Tuesday, May 29, 2012

ආදරය = සිරගෙය ???



හ්ම්ම්ම් ආදරය ඇත්තෙන්ම සුන්දරයි. සමහර වෙලාවට බොහොම අහිංසකයි. සමහර වෙලාවට කුණාටුවක් වගේ. ඔක්කොම පෙරලගෙන උඩු යටිකුරු කරගෙන යනවා. එත් ගොඩක් වෙලාවට ඇත්තටම ආදරය කරන දෙන්නෙක්ට නම් ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම අත්දැකීම් ගොඩක් හම්බ වෙනවා. ඒත් බැරිවෙලාවත් ආදරය වයිරයකට හැරුනොත්? එතකොට නම් ඉතින් බඩු බනිස් තමා. :P


අපි කාටවත් ආදරය නැතුව ජිවත් වෙන්න බෑ. සමහර වෙලාවට අපිට ආදරය කරන කෙනෙක් ගෙන් වෙන් වෙන්න උනාම හිතෙනවා මට නම් මිට පස්සේ ආදරේ කරන්න ඕන නෑ එහෙම හිතෙන එකකුත් නෑ කියල. ඒත් කොච්ච‍ර එහෙම හිතුනත්  ඒක කවදාවත් ඇත්ත නම් වෙන්නේ නෑ. ඒ මොකද අපේ ජිවිතයට ආදරය කියන එක බද්ද වෙලා තියෙන්නේ හරියට ගහට පොත්ත වගේ. ඒක වෙනස් කරන්න උත්සාහ ගත්තට වැඩක් නෑ. මේ උත්තරීතරයි කියන ආදරය ඇත්තටම එහෙමද ? ආදරය හැම වෙලාවේම ගොඩක් ලස්සනද? එකේ අවලස්සන පැත්තක් නැද්ද ? හැමෝටම ආදරය කියල දැනෙන්නේ එකම දේද ? එහෙමත් නැත්නම් අපි ආදරය කරනවා කියල කරන්නේ හොඳ දෙයක්ද එහෙමත් නැත්නම් නරක දෙයක්ද ? 

මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න ඔලුවට එනවා ඒක වචනයක් හින්ද. පුදුමත් හිතෙනවා. ඒත් ආදරය කියන්නෙත් ඒක අතකට පුදුම හිතෙන දෙයක් තමයි. ආදරය කරන කෙනෙක්ගේ  වචනයකට පුළුවන් මිනිහෙක් හොඳ කෙනෙක් කරන්නත් ඒ වගේම අන්තිම ජරා මිනිමරුවෙක් කරන්නත්. ඒක අතකින් බැලුවොත් ආදරය හරිම ආත්මාර්ථකාමියි. හිතල බලන්න ඔයා කොල්ලෙක් නම් , තමන්ගේ පෙම්වති වෙන කොල්ලොත් එක්ක හිනා වේවි කතා කර කර ඉන්නවා බලාගෙන ඉන්න පුලුවන්ද ? ඔයා කෙල්ලෙක් නම් , තමන්ගේ පෙම්වතා වෙන කෙල්ලෙක් එක්ක පාරේ ඇවිදගෙන යනවා බලාගෙන ඉන්න පුලුවන්ද? එහම හිතනකොටත් සමහර යට කේන්ති යනවා නෙහ් ? :P

දෙන්නෙක් ආදරය කරනකොට ඇත්තටම ඒ දෙන්න ඉන්නේ හිරගෙවල් වල නෙමෙයිද ? තමන් ඉස්සර කරපු පිස්සු වැඩ කරන්න විදියක් නැතුව කොල්ලෝ තැවෙනවා. ඉස්සර හිටිය වගේ නිදහසේ , තමන්ට කැමති ඇදුමක් ඇඳගෙන , තමන්ට කැමති කෙනෙක් එක්ක කතා කරකර ඉන්න නැති ඒක ගැන කෙල්ලෝ තැවෙනවා. මම කියන්නේ බොරු නෙමෙයි කියල මේක කියවන හැමෝම දන්නවා ඇති කියල මම හිතනවා. නමුත් මේක ආදරයද ? නිදහසේ කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ හිටපු අය එක පාරටම දම්වැල් දාල බැඳලා දැම්ම වගේ. වෙන කව්රුවත් නෙමෙයි ඒ දෙන්නමයි. අනේ ඇත්තට මොන විකාරයක්ද කියලත් හිතෙනවා. ආදරය කරන ගමන් නිදහසේ ඉන්න බැරිද හැබෑටම ? 

මම හිතනවා ඔයාල ගේ අදහස් අරගෙන මේ ලිපියට උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙයි කියලා . ඒ හින්ද ඔයාලගේ අදහස් පහලින් කුරුටු ගාල යන්න පුළුවන් විදියකට.




 



12 comments:

  1. ආදරය කියන්නෙ ආශාවේ අතුරුමුහුනතක්...ඒක අපිට යමක් කෙරෙහි ඇතිවන සුවිශේෂිතාවය විදියට දක්වන්න පුලුවනි...

    ReplyDelete
  2. ඔය වගේම දෙයක් මටත් මේ ලගදි හිතුනා..
    ආදරයේදි අවබෝධය අත්‍යවශ්යම දෙයක්...

    ReplyDelete
    Replies
    1. අවබෝධයක් නැති තැන ආදරයක් ඉතුරු වෙන්නේ නෑ. ස්තුති වේවා

      Delete
  3. ආදරේ කියන්නේ බැද ලග තබා ගැනීමක් නෙමෙයි.. ඔය නීති රීති වලට යට උනාම ගොඩක් කල් ආදරයක් තියෙන්නේ නෑ.. ආදරේදි නිදහස තියෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා දැකල තියන හින්ද තමයි මේක ලියන්න හිතුනේ..

      Delete
  4. හ්ම්ම්ම් අවබෝදයෙන් තොර ආදරය ගිනි ගොඩක ඉන්නවා වගේ අත්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
  5. // ආදරය = සිරගෙය //

    නැහැ නේද?
    ආදරයට විවිධ ස්වරූප තියනව. ඒ හැම එකක්ම සිරගෙවල් නෙවෙයි නේ. ඔබ අදහස් කරන්නෙ ප්‍රේමයෙන් වෙළුණු දෙදෙනෙකුගෙ ආදරය ගැන නම්, එතනදිත් ඕක වැරදියි. මොකද යාළුව ඔයා කියපු ලක්‍ෂණ තියන කපල් එකක් අතර තියෙන්නෙ වැඩිපුරම තණ්හාව හා ඊර්ශ්‍යාව. නියම ආදරයක් තියන, ආදරය හඳුනගත් අයට අනිවාර්යෙන්ම එකිනෙකාව විශ්වාසයි.
    ඔය කතාව මෙහෙම කිව්වනම් සාධාරණයි,

    “විවාහය = සිරගෙය“

    ReplyDelete
    Replies
    1. මගේ මාතෘකාව යන්නෙත් ඔය පැත්තට වගේ තමා

      Delete
  6. මට එපා ආදරේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. මම නම් හිතන්නෙ සහෝ ඇත්තම ආදරයක් නම් ඒක වෛරයකට පෙරලෙන්න විදියක් නැහැ කියලයි. මොකද ආදරයට කියන තවත් නමක් තමයි පරිත්‍යාගය...

    ReplyDelete
  8. ම්ම්ම්....ඔය කියපු විදියේ දෙන්නෙක් ළඟ ආදරයක් නම් තියෙන්න බෑ

    ReplyDelete
  9. ආදරය හරියටම අර්ථ දක්වන්න පුලුවන්ද ?

    ReplyDelete