Friday, June 22, 2012

ඇලපාත මුදලි මං......

ටික දවසකට පස්සේ ලියන්න හිතුන මගේ ගම්පළාත ගැන ටිකක්. මෙහෙම හිතුනේ මොකද කියල නම් දන්නේ නෑ . මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙනවා සෑහෙන්න. ඉතින් ඒ කවියක් දිගේ දවල් හීනයක් (ඒත් දැන් නම් රෑ 11.30 යි) බලාගෙන ගිහින් ගිහින් පරණ කාලේ සිද්දි මතක් වෙලා අන්තිමට මේක මතක් වෙනකොට පැයක්ම ගිහින් දන්නෙම නැතුව. ෆුහ්හ් කියල වැඩක් නෑ මතක් උනා දේවල් ටික නම්. ඒත් මේ පුද්ගලය ගැන මතක් උනේ තහනම් අඩවියේ දැකපු පෝස්ටුවක් හින්ද. 

හැබැටම කව්ද මේ ඇලපාත මුදලි ? කාටද මේ පුද්ගලයාව අමතක වෙන්නේ නේද. ගජමන් නෝනා සහ ඇලපාත මුදලි ගැන ලංකාවේ නොදන්නා කව්රුවත් නැතුව ඇති. ඇලපාත මුදලි ගජමන් නෝනට තමන්ගේ මුළු හදවතින්ම ආදරය කලා . ඒත් දුක හිතෙන වැඩේ කියන්නේ ගජමන් නෝනා ඒක සත පහකට වත් ගණන් නොගත්ත එකයි. ගජමන් නෝනා දකින්න කලින් ඇලපාත මුදලි හිටියේ මහණ වෙලා. ඒත් ඉතින් රු සපුවෙන් අගතැන්පත් කොර්නේලියා එහෙම නැත්නම් ගජමන් නෝනා දැකපු මුදලි සිව්රු හරිනවා. අපරාදේ අන්තිමට එකත් නෑ මේකත් නෑ වගේ වැඩක් තමා ඇලපාත මුදලිට සිද්ද උනේ. ඒත් ඉතින් මුදලි බොහොම අහිංසක අවංක හද පත්ලෙන්ම ලව් කලාට වෙන වෙන කරත්තත් ඒ කාලේ සෑහෙන්න පැදලා තියනවා. ( මේක දැකල මට නඩු දාවිද දන්නේ නෑ අම්මෝ ..... )

මේ තියෙන්නේ මුදලි ගජමන් නෝනට කියපු කවියක් .

චන්ද සූරියා මෙනෙ ළඳෙ නුඹෙ                      උවන
ඉන්දනීල දෙක වැනි ළමැද එන                         තන
අන්දකාරයට ඇවූලූ පහන                              මෙන
කින්ද තනි යහනෙ නිදියන්නේ                    නෝන


කොහොමද අපේ පැත්තේ හිටපු අය ඒ දවස් වල කියල තියන කවි ? සුපිරි නේ ?
ඕකට ගජමන් නෝනා දුන්නේ මේ වගේ උත්තරයක් .
 

බැන්ද මගේ හිමි පරලොව ගිය                         බැවින
නින්ද මෙමට පුරුදුය තනියම                           යහන
වින්ද රති සැපය මට මතක නැති                        වුණ
කින්ද තමුසෙට විමසන්න                             කාරණ 




ලාබයි ඇපලුත් හිටි ගමන් ඔහොම කවි කියනවා උනාට කාටවත් ඇහෙන්න කියන්නේ නෑ මොකද ගුටි කන්න වෙන හින්ද අම්බානකට.

දුටුවත් සුර ලඳුන් වගෙ අය මග                       යනෙන
වනන්නට නොහැක
ඔබෙ රුව බිය                  දැනෙන
තිබුනත් තැඹිලි වැන්නෙන් ලොකු තිසරු              රණ
ලාබයි ඇපල් හට වටිනවා ඔහුගේ                        පන 
 




ඔන්න මම ගියෝ....................!





 

38 comments:

  1. ඔහ්හ් ඇලපාත මුදලිත් කියල තියන කවි වල හැටි..හිහි.

    අපරාදේ ලාබයි ඇපල්ටත් ඒ කාලෙනේ ඉන්න තිබුනේ...එහෙනම් ඔහොම කවි කියන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. දැන් කියල වෙනසක් නෑ මේ වගෙ කවි කියනවා නිතරම වගේ.
      ( අයියෝ මගේ චරිතේ ඝාතනය වෙයිද දන්නේ නෑ )

      Delete
  2. ඇපල් යාළුවා නෑ කිවුවට ගෙවල් පැත්තේ කෙල්ලන්ට මෙහෙම සිංදු කියනව ඇති.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මම හරි අහිංසකයි මෙහෙම හිටියට :D

      Delete
  3. ෆට්ට කවී ටික .....

    ReplyDelete
  4. ගජමන් නෝනාගේ සම්පූර්ණ නම දෝන ඉසබෙලා කොරනෙලියා....

    …ඒ දවස්වල මාතර collector විදිහට හිටිට ජෝන් ඩොයිලි ගජමන් නෝනාට crush එකේ හිටියලු :D

    ReplyDelete
    Replies
    1. ඔව් ගජමන් නෝනට ගම්වරයකුත් දුන්නේ ඒ හින්දනේ...නෝනාගම කියන්නේ ඒ ගමට තමා මට මතක විදියට .

