Saturday, February 11, 2012

මධු සමයට පෙර ....... භවතු සබ්බ මංගලම්....

මේ දිනවල බොහොම උණුසුම් විදියට කතා වෙන පුවතක්. එක්තරා ගායකයෙක් ගයන ගීතයක් හින්ද හිටි ගමන් ලොකු කැළඹීමක් ඇතිවෙලා. කට්ටියක් කියනවා හොදයි කියල තවත් කට්ටියක් කියනවා එක බුදු දහමට අපහාසයක් කියල. මෙතැනදී අපි දෙපැත්තක් ගැන හිතන්න ඕන වෙනවා. එකක් තමයි ගායකයාගේ අරමුණ. අනෙක තමයි සමාජ මතවාද. අපිට සමාජයෙන් වෙන්වෙලා ඉන්න බෑ.ඒ හින්ද වැඩි අවධානයක් ඒ දිහාවටත් යොමු කරන්න වෙනවා. නෙත් fm නාලිකාවේ බැලුම්ගල කියන වැඩසටහනෙත් මේ ගැන කතා උනා. 

සාමාන්‍යයෙන් අපි ආගමික කරුණු සහ එයට සම්බන්ද දේවල් ගන්නේ ආගමික ගීයක් ගයනකොට විතරයි. එය සාමාන්‍ය දෙයක්. මොහිදීන් බෙග් ගයන කරපු "බුද්ධං සරණන් ගච්චාමි " කියන සින්දුව එකට හොඳම උදාහරණයක්. ඒ වගේම අනෙකුත් ආගම වල ගයන ගීතත් ඕන තරම් තියනවා. නමුත් මේ අවස්ථාව ඊට හාත්පසින්ම වෙනස්. මේ වෙලාවේ නම් එය යොදාගෙන තිබෙන්නේ හුදෙක් ගීතයේ තාත්වික බව ඉස්මතු කිරීමට කියලයි ගායකයා නම් කියන්නේ. මේ සම්බන්දයෙන් එක එක කෙනා එක එක ඒවා කියනවා. නමුත් මට නැගුන ගැටලුව මේකයි. හදිසියේ හෝ යම් පුද්ගලයෙක් ශුද්ධ වූ බයිබලයෙන් හෝ අල් කුරානයෙන් හෝ යම් කොටසක් උපුටල අරගෙන ගීතයක් ගැයුවා නම් මොනවා වෙන ඉඩ තියේවිද? (මිට කලින් ඉස්ලාම් දහමට සම්බන්ධ ගීතයක් තහනම් උනා . හේතුව ඉස්ලාම් ඇඳුමක් ඇඳගෙන සිටීම. ) එහෙම උනා නම් සින්දුව කියන්න නෙමෙයි සමහරවිට ජිවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙන්න ඉඩ තියනවා.  

නිදහස කියන එක යුතු ලෙස පාවිච්චි කිරීම වැරදියි. බුදු දහමේ තියන නිදහස හින්ද මේ දේවල් උනාද කියලත් හිතෙනවා. අනික තමයි තවමත් බෞද්ධයින් මෙවැනි දේවල් සම්බන්ධයෙන් තැකීමක් නොකිරීම. නමුත් වර්තමානයේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම කිසිම තැකීමක් කරන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නත් බෑ. මේ ගායකයාගේ අනික් සින්දු ගැන කියනවනම් ඇත්තෙන්ම හොදයි. විවිධ ආකාරයේ ගීත මොහු ගායනා කරලා තියනවා. ඒත් මේ වගේ ආගමික කරුණු සිංදුවකට යොදා ගන්න කලින් ටිකක් හිතනවානම් ගොඩක් හොඳයි. ගැරහීමක් ගැන කිසිම අදහසක් නොතිබුනත් අපි ජිවත් වෙන සමාජය ගැනත් හිතන්න වෙනවා.
(මිනිසා සමාජ සත්වයෙකි කියල කව්දෝ කියල තියනවලු. :P )