Friday, April 20, 2012

අවුරුදු කෑම සහ සාක්කුව

දැන් ඉතින් අවුරුද්දකුත් ගෙවිල ගියා. එහෙම එකක් තිබුනද කියලවත් දැනුනේ නෑ. එහෙන් මෙහෙන් නැකත් වෙලාවට වෙඩි සද්දයක් දෙකක් ඇහුන .එච්චරයි. අනික මේ පාර කන්න තිබුනෙත් මහා අන්තිම සවුත්තු වෙලාවක. වෙනදට උයාගන්න වෙලාවක් වත් නෑ .එකට මේ පාර පැය තුනක්ම තිබුන උයන්නත්. ඉතින් මොනවා කරන්නද නොනගතේ ලබපු වෙලාවේ ඉඳන් නොකා නොබී හිටිය. කන වෙලාව එනකොට හොඳ ගණන්. ඉතින් බඩ පැලෙන්න කෑවා.


හැබැටම දැන් ඉස්සර වගේ අවුරුද්ද කියන එක කිසි විනෝදයක් නෑ කියල හිතෙනවා. මම පොඩි කාලේ අවුරුද්දට කරන්න කොච්චර නම් වැඩ තිබුනද. එත් දැන් පොඩි එවුන්ට එහෙම පිනක් නෑ. මොනවා කරන්නද කාලේ හැටි තමා. මේ ටික කාලෙට ලෝකේ සැහෙන්න වෙනස් වෙලා. එක නවත්තන්න පුළුවන් කමකුත් නෑනෙ. 


හැමෝම කියනවා දැන් අවුරුද්ද සමරන්න සල්ලි කොයින්ද කියල. ඇත්ත තමා මේ කාලේ බඩුත් ගණන් අතට හම්බ වෙන ගාණත් අඩුයි. කොච්චර කොහොම උනත් අවුරුද්ද කිට්ටුව town එකේ ඇවිදින්නවත් බෑ ඒ තරමටම සෙනග. ඉතින් මේ අයමද සල්ලි නෑ කියන්නේ කියල අපිටත් හිතෙනවා. කඩවල් වල මිනිස්සු පිරිලා. ඒ මදිවට සමහර පාරවල් වල bike එකේ වත් යන්න බෑ. සල්ලි නෑ කියල මේ මිනිස්සු මොන තරම් බොරු කියනවද? 

ඇත්ත කතාව මේකයි. ඉස්සර ඉඳන්ම අපි අලුත් අවුරුද්ද කියන එක බොහොම ඉහලින් සමරනවා. කොච්චර අමාරු කම් තිබුනත් තියන ටික ඔක්කොම හරි වියදම් කරලා ඇඳුම් ගන්නවා. අලුත් හට්ටි මුට්ටි ගන්නවා. නෑදෑ ගෙවල් වල යට තෑගි ගන්නවා. හරිම පුදුම සංස්කෘතියක්. ලෝකේ වෙන රටවල දකින්න නැති දෙයක් තමා මේක. අවුරුද්දේ කාලයක් තිස්සේ තරහ වෙලා හිටපු ය ඒවා ඔක්කොම අමතක කරලා අයිමත් යාලු වෙනවා.

කොහොමින් කොහොම හරි මේ කාලේ වැඩිපුරම වෙන්නේ සාක්කුවට තට්ටු වෙන එක තමා. දැන් තියන අරුමෝසම් බදු ගන්න ගියාම උණ හැදෙනවා ගණන් ඇහුවම. අවුරුද්ද ඉවර වෙනකොට හොඳටම හන්ටර් වෙලා තමා නවතින්නේ. ඉතින් මාසයක් දෙකක් යනකම් හිඟන්න වගේ ජිවත් වෙනවා අනුන්ට නොපෙනෙන්න. නමුත් වැඩිය වියදම් නොකර අලුත් අවුරුද්ද කියන එකේ සැබෑ අරුත වටහා ගන්නවා නම් එක තමා ලබන්න පුළුවන් හොඳම සතුට. තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවී ජිවත් වෙන්න මේ අවුරුද්දෙවත් හිතට ගන්න ඕන. 

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා............!



 

2 comments:

  1. අම්මපා දර්ශන කොලුවෝ, උබේ කටේ කැවුමක් වටින අදහස් ටික.ඒත් මේවා උබ කිව්වයෑ ලීවා මිසක.කැවුමක් කටේ දාන එක තේරුමක් නෑ වගේ නේද.ලංකාවට ආවම කෙසෙල් ඇවරියකුත් ඇන්න එන්නම්කෝ සයිබරේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. එන්ඩකෝ එන්ඩකෝ ජයවේවා එහෙනම්.... :D

      Delete