Sunday, December 23, 2012

ඉන්න බැරියෝ....

හප්පා...... මේක නම් හරියන වැඩක් නෙමෙයි. බැලුවා බැලුවා හරියන්නෙම නෑ. දකිනකොට යකා නගිනවා. ඇයි බොලන් මමත් මනුස්ස පරානයක්. ඉවසිමේත් සීමාවක් තියනවා. එහෙම නෑ කියන එකෙක් ඉන්නවනම් ගහනවා පයින් ගෙම්ඹට ගැහුවා වගේ. හුහ්. හිතුව මදි. අනික් උන් හෝ ගාල ලියනකොට මට ඉවසගෙන ඉන්න පුළුවන් කියලද හිතන්නේ? මමත් ලියනවා බොලවු පොස්ට් එකක් . ඇයි බෑ කියලද හිතන්නේ? විභාග තියනවා කියල සද්ද නැතුව අකුලාගෙන ඉඳියි කියල වෙන්න ඇති හිතාගෙන ඉන්න ඇත්තේ. හීනෙන් තමයි එව්වා නම්. ඒවා කොහෙද මේ මම එක්ක. හුහ්. 
 





දැන් කස්ටිය බලනව ඇති ඇපල්ට හිටි ගමන් මොකෙක් වැහිලද කියල නෙහ් ?මොනවත් වැහුනේ නම් නෑ තවම නම්. එත් හිටි ගමන් පොඩි නිදහස් වෙලාවක් හම්බ උනා පොස්ටුවක් ලියන්න තරම්.ඉතින් ලිව්වා. මොනවා උනත් මේක මාසයක් තිස්සේ පාලු වෙන්න දෙන්න පුලුවන්ද. කොහොම කොහොම හරි ලෝක විනාසෙත් කල් ගිය හින්ද එකක් ලියල දාන්න හිතුන. අපරාදේ කස්ටිය බලාගෙන හිටිය විනාස වෙනකම්. පවු අප්පා.කොච්චර උනත් එපා වෙනවනේ එහෙම උනාම. 

මේක ලියන්න හිතුනේ පොඩි හේතුවක් හින්ද. ඉඳල ඉඳල ඇවිත් වටයක් දාල බැලුව බ්ලොග් එක පැත්තේ. මම හිතුවේ දුවිලි වැදිලා මකුළුවෝ දැල් බැඳලා කැරපොත්තෝ පියඹනවා ඇති කියල . ඒක එහෙම වෙලා නෑ. හිට් කවුන්ටර් එක බැලුවම තියනවා හැමදාම අඩුම ගානේ 20ක් 30ක් වත් මේ පැත්තේ ඇවිදිනවා. මට තනි ඇහැට ඇඩුනා . ඒ එන හැමෝටම ඉස්තුති වේවා

විභාගෙට තව දින 5යි.
මට ජයවේවා............. 

Thursday, November 15, 2012

ටික දිනකට ආයුබෝවන්.

මේ දවස් වල වැඩ සෑහෙන්න. ඔක්කොම බෙල්ල ගාවටම හිරවෙලා. මොකක්ද කරන්නේ කියල හිතාගන්නත් බෑ වගේ. ඉගෙනගන්න කාලේ සෑහෙන්න දුක් විඳින්න වෙනවා කියන කතාව නම් සහතික ඇත්ත. දැන් තමයි ඒවත් තේරෙන්න පටන් ගන්නේ. ඉස්ට්‍රයික් ඉවර කොරල අහවර වෙලා දැන් උගන්නන්න පටන් අරගෙන. ඉතින් ඔක්කොම ටික දඩ බඩ ගාල ඉවර කරන්න තමයි වෙලා තියෙන්නේ. මොනවා කරන්නද මේක කරගත්තේ නැත්නම් මොනවත් නෑනේ. 

ජාවා පාඩම් ටික කරන්නත් වෙලාවක් නෑ. ඒකටත් කොමාවක් තියන්න වෙනවා වගේ. හරිම අප්සෙට්. මගේ මිත්තරයටත් මට වඩා වැඩ. ඉතින් කොහොමද රෙකෝඩ් කොරන්නේ ? ? යන්තම් අව්රුද්ද සම්පුර්ණ උන පොස්ට් එක ලියා ගත්ත. නැත්නම් ඉතින් හිතට අමාරු වෙනවා. අමාරිස් අයියගේ කතා ටිකත් මග නැවතුන. වෙලාව කියන දේ ප්‍රධාන සාධකය වෙලා. ඒක හරි ඉක්මනට අතුරුදන් වෙනවා කියල තේරෙන්නේ වැඩ කරනකොට තමයි. 

