Monday, January 30, 2012

ලොකු සර්

ඔන්න ඉතින් දැන් අවරුදු ගානකට ඉස්සෙල්ල O/L එහෙම කරලා ඉවර වෙලා A / L කරන්න කියල ඉස්කෝලෙට ගියා. මාස ගානක් ඉස්කෝලේ නොගිහින් ඉඳල ආපහු යනකොට මාරම ජොලියක් දැනෙනවනේ. එතකොට අපි තමයි හැමෝටම අයියල. අපිට සද්දයක් එහෙම දාල ලේසියෙන් බේරෙන්න බෑ. ඒ වෙනකොටත් අපේ විද්‍යා අංශයේ සර් කෙනෙක් ගැන අපිට දුසමාන ආරංචි දැනගන්න ලැබිල තිබුන. ආරංචියේ හැටියට නම් මිනිහ සැහෙන්න දරුණු කෙනෙක්. කාටවත් බය නැති , ඕනෑම එකෙක්ට කන පැලෙන්න ගහන ජාතියේ කෙනෙක් කියලයි කිව්වේ. ඒ තමයි ලොකු සර්. එයාට ලොකු සර් කියල කිව්වේ එයට තව මල්ලි කෙනෙක් හිටිය හින්ද. එයාට කිව්වේ පොඩි සර්. 


ඔන්න ඉතින් එක දවසක අපේ පන්තියේ maths කරන මිස් ඇවිත් නෑ. කාල සටහන බැලුවම අපිට ඉන්නේ ලොක්කා. මල කෙලියයි. මොනවා කොරන්නද මුල් දවස් වල හින්ද මිනිහ එනකම් පන්තියට වෙලා වාඩිවෙලා හිටිය. හරියටම බෙල් එක ගහපු ගමන් සර් පන්තියට ආවා. ඔන්න දැන් උගන්වනවා. අපිත් බයේ ගැහි ගැහි ඔක්කොම ලියා ගන්නවා. මුණ උස්සන්නේවත් නෑ මොකද බැරි වෙලාවත් ප්‍රශ්නයක් වත් ඇහුවොත් එහෙම. එදා නම් අව්ලක් උනේ නෑ යන්තම් ශේප් උනා. කොහොමහරි දවසක් ලොක්කා අපේ පන්තියට ගණන් වගයක් එවල තිබුන. කවුරුහරි ඒ ටික බෝඩ් එකේ දාල තිබුන. ඒ දවස් වල ක්‍රීඩා උත්සවේට ලෑස්ති වේවි හිටපු හින්ද ගණන් ටික ලියා ගන්න උනේ නෑ . ඊලග දවසේ පන්තියට අවට පස්සේ තමයි මතක් උනේ . මලා ජෝන් කිව්වලු. දැන් මොකද කරන්නේ ? ගොඩක් දෙනෙක් කරලා නෑ . දැන් කස්ටියටම හොඳ කෑමක් සෙට් වේගෙන තමයි එන්නේ.  


වෙනද වගේම සර් ආවා. පිටිපස්සේ ඉඳන් ගණන් ටික බලන්න පටන් ගත්ත. අපොයි දිගට හරහට කනේ පාරවල් වැදීගෙන එනවා. මම හිටියේ ඉස්සරහම පේලියේ. දැනටමත් බඩ පපුව පිච්චිලා ගිහින් ඉවරයි. අපේ පන්තියේ හිටිය වාසු කියල පොරක්. මිනිහ එල මීටරේ. ඒවගේම හෙන ජොලි . ඔන්න සර් වාසු ගාවටත් ආවා.
සර් : කෝ හැදුවද?
වාසු : නෑ සර්
සර් : ඒ මොකද?
වාසු : කම්මැලි හිතුන සර්
සර් ට පොඩි හිනාවක් ගියා. ඒ දවස් වල අපි දන්නේ නැනේ හිනාවේ තේරුම. අපිත් හිතුව දැන් නම් ශේප් කියල. " පටෝල්...." ගාල දුන්න නේද පාරක් අරු අන්දුන් කුන්දුන් උනා. ඊට පස්සේ බනින්න ගත්තේ නැතැයි හිටු කියල. මොනවා කරන්නද අරුත් සද්ද නැතුව බිම බලාගෙන හිටිය. දැන් මට කලන්තේ වගේ. කොහොම කොහොම හරි සර් මා ගාවටත් ආවා.
සර් : කෝ හැදුවද?
මම : නෑ සර්
සර් : ඒ මොකද ?
මම : ඊයේ අපි අක්කව බලන්න ගියා සර්. එනකොට ගොඩක් රෑ උනා.
සර් : අක්ක කොහෙද ඉන්නේ ?
මම : කරාපිටිය කැම්පස් එකේ සර්
සර් : මොනවද කරන්නේ?
මම : medicine සර් 

