Tuesday, May 15, 2012

අපායටම පලයන්..

හප්පා මේ වගේ කාලකන්නි දවස් ටිකක් සෙට් උනේ නෑ මතක ඇති කාලෙකින්. කරන්න වැඩකුත් නෑ. කොහෙවත් යන්න විදියකුත් නෑ. එක්කෝ මොනවත් වැඩක් සෙට් වෙන්න ඕන. එහෙම නැත්නම් පැට්‍රොල් මිල අඩු වෙන්න ඕන ඇවිදින්න යන්නවත්. මුණු බුකියේ යන්නත් කම්මැලි. කියල වැඩක් නෑ අප්පා තනි ඇහැට ඇඩෙනවා. ලියන්න තරම් දේකුත් උනේ නෑ මේ දවස් ටිකේම. වෙසක් පහු වෙලා බක්ති ගීත ප්‍රසංගයකට තබ්ලා ගහන්න ගිය ඊට පස්සේ මොනවත් නෑ. මෙහෙම ගියොත් නම් කම්මැලිකමේ මැරිලා යන්න තමා වෙන්නේ. 


පාඩම් කරන දවස් වල නම් කරන්න අනම් මනම් වැඩ කොච්චර නම් තිබුනද. ෆිල්ම් බලන්නද ගමන් බිමන් යන්නද වැඩ කෝටියයි. එත් ඒවා කරන්න වෙලාවකුත් නෑ. දැන් ඕන තරම් වෙලා තියෙනවා ඒවා එකක්වත් කරන්න වත් හිතෙන්නෙත් නෑ. ෆිල්ම් නම් අප්පිරියයි. game ගහන්නත් බෑනේ දැන් තියන ඒවාට අම්බානකට VGA ,RAM ඉල්ලනවා. මිට පස්සේ නම් මෙහෙම නිවාඩු එපා අයියෝ.... මෙහෙම කම්මැලි කමෙන් ගෙවුන කාලයක් මට නම් මතක නෑ.


මගේ දුක් ගැනවිල්ල ඉවරයි.  :(

9 comments:

  1. මට මේ බ්ලොග් එක අහම්බෙන් අහු උනා ඔන්න මාත් මේ පැත්තේ ආවා...:)
    අයියෝ අපිට මේ නිවාඩු නැතුව දුක් විදිනවා එත් මෙයාලාට නිවාඩු ලැබිලත් අඩනවා..හැබැයි ඉතින් නිවාඩු තියෙද්දී මුකුත් කරන්න දෙයක් නැති උනාම එපා වෙනවා නම් තමා..අහෝ දුකකි ඉරකි තිතකි...:(

    ReplyDelete
  2. නිවාඩුවක් නැති කොට නිවාඩුවක් එනකම් බලන් ඉන්නවා. ආවම කරන්න දේකුත් නෑ.. ඕන මටත් වෙල තියෙනවා..

    ReplyDelete
  3. අපිටමනෙ වෙන්නේ හැමදේම......ඉස්සරහට නම් හුස්ම ගන්නවත් බැරිවෙන තරමට වැඩ සෙට් වෙන එක තමයි අව්ලකට තියෙන්නේ

    ReplyDelete
  4. කාලෙකින් ආවේ බං මේ පැත්තට.උබට පාලුයිලු නේද...? එහෙනම් වරෙන් මේ පැත්තේ.මොනවා හරි කරමු. ජය...!

    ReplyDelete
    Replies
    1. එන්නම් එන්නම් දැන් නම් අපායට උනත් යන්න පුළුවන් ;)

      Delete
  5. මටත් ඔය දේම තමයි කියන්න තියෙන්නේ... ගෙදර ඉඳලා පිස්සු හැදෙන්න තව දශමයයි ඉතුරු වෙලා තියෙන්නෙ.

    කොහොමත් ඉතින් අපි එක බෝට්ටුවෙනෙ... හි හි..

    ReplyDelete
    Replies
    1. එක වගේම පිස්සෝ හම්බ උනාම පිස්සු ඩබල් වෙනවලු...

      Delete
  6. niwaduwk labunama ekata baninne natuwa hodata enjoy krnawko...apita natuwa nahenwa... aye kawda labeida danne nane..

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් අපි වගේ පුළුවන් තරම් පවු කොරන්න ඕන හික් හික්

      Delete