ඉතින් යාලුවනේ ටික දවසකට බ්ලොගය ලියන එක නවත්තන්න වෙනවා. ඒ කියන්නේ මේක අතාරලා දානවා එහෙම නෙමෙයි හරිද? ජනවාරි මාසය වෙනකම් මට මේ පැත්තේ එන්න බැරිවෙයි වගේ. පුළුවන් විදියට ඔයාල දාන පොස්ට් කියවන්නම්. ආවේ නෑ කියල තරහවෙන්න නම් එපා යාලුවනේ. ඉගෙනගන්න වැඩ ටිකට මුල් තැන දෙන්න ඕනිනේ....

එහෙනම් මම ගිහින් එන්නම්. 

ජයවේවා..............................!!!

Sunday, November 11, 2012

ඇපල් ට අවුරුද්දයි.....හුරේ....


හප්පේ ඔන්න කොහොමින් කොහොමින් හරි අවුරුද්දකුත් ගියා. කොහොම ගෙවුනද කියල හිතාගන්නත් බැරි වුනාට ගෙවිල ගිහින් . බැලින්නම් කරපු වැඩකුත් නෑ වගේ වගේ කියලත් හිතෙනවා. කොහොම උනත් ඇත්තටම හිතල බැලුවම පහු උන අවුරුද්දේ කොච්චර දේවල් මට ලැබුනද කියලත් කොච්චර දේවල් ඉගෙනගත්තද කියන එකත් මම අමතක කරන්නේ නෑ . අමතක කරන්නත් බෑ. මේ තරම් දුරක් එන්න පුළුවන් උනා කියල හිතෙනකොටත් හරි සතුටක් දැනෙනවා. කොහොම හිටපු කෙනෙක්ද කියලත් හිතෙනවා. මිට අවුරුද්දකට කලින් ඇත්තටම බ්ලොග් කියන වචනේ වත් අහල නොතිබුන මම හෙවත් ඇපල් දැන් බ්ලොග් ලියනවා විතරක් නෙමෙයි අනික් අයටත් බ්ලොග් ලියන්න උනන්දු කරනවා .

අදින් අවුරුද්දකට කලින් මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කිසිම අරමුණක් නැතුව . ඇත්තටම කියනවනම් ආසාවට. 2011 - 11 - 11 කියන දිනේ පලවෙනි පෝස්ට් එක කියල මාතෘකාව දාල පටන් ගත්තේ හිතේ තිබුන ආසාවට සහ මගේ මිතුරා වන අන්ජනගේ උනන්දු කිරීම හින්දා . ඊට ටික දවසකට ඉස්සෙල්ල වෙනකම් මම බ්ලොග් කියන නමවත් අහල තිබුනේ නෑ කියල මම කිව්වනේ ..ඔය අතරේ තමයි මට කිව්වේ මගේ ලෝකය  කියල බ්ලොගයක් තියනවා කියල. කොහොමින් හරි බ්ලොග් කෙරුවාව හිතට අල්ලලා ගියේ ඒ හින්ද . මොකද මේකට සල්ලියක් වැය කරන්න වෙන එකකුත් නෙමෙයි. ඒ හින්ද මිට අවුරුද්දකට කලින් අද වගේ දවසක ලාබයි ඇපල් කියන නමින් මගේ රසවත් නරක නොවුන හොඳ දේවල් පමණක් දෙන (?) බ්ලොගය පටන් ගත්ත. 

මේ සම්බන්ධයෙන් මගේ ගෞරවයෙන් බාගයක් මගේ ලෝකය ලියන රංග ඉංජිනේරුවාට හම්බ වෙන්න ඕන . මම ඒක දිහා බලල තමයි මගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක තීරණය කලේ. ඒ වගේම ඒ තියන විදියට මගේ බ්ලොග් එක විවිද විදියට වෙනස් කල කාලෙන් කාලෙට. ඒත් දැන් නම් මගේම තාලෙකට මට කැමති දේවල් දාල බ්ලොග් එක හදල තියනවා . ඉතිරි ගෞරවයෙන් භාගය මගේ මිතුරු අංජන ට හිමි වෙන්න ඕන.මම නොදන්නා ගොඩක් දේවල් කියල දුන්නේ ඔහු. ඒ වගේම තමයි මේ මේ දේවල් කරන්න කියල උපදෙස් දුන්නෙත් ඔහු . ඒ හින්ද ඔහුව මතක් නොකලොත් මම ගුනමකුවෙක් වෙනවා. 