මිනිහ ටිකක් වෙලා බලාගෙන හිටිය. මට දැන් මොකක්ද කිව්වේ කියලවත් මතක නෑ. ටික වෙලාවකට පස්සේ මිනිහ කිව්වනේ ' වාඩිවෙනවා ' කියල. මට හිත ගන්න බැරිවුණා මොකද උනේ කියල. කොහොමහරි එදා නම් යන්තම් බේරුනා. මම කල්පනා කළේ එදා ඒ වගේ බොරු ගොඩක් මට කොහොම මතක් උනාද කියල. කොහොම උනත් පස්සේ කාලෙක ලොකු සර් ගෙන් කනේ පාරක් වැදුන .එක වෙනමම කතාවක්.
  

ඒ දවස් වල ලොකු සර් එනකොට කව්රුවත් පන්තියෙන් එළියේ එහෙම ඉන්නේ නෑ. ඒ වගේම තමයි රව්ල එහෙම හොදට කපල නැත්නම් සර් එනකොට කස්ටිය හැංගෙනවා. දැක්කොත් නම් කනේ පාරක් sure තමයි. එත් කොච්චර සැර උනත් කොච්චර ළමයින්ට ගැහුවත් ඒවා කවදාවත් මතක තියාගෙන හිටියේ නෑ. ඒ වෙලාවට විතරයි. ඒ හින්ද අපි හැමෝම සර් ට ගොඩක් ගෞරව කලා. අනික තමයි මොන වගේ ප්‍රශ්නයක් ආවත් සර් නිතරම ගත්තේ අපේ පැත්ත. අපි 13 වසරේ අන්තිම කාලේ ඉන්නකොට තමයි සර් විශ්‍රාම ගත්තේ. එදා තිබුන උත්සවේදී අපේ කොල්ලෙක් කතාවක් කලා. ඒ කතාවේදී කිව්වා සර්ගෙන් කනේ පාරක් කාවේ නැත්නම් ඉතින් ඒක හරියට හැඳි නොගා හදන හොද්දක් වගේ කියල. ඇත්තටම කියනවනම් කනේ පාරක් නොකා හිටපු එවුන් හිටියේ අතලොස්සයි. එකට නම් සර් ට ඇත්තටම හිනා ගියා. ඒ වගේ සර්ල දැන් හොයන්නත් අමාරුයි. මේ කතාව කියන්නේ ඒ සර් ට උපහාරයක් වෙන්නයි.
අපේ ලොකු සර් ට දීර්ඝායුෂ ලැබේවා............!
 

6 comments:

  1. අක්කා නිසා උඹ බේරුනේ.....

    ReplyDelete
  2. අපේ ඉස්කෝලේ නේ !

    ReplyDelete
    Replies
    1. අම්මෝ අපේ ඉස්කෝලේ කෙනෙක් අදුන ගන්න ලැබීමත් සතුටක්.

      Delete
  3. අනේ අපේ අක්කට දිවය ලෝක සැප සම්පත් ලැබෙන්න ඕන :D

    ReplyDelete
  4. දැනටත් අපිට හොඳින්ම මතකයේ තියෙන්නේ අපිට ගහලා හරි හදන්න හදපු ගුරුවරු මිසක් ..... ඕන එකක් කර ගනින් කියල හිතපු ගුරුවරු නෙවෙයිනේ ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත සහෝදරයා.......

      Delete