Sunday, November 13, 2011

අතීතය

අවරුදු ගානකට ඉස්සෙල්ල පුංචි සපත්තු දෙකකුත් දාගෙන අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරියේ දොර ගාවට ගිය දවසේ ඉදන් අද වෙනතුරු මොන තරම් දේවල් සිද්ද වෙලාද කියලා මට හිටි ගමන් කල්පනා උනා. හේතුව තමයි  මට ඊයේ තිබුන විභාගේ ටිකක් අමාරු උන එක. ඒත් ඒක ඉවරවෙලා කට්ටියත් එක්ක එකතු වෙලා සැහෙන කාලෙකට පස්සේ ක්‍රිකට් මැච් එකක් ගැහුවා. එකේ අමාරුව දැන් තමයි තේරෙන්නේ. මුළු ඇඟම රිදෙනවා.


පුංචිම කාලේ කොච්චර නම් නිදහස්ද . කිසිම වගකීමක් නෑ. හිතන්න දේකුත් නෑ .ඒත් ඒ කාලේ ඉඳන් කරපු වැඩ ගැන මතක් කරනකොට සමහර වෙලාවල් වලට දුක හිතෙනවා. සමහර වෙලාවල් වලට ලජ්ජා හිතෙනවා. තවත් සමහර වෙලාවල් වලට හිතෙනවා එහෙම නෙමෙයි  මෙහෙම කලා නම් අද කොච්චර දේවල් වෙනස් වෙන්න තිබුනද කියලා . මට සමහර වෙලාවල් වලට හිතෙනවා ජිවිතේ අපි ගත්තු හරි තීරණ වලට වඩා වැරදි තීරණ වැඩියි කියලා. ඒත් ඒ වැරදි වලින් ඉගෙන ගත්ත පාඩම් වලට පින් සිද්ද වෙන්න අද මෙහෙමවත් ඉන්නවා. ඒ කාලේ ඉඳන් යාලුවෝ කී දෙනෙක් නම් හම්බ වෙලා ඇද්ද , කී දෙනෙක් තරහ වෙලා ඇද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර යාලුවෝ හිටි ගමන් අතුරුදන් වෙනවා ආයිත් කාලෙකට පස්සේ හම්බ වෙනවා . සමහර අය හම්බ උන දා ඉදන්  ගහට පොත්ත වගේ එකටම ඉන්නවා .


මම ශිෂ්‍යත්වේ පාස් වෙලා 6 වසරට යන පලවෙනි දවසේ අපේ තාත්ත යාලුවෝ ගැන හොඳ කතාවක් කිව්වා. පුතේ ඉස්කෝලෙට ගිය ගමන් ඕන තරම් යාලුවෝ හම්බ වෙයි. ඒත් මේක මතක තියා ගන්න. ගිය ගමන් මුලින්ම හම්බ වෙන යාළුවා , ඒ කියන්නේ ගිය පලවෙනි දවසෙම හම්බ වෙන යාළුවා හොඳ යාලුවෙක් නෙමෙයි. ඊළගට සතියක් දෙකක් ගිහින් තවත් අය යාලු වෙයි . ඒ අයත් හොඳ යාලුවෝ නෙමෙයි. ඒ දෙගොල්ලොම ටික කාලයක් යනකොට ඔයාව අමතක කරනවා. අන්තිමට මාස 2 ක් 3 ක් ගිහින් , ඔය දිහා හොඳට බලාගෙන ඉඳල ඔයාව අධ්‍යනය කරලා අන්තිමට යාලු වෙන යාළුවා හැමදාමත් ඔයත් එක්ක ඉඳීවි කියලා කිව්වා.  ඒ කියපු කතාව මම ඒ වෙලාවේ එච්චර ගණන් ගත්තේ නෑ. ඒත් දැන් තමයි මට තේරෙන්නේ ඒ කියපු කතාව කොච්චර නම් ඇත්තක්ද කියලා. අන්තිමට හම්බ උන යාලුවෝ තවමත් මත එක්ක එකට ඉන්නවා. තාත්ත ඒ කියා දීපු කතාව මම මගේ සමහර යාළුවන්ට කියලා ඇති.


අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතේට මුහුණ දෙමු .කරපු මෝඩ කම් ගැන දුක් වේවි ඉන්නවට වඩා එකෙන් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන ඒක තමයි සුදුසුම දේ.

5 comments:

  1. අතීතය ගැන නොතැවෙන්න.. අනාගතය ගැන වැඩිපුර නොසිතන්න.. වර්තමානයේ සතුටින් ඉන්න පුළුවන් එතකොටයි....

    ReplyDelete
  2. විසිතුරු ට ස්තුතියි

    ReplyDelete
  3. අන්තිමට කිව්ව කතාවට මමත් එකඟයි.. අතීතයෙන් ඉගෙන ගන්න පාඩම්..නැවත නැවතත්..වර්තමානයේ සිද්ධ වෙන දේට බොහොම පරිස්සමෙන් ගලපලා ඒවා අරුත් කර ගන්න ඕනි .. කාලය වෙනස් , තාලය වෙනස් ! ඒක වර්තමාන පසුතලයේ තියලා නේද බලන්න ඕනි...?

    ReplyDelete
  4. ඉමිහිරි අතීතය හරිම සුන්දරයි...මමත් මගේ බ්ලොග් එක ලියන්නේ ඒක නිසා.....

    ReplyDelete
  5. අතීතයේ අමිහිරි මතකත් තියනවා

    ReplyDelete