Friday, June 8, 2012

දන්සැල් වැඳීම 2 කොටස

ඔන්න ඉතින් පොසොන් පෝයත් ඉවර උනා. වැඩ ගොඩක් හිර වෙලා තිබුනත් එදාට කරන්න තිබුන වැඩ නම් එකක් වත් මග අරින්න සිද්ද උනේ නෑ වාසනාවට. අපේ එකෙක් ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නවත්තල. ඉතින් ඔක්කොටම කලින් උදේම 6 30 ට විතර ගියේ ඒකව බලන්න. ඌ යසට ඉන්නවා. ඩෙංගුත්  නෑ මුකුත් නෑ. ඉතින් මිනිහත් එක්ක අනම් මනම් කතා කර කර ඉඳල 7 30 විතර වෙනකොට මගේ යාළුවගේ ගෙදරට ආව. කතා වෙලා තිබුන හැටියට වන්දනාව ආරම්භ කරන්න තිබුනේ 10 ට විතර. මම යනකොටත් මිනිහ හොදට ගොර ඇද ඇද බුදි. කොම් එක on කරලා තිබ්බ හින්ද එකේ තිබුන ගේම් එකක් ගහන්න පටන් ගත්ත.  

කොහොමින් කොහොමින් හරි වෙලාවත් ලං උනා. මෙන්න යකෝ අහස කළු කරගෙන එනවා සැරටම. ඒත් ඉතින් මේ වගේ පෝය දවසකට විතරනේ අනිත් අයට පින් පුරවන්න හම්බ වෙන්නේ :D. ඒ හින්ද පරණ කුඩ කබලකුත් සෙට් කරගෙන එලියට බැස්ස. අඩි 3 ක් යන්න උනේ නෑ මහා ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙන්න පටන් ගත්තේ නැතැයි. මට හිතුන මේකත් ගිය පාර දන්සල් වැදිල්ල  වගේම වෙයි තමා කියල. ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න. ඒත් ඉතින් පටන් ගත්ත ගමන නතර කරලා ගෙදර ගියොත් ඊටත් වඩා චාටර් එකක් කන්න වෙන හින්ද ඕන මගුලක් වෙද්දෙන් කියල එලියට බැස්ස. කොහොමහරි මහපාරට එනකොට හන්දියේම තියෙනවා අයිස් ක්‍රීම් දන්සලක්. පටන් ගන්න හදනවා තවම. ඉතින් ඒක පටන් ගන්නකම් ඊට ටිකක් එහා තිබුන කඩයක් අයිනට වෙලා හිටිය. මොකද වැස්සත් සැරයි අනික කුඩෙත් ඉරිලා ඇතුලෙන් තෙමෙනවා. ටිකක් වෙලා ඉන්නකොට පාරේ වාහන බ්ලොක් එකක්. අපි දැනගත්ත දන්සැල පටන් අරන් තමා කියල. ඉතින් අපිත් ගිය මහා වැස්සේම අයිස් ක්‍රීම් කන්න. ඔන්න ඔහොම තමා වන්දනාව පටන් ගත්තේ.

මෙන්න අපි එදා ගිය දන්සැල් ලිස්ට් එක.
 
1) අයිස් ක්‍රීම්
2) සවු
3) එළකිරි
4) නුඩ්ල්ස්
5) බෙලිමල්
6) බත්
7) නුඩ්ල්ස්
8) කේක් සහ බීම ( මේක හම්බ උනේ අඳුනන ගෙදරකට ගිහින් :P )
9) බෙලිමල්
10) බනිස්
11) සුප්
12) කඩල


කොහොමද අපේ වන්දනාව ?


10 comments:

  1. හි ... හි ... ඔය ඔක්කොම එක බඩකටද ගියේ. ඇයි දෙයියනේ .. මාසෙටම කාලනෙ එක දවසට.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. එළකිරි කෝප්ප දෙකක්ම බොන්න උනා මාත් එක්ක අනික් එකා බොන්නේ නැති හින්ද

      Delete
    2. ඒයි ඒයි මම එක උඹට දුන්නේ උඹ පව් නිසා හරිය ?

      Delete
    3. බොලේ එළකිරි ඇලජික් එකෙක් ඇවිත් මේ පැත්තේ...උඹ ඒ වෙලාවේ නම් කිව්වේ ඇලජික් කියල . :P

      Delete
  2. Replies
    1. අනික් අයටත් පින් දෙන්න ඕනිනේ....

      Delete
  3. අම්මෝ මෙච්චර කන්නේ කොහොමද අප්පා..

    ReplyDelete
    Replies
    1. අපේ බඩවලුත් හරියට අන්දරේගේ වගේ තමා. හොඳ ඒවා දකිනකොට බඩේ ඉඩ හැදෙනවා

      Delete
  4. අතුරුපස ඉස්සෙල්ලා කාලා අනිත්වා පටන් අරන් තියෙන්නේ.. ඒකත් මරු..

    ReplyDelete
    Replies
    1. පාරේ ගිය පිළිවෙලට තමා ඉතින්. මොනා කරන්නද :D

      Delete