      Delete
  5. :D ඇලපාත මුදලි පරාදයි නොවැ ! කිව්වත් වගේ රජෝ පරෙස්සමින් කවි සංකල්පනා සද්දෙටම කියවෙන්න පුලුවන්!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ යන්තම් කට පරිස්සම් කරගෙන ඉන්නවා.. :D

      Delete
  6. ඇලපාත මුදලි ආයේ ඉපදිලා වගේ :D :D

    ReplyDelete
    Replies
    1. කවිකාරියක් නේද? තරඟෙට කියමුද කවි ?

      Delete
  7. ඔන්න ඕකනෙ ඇපල් කියන්නෙ. ඒ කාලෙ අය ඔය වගෙ කියන්න තියෙන දේ කෙලින්ම ඇදලා ඇරියම ඒක සාහිත්‍යය. දැන් කාලෙ අපි එහෙම කලොත් කුණුහරප, විනයක් නැතිකම. කාටද කියන්නෙ!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. නැත්නම් මම මෙලහකට කවි කීයක් නම් කියලද මෙහෙම. :D

      Delete
  8. දුටුවත් සුර ලඳුන් වගෙ අය මග යනෙන
    වනන්නට නොහැක ඔබෙ රුව බිය දැනෙන
    තිබුනත් තැඹිලි වැන්නෙන් ලොකු තිසරු රණ
    ලාබයි ඇපල් හට වටිනවා ඔහුගේ පන

    හික්ස් .... ඒක වෙන්ටැ ඒව බලල ගෙදර ඇවිත් වනන්නෙ. මම කිව්වෙ කවියෙන් වනන එක ගැන. ;)

    ReplyDelete
  9. අඩේ.. බය නැතුව කියලා බලපන් මචෝ. නරකක් වෙන එකක් නෑ. ඇයි බොල මෙහෙම අපූරුවට කවි වලින් රුව වනණ එකෙකුට ගහයිද එහෙම.අපූරු කයිය බොල.ජය...!

    ReplyDelete
    Replies
    1. කියන්නට හැකිය මෙලෙසට රුව වනලා
      එහෙත් බිය දැනෙයි දුටු විට වත කමලා
      හයියක් ආවොතින් කියනට කවි ගොතලා
      කියනව හොඳ එකක් ඉදිරියටම පැනලා

      කෙල්ලන්ට ඕව කියන්න ගිහින් ඝාතනය වෙන්න වෙයි කියල බයයි නොවැ. හොහ් හොහ්

      Delete
  10. ඒ කාලේ හිටියා නම් ඇලපාත මුදලි ට ෆයිට් එකක් දෙන්න තිබුණා නොවැ? අපරාදෙ!

    ReplyDelete
  11. මුදලිත් ඉතින් අපේ වංශෙනේ නේද??? :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් නැතුව නැතුව

      Delete
  12. ඇලපාත මුදලි පරාදයිනේ ඇපල් කවියට

    ජය ජය

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වේවා....හෙහ් හෙහ්

      Delete
  13. වනනට පියකරුය සුදු සුකොමල උවන අගේ
    කියනට සිත්කළුය මුදු සියුමැලි වතේ අගේ
    ලබනට පියකරුය හුදු සිතුවිලි වුව ඈගේ
    කිවුකට නොලදිය මුදු සියුමැලි පහසේ අගේ

    ReplyDelete
    Replies
    1. වැනුවත් ඇගේ පියකරු සුකොමල උවන
      වත සිත්කලුය කිව්වත් හැමදෙන දකින
      පියකරු උවත් හුදු සිතුවිලි ඇය දකින
      පහසක් ලබන්නට තවමත් මදිලු පින

      Delete
  14. අපූරු කවිය නොවැ....අදමයි මේ අහ ආවෙ...ආයෙත් එන්නට හිතුනා....හිහි

    ReplyDelete
    Replies
    1. එන්න එන්න දිගටම එන්න. :)

      Delete
  15. ඇලපාත මුදලි හිටියෙ,, ඔය රත්නපුරේ පැත්තෙ තියන ඇලපාත නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් , අපේ ගෙට ටිකක් එහායින් තමා ඇලපාත වලව්ව තියෙන්නේ.... ටිකක් කිව්වට හැතැප්මක් විතර තියනවා.

      Delete
  16. සමහර විට අලපාතගේ පුනර්භවයක් ද දන්නේ නෑ!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අපොයි මම මුදලි වගේ කරත්ත පදින්නේ නෑනේ.....

      Delete
  17. අදමයි මෙහෙ ආවෙ එනමුත්
    අන්තිම කවිය නම් පස්ටය.... ජය!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. ඉස්තුති වේවා...

      Delete
  18. ඇලපාතයි කොරනේලියයි දෙන්න තකට තක...

    හැබැයි ඉතිO ඇපලුත් එවට දෙවනි නෑ වගේ...

    ඔන්න අදමයි මේ ඇපල් වත්තට පෑයුවේ. පහුගිය කාලෙ ගොඩක් ඇපල් නෙලලනෙ. හෙමීට ටිකින් ටික රස බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මුදලිට තරම් නියම වචන මට මතක් වෙන්නේ නැති එක තමා අව්ලකට තියෙන්නේ. :((
      පායන්න හැමදාම . ජයවේවා...

      Delete