Saturday, February 11, 2012

මධු සමයට පෙර ....... භවතු සබ්බ මංගලම්....

මේ දිනවල බොහොම උණුසුම් විදියට කතා වෙන පුවතක්. එක්තරා ගායකයෙක් ගයන ගීතයක් හින්ද හිටි ගමන් ලොකු කැළඹීමක් ඇතිවෙලා. කට්ටියක් කියනවා හොදයි කියල තවත් කට්ටියක් කියනවා එක බුදු දහමට අපහාසයක් කියල. මෙතැනදී අපි දෙපැත්තක් ගැන හිතන්න ඕන වෙනවා. එකක් තමයි ගායකයාගේ අරමුණ. අනෙක තමයි සමාජ මතවාද. අපිට සමාජයෙන් වෙන්වෙලා ඉන්න බෑ.ඒ හින්ද වැඩි අවධානයක් ඒ දිහාවටත් යොමු කරන්න වෙනවා. නෙත් fm නාලිකාවේ බැලුම්ගල කියන වැඩසටහනෙත් මේ ගැන කතා උනා. 

සාමාන්‍යයෙන් අපි ආගමික කරුණු සහ එයට සම්බන්ද දේවල් ගන්නේ ආගමික ගීයක් ගයනකොට විතරයි. එය සාමාන්‍ය දෙයක්. මොහිදීන් බෙග් ගයන කරපු "බුද්ධං සරණන් ගච්චාමි " කියන සින්දුව එකට හොඳම උදාහරණයක්. ඒ වගේම අනෙකුත් ආගම වල ගයන ගීතත් ඕන තරම් තියනවා. නමුත් මේ අවස්ථාව ඊට හාත්පසින්ම වෙනස්. මේ වෙලාවේ නම් එය යොදාගෙන තිබෙන්නේ හුදෙක් ගීතයේ තාත්වික බව ඉස්මතු කිරීමට කියලයි ගායකයා නම් කියන්නේ. මේ සම්බන්දයෙන් එක එක කෙනා එක එක ඒවා කියනවා. නමුත් මට නැගුන ගැටලුව මේකයි. හදිසියේ හෝ යම් පුද්ගලයෙක් ශුද්ධ වූ බයිබලයෙන් හෝ අල් කුරානයෙන් හෝ යම් කොටසක් උපුටල අරගෙන ගීතයක් ගැයුවා නම් මොනවා වෙන ඉඩ තියේවිද? (මිට කලින් ඉස්ලාම් දහමට සම්බන්ධ ගීතයක් තහනම් උනා . හේතුව ඉස්ලාම් ඇඳුමක් ඇඳගෙන සිටීම. ) එහෙම උනා නම් සින්දුව කියන්න නෙමෙයි සමහරවිට ජිවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙන්න ඉඩ තියනවා.  

නිදහස කියන එක යුතු ලෙස පාවිච්චි කිරීම වැරදියි. බුදු දහමේ තියන නිදහස හින්ද මේ දේවල් උනාද කියලත් හිතෙනවා. අනික තමයි තවමත් බෞද්ධයින් මෙවැනි දේවල් සම්බන්ධයෙන් තැකීමක් නොකිරීම. නමුත් වර්තමානයේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම කිසිම තැකීමක් කරන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නත් බෑ. මේ ගායකයාගේ අනික් සින්දු ගැන කියනවනම් ඇත්තෙන්ම හොදයි. විවිධ ආකාරයේ ගීත මොහු ගායනා කරලා තියනවා. ඒත් මේ වගේ ආගමික කරුණු සිංදුවකට යොදා ගන්න කලින් ටිකක් හිතනවානම් ගොඩක් හොඳයි. ගැරහීමක් ගැන කිසිම අදහසක් නොතිබුනත් අපි ජිවත් වෙන සමාජය ගැනත් හිතන්න වෙනවා.
(මිනිසා සමාජ සත්වයෙකි කියල කව්දෝ කියල තියනවලු. :P )
 

12 comments:

  1. වෙඩිමකදී ජයමංගල ගාථ කියන්නේ එකතුවෙන දෙන්නට ආශීර්වාද කරන්න යුග දිවිය සදහා (අලුත් ජීවිතයක් ආරම්භ කරන නිසා ) ... නැතුව අරක කරන්න ආශීර්වාදයක් නෙව්ය්

    ReplyDelete
  2. පහුගිය ටිකේ තිබ්බේ ලිංගික කේස්..දැන් මේං ආගං කෙස් එකක්.....