මුල කාලේ නම් මේක බලන්න ආවේ බොහොම ටික දෙනයි. අනික දාන්න තරම් දේකුත් තිබ්බේ නෑ . හරිම අමාරුවෙන් මතක් උනේ දාන්න තරම් දෙයක්. කොහොම කොහොම හරි දාන්න දේවල් ටික ටික අවට පරිසරයෙන් හම්බ වෙන්න පටන් ගත්ත . මුලින්ම දාපු පොස්ට් වලට කට්ටිය කොමෙන්ට් දැම්මෙත් හරිම අඩුවෙන්. බලන්න ඇවිත් තිබුනෙත් හරිම අඩුවෙන්. ඉතින් හැමදාම රෑට බලනවා ඊයේට වඩා කට්ටිය බලලද කියල . එහෙම වෙලා තිබුනොත් හරි සතුටක් දැනුන . කට්ටිය කොහොම කිව්වත් කට්ටිය බලන්න එන ගාන ටික ටික වැඩිවෙනකොට හිතට දැනුන සතුට නම් කියලම වැඩක් නෑ.මාරම ෆිට් එකක් තමයි දැනුනේ . කොහොමින් හරි දැනට මේක බලන්න එන කට්ටිය 55 ක් කියලත් 10000 විතර hit counter කියලත් වැටිලා තියනවා. කාටද ආඩම්බර....

මෙච්චර කල් පිස්සු විකාර ලිව්වා. ටිකක් වැදගත් දේවල් ලිව්වා. මට හිතුන දේවල් ඒ කියන්නේ මගේ මතයන් ඉදිරිපත් කළා. එත් බලන්න කට්ටිය ටික දෙනයි ආවේ. කාලයක් වැඩේ අතාරින්නත් හිතුන . එහෙම බ්ලොග් එක පැත්තේ ටික දවසක් නෑවිත් ඉඳලා අයිමත් ගිහින් බැලින්නම් මෙන්න කට්ටිය බලන්න ඇවිත් වෙනදට වඩා . ආයිමත් ලියන්න පටන් ගත්ත ඒ ගැම්මට. දැනුත් ඒ ගැම්මම තමයි තියෙන්නේ . අන්තිමට තමයි මගේ කන් කරච්චලේ ඉවසගන්නම බැරි තැන අංජන ජාවා පාඩම පටන් ගත්තේ . කොහොමින් කොහොමින් හරි මේ තැනට එන්න ඇත හිත දුන්න හැමෝටම ඉස්තුති වේවා......!!! පින් සිද්ධ වේවා......!!! අද 50 වෙනි එක ලියනවා. ඉස්සරහට මොනවා ලියයිද මොනවා නොලියයිද දන්නේ නෑ. කොහොම උනත් දැන් නම් බනින්න හරි කට්ටිය එනවා කියල දන්නා හින්ද බය නැතුව ඕනෑම දෙයක් ලියනවා. 

එහෙනම් යාලුවනේ.....

මට ජය වේවා.........!!!

Monday, November 5, 2012

සප් එකක් දෙනවද......??



අද මම ඉල්ලන්න හදන දේ හිතාගන්නේ පුලුවනිනේ හැමෝටම? හැමෝගෙන්ම උදව්වක් ඉල්ලන්න හදනවා කියලයි කියන්න යන්නේ . මේකට සල්ලි වියදම් වෙන්නේ නෑ. පුළුවන් විදියට උදව්වක් දෙන්න කියල මුලින්ම ඉල්ලනවා. බැරි නම් අව්ලකුත් නෑ ඕං . ඒ උනාට සප් එකක් දෙනවනම් ලොකු දෙයක් . මේ උදව්ව ඉල්ලන්න හදන්නේ මට සහ අලුතින් බ්ලොග් ලෝකෙට ආපු මගේ සහෝදර මල්ලි කෙනෙක්ට. මුලින් අලුත් එකා ගැන කියල ඉන්නම්කො...( මඩ එහෙම නෙමෙයි හොඳේ...)

