Tuesday, May 8, 2012

දන්සල් වැඳීම

මේ පාරත් වෙසක් උත්සවේ ඉවරවෙලා ගියා. වෙසක් කුඩු හැදුවා පහන් පත්තු කලා තොරන් හැදුවා යනාදී වශයෙන් එකී මෙකී නොයෙක් වැඩ කලා . සමහර කට්ටිය දන්සලුත් දුන්න.  කොහොම කොහොම හරි වෙනද වෙසක් වලට වගේම මේ පාරත් මම තව අඳුනන අයිය කෙනෙක් එක්ක බයිසිකලේ සෙට් කරගෙන ලැහැස්ති උනා දන්සල් වඳින්න යන්න. මුලින්ම සෙට් උනේ මන්යොක්ක දන්සලක්. උදේටත් කලා හිටියේ නැති හින්ද එකෙන් හොදට කෑවා  බඩ පිරෙන්නම. දන්සල් තිබුනට බඩ පිරෙන්න කන්න තියෙන්නේ ඒ වගේ දන්සල් වලින් විතරනේ. වැඩි හරියක් තියෙන්නේ සිසිල් පැන් දන්සල්. අත්දැකීම් තියන හින්ද හොඳට කෑවා. 

දැන් ඉතින් යනවා යනවා ඉවරයක් න.දන්සල් හම්බ වෙන්නෙත් නෑ. අපි දෙන්නටම දැන් මාර ප්‍රශ්නේ. අයි ඉතින් වෙනදට සාමාන්‍යයෙන් දන්සල් 7ක් 8 ක් සෙට් වෙලා ඉවරයි. අපි හිතුව අපි වෙසක් කියල වෙන දවසක එලියට බැස්සද දන්නෙත් නෑ කියල. ඔන්න හිතුව විතරයි හම්බ උනා එකක්. බැලින්නම් එක මන්යොක්ක දන්සලක්. ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියල ඒකෙන් කෑවා. ඉති අයිමත් යනවා යනවා ඉවරයක්ම නෑ. කොහොමින් හරි ගොඩකවෙලටම ගියා. සුප් දන්සලක් විතරයි මගදී හම්බ උනේ. බත් දන්සල් තිබුනට ඒවායින් කන්න නම් හැතැප්මක් විතර දිග පෝලිමක ඉන්න ඕන. ඒ හින්ද ඒවා දිහා බැලුවේ වත් නෑ. 


මගේ හොඳ යාලුවෙක් ඉන්නවා ගොඩකවෙල. ඉතින් එහෙත් ගිහින් ටිකක් වෙලා කතා කර කර ඉඳල අපහු එන්න පිටත් වෙන්න හදනකොට දැක්ක තවත් එහාට වෙන්න දන්සලක් තියනවා. කෝකටත් කියල ගියා බලන්න. හරිම සන්තෝසයක් දැනුන එක දැකල. එකත් මන්යොක්ක දන්සලක්. ඒකෙන් කන්නේ නැතුව ආපහු හැරුන. කිරිඇල්ලේ අපේ අයිය කෙනෙක් දන්සලක් දෙනවා කියල ආරංචියක් ඇවිත් තිබුන. එකටවත් ගිහින් බලනවා කියල හිතාගෙන එන්න පිටත් උනා. මෙන්න බොලේ එනකොට තවත් මන්යොක්ක දන්සලක්. දැලට කලා හිටපු නැති හින්ද දවල්ටත් මන්යෝක්කම කෑවා. ඊට පස්සේ ගියා කිරිඇල්ලේ. යනකොට එකත් ඉවරවෙලා. 

ඔන්න ඔහොම තමා මේ පාර අපි දන්සල් වැන්දේ. මන්යොක්ක වලින්ම දවසම ගොඩ දැම්ම අන්තිමට. :D
 

8 comments:

  1. මඤ්ඤොක්කා කියන්නේ කොච්චර හොද කෑමක්ද....

    අන්තිමට ගෙදර ඇවිත් හිතුවේ එහෙමලු :)

    ReplyDelete
  2. ගෙදර ඇවිල්ල කිවේ බඩ පැලෙන්න කෑවා කියල. කෑවෙ මොනවද කියල කිව්වේ නෑ :D

    ReplyDelete
  3. දන්සැල් වැදිල්ලත් කලාවට කරන්න ඕන දෙයකත්. එකසැරයක් අපි 4දෙනෙක් අනුරාධපුරේ ඉදල බයික්වල ගියා තන්තිරිමලේ. දවල් කෑමට දන්සල් 5කට ගියා. මේ සැරේ අපේ කිට්ටුව තිබුන කොස් තම්බල දෙන දන්සලක්. එකෙක් කනව මාර කෑමක් ඒත් උගේ ගෙදර කොස් තියනව කන්න බැරි තරම්. :-)

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමා. තියනකොට අගයක් නෑ කියන්නේ ඒකනේ....

      Delete
  4. ඔක්කොම එක්ක මඤ්ඤොක්කා දෙන්නේ දැන් මඤ්ඤොක්කා ගණන් සතේට බැහැලද :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා. බත් වෙනුවට මඤ්ඤොක්කා කල තමා ඉන්න වෙන්නේ ඉස්සරහට. :D

      Delete
  5. kanna aasai maniocca.. kaapu kalayak mthka na,....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින් දුක තමා :P

      Delete