    ReplyDelete
  3. දැන් ගයාන්ගේ තිරිසන් කණ්ඩායම එලියට බැහැලා ඇවිත් ඔන්න ගයාන්ව සුද්ද කරනවා....
    අපි මේකෙන් අන්‍යාගමිකයෙක් කිව්වා කියන එක පැත්තකින් තියමු.

    නියම දේ වෙන හානිය බලමු..

    1. “සබ්බ ධම්මානු භාවේන“ කියනකොට මේ හොරිකඩයා දත්මිටි කාගෙන ලීඩ්/ බේස් ගිටාර් අරන් මළ පෙරේත පෙරේරා ස්න්නියඅ අවේස වෙලා වගේ හැසිරෙන එක

    2. ගාථාව නිස්කංලකව භාවිතා කරනු වෙනුවට අනවශ්‍ය වාදන මතින් වාදනය කිරීම,

    3. මෙය චෝදනාව පිලිබද ගයාන් කීවේ අදාලව දැරියන් ලවා එය ගායනා කරවූ බවකි.. නමුත් එහි අන්තර්ගතය වනනේ දේවාල කපුවෙකු ගේ හඩක්... මෙහි සත්‍ය අසත්‍ය තාවය බැලුවාද?

    4. කලකට ඉහත අපේ බුදුන් ට අගෞරව කිරීමට බුදුන් ගැන විහිලු කතා කීමට බෞද්ධ ලමුන් කූට ලෙස පෙළඹවූ (ඔබට මතක නම් “ පෙරුම් පුරා තාප්පයට කෙලියා..“ වැනි ) බෞද්ධයන් අපහසුතාවයට පත් කරන ක්‍රියාවලියක ආරම්භය මෙය විය හැකිද?

    5. අද ජය මංගල ගාතා.. හෙට ? අනිත් බෞද්ධ දේවල්...

    6. දැනටමත් කතොලික පල්ලි මේවා විකෟති කර ඔවුන්ගේ පද යොදා සදා ඇති කාලෙක...

    7. අවසන් වශයෙන් බෞද්ධයෙකු වශයෙන් මේවා ගැන ප්‍රශ්න කිරීමට\ කතිකා කිරීමට බෞද්ධයන්ට බැරිද?

    7.a;. එයත් ක්‍රිස්තියානින්ටම පැවරිය යුතුද?

    මේවාට ඔබ එකගද?

    දරුවන් පිටරැටියනට විකිණූ පල්ලිය දැන් වැඩ අරඔා ඇත... බෞද්ධයිනි නැගිටිනු!!!!

    ReplyDelete
  4. සින්දුව ලියන කෙනා මීට වඩා ටිකක් හිතුවනම් මෙහෙම වෙන්නේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. සින්දුව ලියපු කෙනා නෙවි නේ background music දාන්නේ

      Delete
    2. ලියන කෙනා නේද සින්දුව ගැන වගකියන්න ඕන ?

      Delete
    3. සින්දුව ලියන කෙනා කොහෙද මහත්තයෝ music දාන්නේ.... එයා වගකියන්න ඕනි තමන් කරපු දෙකට නේ

      Delete
    4. මම කියන්නේ ඒ වගේ දෙයක් සින්දුව ලියනකොට නොදා හිටිය නම් අව්ලක් වෙන්නේ නෑ කියල. music වල නම් අව්ලක් නෑ හොදට තියනවා.

      Delete
  5. //“භවතු සබ්බ මංගලං .....” බුද්ධ භාෂිතයක් නොවේ. පාහර දේශපාලුවන්ට සෙත් පැතීමටද නිරන්තරයෙන්ම යොදා ගනු ලැබෙන මෙය භාවිතා කිරීම නිසා බුද්ධ ධර්මයට, ශාසනයට අබ මල් රේණුවක තරම් හානියක් නොවේ.//

    රට, ජාතිය, ආගම ගැන මේ කැක්කුම තම මඩිය පුරවා ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. රට ජාතිය ගැන කැක්කුමක් නැත්නම් ඒකා කළු සුද්දෙක් විය යුතුයි. අලුත්ම ප්‍රවනතාව තමයි මේ. යමක් ගැන අදහසක් ප්‍රකාශ කලාම ඒක රට ජාතිය ආගම ගැන කක්කුමක්ය කියල මඩිය පුරෝගන්නවා කිව්වම ඔක්කොම හරියයිද? බුද්ධ භාෂිතයක් නොවුන පලියට ඕන දෙයක් තමන්ට ඕන විදියට පාවිච්චි කිරීම සුදුසුද?
      ලිපියේ තියන අදහස තේරුම් ගන්න උත්සහ කරන්න.

      Delete