහෙම කියනවා .

ජයග්‍රහණය පස්සේ යන්න එපා . විශිෂ්ටත්වය පස්සේ යන්න.එතකොට ජයග්‍රහණය ඔබ පස්සෙන් එයි .
 








 

Sunday, November 13, 2011

අතීතය

අවරුදු ගානකට ඉස්සෙල්ල පුංචි සපත්තු දෙකකුත් දාගෙන අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරියේ දොර ගාවට ගිය දවසේ ඉදන් අද වෙනතුරු මොන තරම් දේවල් සිද්ද වෙලාද කියලා මට හිටි ගමන් කල්පනා උනා. හේතුව තමයි  මට ඊයේ තිබුන විභාගේ ටිකක් අමාරු උන එක. ඒත් ඒක ඉවරවෙලා කට්ටියත් එක්ක එකතු වෙලා සැහෙන කාලෙකට පස්සේ ක්‍රිකට් මැච් එකක් ගැහුවා. එකේ අමාරුව දැන් තමයි තේරෙන්නේ. මුළු ඇඟම රිදෙනවා.


පුංචිම කාලේ කොච්චර නම් නිදහස්ද . කිසිම වගකීමක් නෑ. හිතන්න දේකුත් නෑ .ඒත් ඒ කාලේ ඉඳන් කරපු වැඩ ගැන මතක් කරනකොට සමහර වෙලාවල් වලට දුක හිතෙනවා. සමහර වෙලාවල් වලට ලජ්ජා හිතෙනවා. තවත් සමහර වෙලාවල් වලට හිතෙනවා එහෙම නෙමෙයි  මෙහෙම කලා නම් අද කොච්චර දේවල් වෙනස් වෙන්න තිබුනද කියලා . මට සමහර වෙලාවල් වලට හිතෙනවා ජිවිතේ අපි ගත්තු හරි තීරණ වලට වඩා වැරදි තීරණ වැඩියි කියලා. ඒත් ඒ වැරදි වලින් ඉගෙන ගත්ත පාඩම් වලට පින් සිද්ද වෙන්න අද මෙහෙමවත් ඉන්නවා. ඒ කාලේ ඉඳන් යාලුවෝ කී දෙනෙක් නම් හම්බ වෙලා ඇද්ද , කී දෙනෙක් තරහ වෙලා ඇද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර යාලුවෝ හිටි ගමන් අතුරුදන් වෙනවා ආයිත් කාලෙකට පස්සේ හම්බ වෙනවා . සමහර අය හම්බ උන දා ඉදන්  ගහට පොත්ත වගේ එකටම ඉන්නවා .


මම ශිෂ්‍යත්වේ පාස් වෙලා 6 වසරට යන පලවෙනි දවසේ අපේ තාත්ත යාලුවෝ ගැන හොඳ කතාවක් කිව්වා. පුතේ ඉස්කෝලෙට ගිය ගමන් ඕන තරම් යාලුවෝ හම්බ වෙයි. ඒත් මේක මතක තියා ගන්න. ගිය ගමන් මුලින්ම හම්බ වෙන යාළුවා , ඒ කියන්නේ ගිය පලවෙනි දවසෙම හම්බ වෙන යාළුවා හොඳ යාලුවෙක් නෙමෙයි. ඊළගට සතියක් දෙකක් ගිහින් තවත් අය යාලු වෙයි . ඒ අයත් හොඳ යාලුවෝ නෙමෙයි. ඒ දෙගොල්ලොම ටික කාලයක් යනකොට ඔයාව අමතක කරනවා. අන්තිමට මාස 2 ක් 3 ක් ගිහින් , ඔය දිහා හොඳට බලාගෙන ඉඳල ඔයාව අධ්‍යනය කරලා අන්තිමට යාලු වෙන යාළුවා හැමදාමත් ඔයත් එක්ක ඉඳීවි කියලා කිව්වා.  ඒ කියපු කතාව මම ඒ වෙලාවේ එච්චර ගණන් ගත්තේ නෑ. ඒත් දැන් තමයි මට තේරෙන්නේ ඒ කියපු කතාව කොච්චර නම් ඇත්තක්ද කියලා. අන්තිමට හම්බ උන යාලුවෝ තවමත් මත එක්ක එකට ඉන්නවා. තාත්ත ඒ කියා දීපු කතාව මම මගේ සමහර යාළුවන්ට කියලා ඇති.


අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතේට මුහුණ දෙමු .කරපු මෝඩ කම් ගැන දුක් වේවි ඉන්නවට වඩා එකෙන් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන ඒක තමයි සුදුසුම දේ.

Saturday, November 12, 2011

පලවෙනි පොස්ට් එක


මමත් සෑහෙන්න ආසාවෙන් හිටියේ බ්ලොග් එකක් පටන් ගන්න . දැන් ඉතින් ඔන්න පටන් ගත්ත එකක්. පලවෙනි පොස්ට් එක හින්ද මොනවා ලියන්නද කියල හිතා ගන්න බෑ. ඒත් මොනව මොනවා හරි ලියන්න තමයි අදහස .ඉස්සරහට තමයි  ඉතින් ලියන ඒවා ගැන හිතන්න වෙන්නේ .

ඉතින් මම බලාගෙන ඉන්නවා ඔයාල කොමෙන්ටුවක් දාලා මට support  එකක් දෙනකම්. එහෙනම් යාලුවනේ අදට මෙච්චරයි .