Tuesday, December 27, 2011

ෂර්ලොක් හෝම්ස් season 3

ඉතින් යාලුවනේ කොහොමද ජීවිතේ? හුග දවසකින් මොනවත් දාන්න බැරිවුණා. academic වැඩ හින්ද මේක ලියන්න තරම් වෙලාවක් වත් හම්බ උනේ නෑ. ඒත් පුළුවන් හැම වෙලාවේම ඔයාලට අලුත් දෙයක් දෙන්න මම පුළුවන් තරම් උත්සහ ගන්නවා.නික වැඩ වලට හිර උනාම කන්නත් අමතක වෙනවනේ. 


අද මම ඔයාලට දෙන්නේ ෂර්ලොක් හෝම්ස් series එකේ තුන්වෙනි season එක. මේකේ තියන කතා ටිකත් කලින් ඒවා වගේම හොදයි. ඔයාල දිගටම බැලුවනම් පේන්න ඇති සමහර කතා වල හෝම්ස් ගේ චරිත ලක්ෂණ වෙනස්. එහෙම වෙලා තියෙන්නේ හැම කතාවම අධ්‍යක්ෂණය කරන්නේ එකම කෙනා නොවීම. මම මේ season එක එක පාරට ඔයාලට දුන්නට ඒ කලේ එක season එකක් එන්න අවුරුද්දක් ගිහින් තියනවා. ඉතින් හිතාගන්නකෝ ඒ කාලේ අයට කොහොම ඉවසිල්ලක් තියෙන්න ඕනද කියල. ඔයාලත් ඉතින් එහෙම ඉවසන්න පුරුදු වෙන්න (ලොල්...). මේකේ වොට්සන් ඉන්නේ පරණ කෙනා නෙමෙයි. ඉන්න කෙනා පරණ කෙනා තරම්ම හරිනැති උනාට එක අමතක කරලා කතා ටික බලන්න. එහෙනම් ඔයාලට ජයවේවා...........

1) මහ රෑ ආ මාරයා

                       PART 1
                       PART 2

2) The Abbey Grange
                 PART 1 
                 PART 2

3) මස්ග්රෙව් පවුලේ චාරිත්‍රය
                 PART 1 
                 PART 2 

4)  දෙවැනි ලේ පැල්ලම
                 PART 1 
                 PART 2 

5) විරූපී යාචකයා
                 PART 1 
                 PART 2 

6) මලගිය ඇත්තෝ සාක්කි දෙති    
                 PART 1 
                 PART 2 

7) The six Napolians
                  PART 1
                           PART 2

Password - tenfold

ප.ලි. හැමෝම ඇවිත් කැමති තරමක් downlaod කරන්න. එත් පුළුවන් නම් කොමෙන්ටුවකුත් දාලම යන්න. එතකොට අඩුම ගානෙ හිතට ෆිට් එකක් වත් දැනෙනවා.
(දෙවැනි season එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.)

ප.ලි.
 


සමාවෙන්න යාලුවනේ දැන් මේ තියන links වැඩ කරන්නේ නෑ. මා ගාවත් නෑ . හම්බ උනොත් ආයිමත් upload කරන්නම්

 

Monday, December 5, 2011

Open ජීවිතය

හුඟ දවසකින් තමයි මේ පැත්තේ එන්න උනේ.මේ දවස් වල සැහෙන්න වැඩ. Open Uni එකේ basic trainig 2 වලට සෙට් වෙලා. මාරම fun තමයි. lathe machines වල වැඩ කරන්න , circuit හදන්න , wiring කරන්න යනාදී වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Open එකේ මේ දවස් වල ලොකු ප්‍රශ්නයක්. අපේ degree එකේ තත්වය පාත දාන්න හදනවා කියල සැහෙන්න අවුල්. ඒවටත් ගියා. ඒවත් තියෙන්න ඕනිනේ. 

අපිට A/L කරලා campus යන්න උනේ නැතුවට ඒ ජීවිතය ඇත්තටම මෙහෙදී දකිනවා. විඳිනවා. හරිම සුන්දරයි.ඒත් සැහෙන්න වැඩ තියනවා. ඒ හින්ද සුන්දරත්වය බල බල ඉන්න වෙලාවක් නෑ.දිගට හරහට වැඩ කරන්න තියනවා.අපිට අනික් campus වල වගේ lectures නැති හින්ද සැහෙන්න මහන්සි වෙන්න වෙනවා අනික් යට වඩා. මොනවා කරන්නද ඉතින් කොරන්නේ නැතුව ඉස්සරහට යන්නත් බෑනේ.


මේ පාර මම ෂර්ලොක් හෝම්ස් දෙවැනි season එක දානවා.එකට මෙතනින් ගිහිල්ල බලන්න.ප්‍රතිචාර තියන හින්ද දාන්න හිතුන. ටිකක් පරක්කු උනාට එච්චර හිතන්න එපා මීට පස්සේ ඉක්මනට ඉක්මනට දෙන්නම්.එහෙනම් අදට මෙපනයි.