Saturday, November 19, 2011

sony ericsson වල email settings

මෙච්චර දවස්  post දැම්මට වැදගත් කියන්න තරම් දෙයක් දාන්න උනේ නෑ.මතක් කලාට මතක් උනෙත් නෑ. කොහොමහරි ඊයේ රෑ මට උන සිද්දියක් නිසා තමයි මේක දාන්න හිතුනේ. මාගාව තියෙන්නේ sony ericsson ෆෝන් එකක්. k770i තමයි වර්ගේ.ඉතින් මම mms යවන්න එහෙම හරි කම්මැලි මොකද ගාන කැපෙන හින්ද.ඒ හින්ද ඉස්සර gmail වලට ලොග් වෙලා තමයි mms යවන්නේ.නිකම් mms එකක් යවනකොට රුපියලක් කැපෙනවා නම් gmail වලින් යවනකොට කැපෙන්නේ සත 10 යි . ඉතින් සෑහෙන්න ලාබයි වැඩේ.ඒත් පස්සේ වැඩේ එපා උනා.හේතුව තමයි gmail වලට ලොග් වේවි ඕක කරන්න ගියාම ටිකක් වෙලාව යනවා.වැඩේ අතෑරලා දැම්ම ටික කාලෙකට. ඔය අතරේ තමයි meter උනේ මගේ ෆෝන් එකෙත් email කියල එකක් තිබුනට අපි කවදාවත් ඒක පාවිච්චි කරන්නේ නෑ කියල. ඉතින් මම හිතුව මේකෙන් කොහොමද වැඩක් ගන්නේ කියල.හොයාගෙන හොයාගෙන යනකොට මට හම්බ උනා මේක කරන විදිය. ඔයාල අතෙත් sony ericsson K series ෆෝන් එකක් තියනවනම් මේ settings ටික දාල බලන්න.ඒත් gmail වලින් mms යවන්න පුළුවන් dialog වලටයි mobitel වලටයි විතරයි. 

මුලින්ම menu ගිහින් message වල තියෙන email කියන මෙනු එකට යන්න. එකේ පහලම තියනවා settings කියල එකක්.ඒක ඇතුලට ගියාම default account එකක් ඇති. more ගිහින් edit account තෝරන්න.ඒක gmail කියල rename කරන්න. ඊට පස්සේ පහල තියන ටික ඕකට ඔබන්න.

මෙන්න settings ටික 

    Connect Using : මේකට ෆෝන් එකේ තියන දැනට use කරන data account එක දෙන්න
    Email Address : ......................@gmail.com
    Connection Type : POP3
    Incoming Mail Server : pop.gmail.com
    Username :
......................@gmail.com
    Password : gmail මුර පදය
    Outgoing Mail Server : smtp.gmail.com

Advanced settings

    Your Name : මොකක් හරි කැමති නමක් 
    Signature    : තියෙන විදියටම තියන්න
    Download S&R : Subjects only
    Check interval   : Off
    Copy Outgoig    :Off
    Encryption – Incoming Server :TLS

                          Outgoing Server :SSL
    Outgoing Username :
......................@gmail.com
    Outgoing Password : gmail මුර පදය
    Icoming Port : 995
    Outgoing Port : 587


හදා ගන්න විදිය කිව්වට යවන විදිය කිව්වේ නැනේ.මෙන්න මෙහෙමයි mms යවන්නේ. මුලින්ම menu ගිහින් message ගිහින් write new තෝරන්න. එකේ පහලම තියන email කියන එක තෝරන්න.දැන් එනවා සාමාන්‍ය email යවනකොට අපි දකින අතුරු මුහුණතක්. එකේ To කියන තැන මෙහෙම ගහන්න. 


මොබිටෙල් නම් : 071....................@mms.mobitel.lk
ඩයලොග් නම්    : 077...................@mms.dialog.lk


එතනින් එහාට මොකක්ද කරන්න ඕන කියල දන්නවනේ. වැඩේ සාර්ථක උනොත් මටත් කියන්න.

4 comments: