මේක ලියන්නේ මම පරණ සින්දු අහන්න හරි කැමති හින්ද. තවත් හේතුවක් තමයි මට සෝමතිලක ජයමහ ගේ ඔරිජිනල්ම ඇල්බම් එකක් හම්බ උන හින්ද. මේ එක දැන් 4
වෙනි පාරටත් අහන ගමන්. මේක කොහොමද මාතෘකාවට අදාල වෙන්නේ කියල සමහරු බලයි.
බලාගෙන යන්නකෝ ඉස්සරහට.
එක එක්කෙනා කැමති සංගීත ආකාර තියනවා. සමහර අය කැමති පරණ සින්දු වලට. (මම
වගේ ;) ) තවත් සමහර අය කැමතියි අලුත් තාලෙ සින්දු වලට. ඒ අතරේ ඉන්නව තවත් අය
බොහොම කනට කරදරයක් නැති සින්දු වලට කැමති කට්ටිය. මේ අය ගැන ඉතින් ගොඩක්
දෙනෙක් දන්නවනේ. එයාල ගැන නම් නෙමෙයි මම අද ලියන්න යන්නේ. ලංකාවේ බොහෝ
දෙනෙක්ට බස් වල යනකොට බොහොම (අ)මිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
ඒ තමයි ටකරන් සංගීතය. මම හිතන විදියට අපි හැමෝටම මේ සිද්දිය වෙලා ඇති.
බලන්න ගොඩක් බස් වල යද්දී නැගෙන ඒ ඉමිහිරි හඬ ගැන ? සින්දුව කෙසේ වෙතත් චාස් චාස් ගාල සද්දයක් නම් එනවා. හරියට කනට මී පැණි වක්කරනවා වගේ. ඒ තරම් අහගෙන ඉන්න හිතෙනවා. මේ වගේ වාසනාවක් තවම හම්බ වෙලා නැත්නම් එහෙම දැන්මම ගිහින් දුර ගමන් යන බස් එකකට නගින්න. ඇත්තටම මොකක්ද මේකේ තේරුම ? ඇයි බස් එකේ යන මගියන්ට මෙච්චර ආදරෙන් සලකන්නේ ? කොච්චර ආදරේද කියනවා නම් මේ අය වැරදිලාවත් අර්ථයක් තියන සින්දුවක් එහෙම දාන්න කැමති නැහැ. දාන්නෙම ඉමිහිරි ටකරන් සංගීතය විතරයි. වැඩේ කියන්නේ ටකරමට ගහ ගහ සින්දු කියන අති දක්ෂ ගයකයොත් ඉන්නවනේ අපේ රටේ.
අනේ අම්මප මොකටද මගේ කට කිව්වලු ....!