 මේක ලියන්නේ දර්ශන කියල මල්ලි කෙනෙක්. අමුතුම පොරක්. අමුතු විදියට හිතන අමුතුම වැඩ කරන එකෙක් . හොඳ මීටරයක්. සාමාන්‍ය පෙළ කාලේදී පන්ති නොගිහින් මිනිහා විභාගේ කරලා නියමෙට පාස් උනා . ඒ වගේම තමයි සංගීතයට ඇති දක්ෂයෙක්. හොඳට වයලින් ගහන්නත් පුළුවන්. ඒ වගේ ලස්සනට වයලින් ගහන එකෙක් මම දැකල නෑ ඇත්තටම . ඒ හින්ද අපි නම් මිනිහට කියන්නේ "වයලෝ" කියල. දහම් පාසලේ වැඩ වලට ගියාම අපි දෙන්න එනම් මනම් කතා කර කර ඉන්නව. ඔය ඉන්න අතරේ දවසක් බ්ලොග් ගැන කතාවකුත් ගියා. දවස් දෙක තුනක්ම කතාව ඇදුන. අන්තිමට කතාව නතර උනේ මලය බ්ලොග් එකක් පටන් ගත්තට පස්සේ . මම මිනිහගෙ බ්ලොග් එකට සප් එකක් දෙන්න හිතුවේ එක හේතුවක් හින්ද. සාමාන්‍යයෙන් අපි බ්ලොග් එකක ලියන්නේ මල විකාර . ඉඳල හිටලා වැදගත් එකක් පල කරනවා තමයි. ඒක අරකෙම අතුරු කතාවක්නේ... ( මම කියන්නේ මගේ බ්ලොග් එක ගැන හොඳේ..කට්ටිය මගේ බෙල්ල එහෙම මිරිකන්න හදනවා නෙමෙයි . ) සමහර බ්ලොග් තියනවා ඇත්තටම වැදගත් ඒවා පල කරන. මේ මලයත් ඉතාමත් වටිනා බ්ලොගයක් හදල තියනවා. සබරගමුවේ ඉතිහාසය ගැන , සමන් දේවාලය ගැන අපි නොදන්නා ගොඩක් දේවල් හොයාගෙන, ඒ කියන්නේ ඒ තැන වලට ගිහින් කරුණු හොයාගෙන බොහොම මහන්සියෙන් බ්ලොගය කරනවා . ඇත්තටම බොහොම වටිනා කරුණු ගොඩක් හොයාගෙන තියනවා. බලන්න වටින එකක් හින්දා තමයි මම මේක කට්ටිය අතරේ බෙදාගන්නේ හිතුවේ. මෙතනින් ඒකට ගිහින් බලන්න. 

සබරගමුවෙන් යලි උපන්නෙමු..

 


දැන්  ඉල්ලන්න හදන්නේ  මට උදව්වක්. මට කිව්වට මටමමත් නෙමෙයි . මේ උදව්ව ඉල්ලන්නේ අපේ ජාවා පාඩම් මාලාව ගැන. මේක පටන් ගත්තේ මම ඉගෙන ගන්න ගිහින් විඳපු කරදර තව කෙනෙක්ට ඇති නොවෙන්න කියල හිතාගෙන. ගොඩක් දේවල් තේරුම් ගන්න බැරුව කොච්චර දුකක් වින්දද කියල දන්නෙ මම විතරයි . මගේ යාළුවා අංජන නොහිටින්න මම මේ වෙනකොට වැඩේ අතෑරල දාල ගොඩක් කල්. ඒත් එහෙම උනේ නෑ. ඉතින් මම හිතුව තව කෙනෙක්ට උදව්වක් කරලා සතුටු වෙන්න . අන්තිමට වැඩේ පටන් ගත්ත. මේකයි මට කරන ලොකුම උදව්ව. පුළුවන් නම් ජාවා ඉගෙන ගන්න අයට මෙහෙම දෙයක් තියනවා කියල දැනුම් දෙන්න . ගොඩක් අය දන්නෙ නැහැ මෙහෙම වැඩක් කරනවා කියල . බ්ලොග් ඒකට නාවත් youtube  එකේ හරි බලන්න කියන්න. අපිත් තවම ඉගෙනගන්න අය හින්ද එක දිගටම පාඩම් දාන්න වෙලාවක් නෑ. හිතේ තිබුනට වැඩ ගොඩ කරන්න විදියක් නෑ. ඒත් පුළුවන් උන ගමන් තව විවිධ පාඩම් මාලාවක්ම අපි ඉදිරිපත් කරන්නම්. අපේම වෙබ් සයිට් එකකුත් හදන්න අදහසක් තියනවා . යථා කාලයේදී ඒ ගැන හරියටම කියන්නම්. ඒ වගේම අඩුපාඩු තියනවනම් කෙලින්ම කියන්න. අපි තරහ නෑ . එහෙම කියන තරමට අපි සතුටුයි. එතකොටනේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. 

යෝජනා චෝදනා වලට අපි කැමතියි. ඒ හින්ද කොමෙන්ට් එකක් දාල ඒ ගැන කියනවනම් අපේ හිත වලටත් ශක්තියක් එනවා. මම දාන අනික් පෝස්ට් වලට නම් හිතෙන විදියක් කලාට කමක් නෑ. ඒත් පාඩම් ටිකට නම් ප්‍රතිචාරයක් දකින්න මම කැමතියි .

එහෙනම් මම යනවෝ... ( ඉල්ලපු දේ අමතක කරන්න එපා හොඳේ... )