Wednesday, June 27, 2012

මම බලන කාටුන්....

     ඉස්සර අපේ ගෙදර තිබුන අඟල් 14 කළු සුදු රුපවාහිනියක් . මේකෙන් කොච්චර දඟලුවත් අහු උනේ එක සේවාවක් විතරයි. අනික පොඩි කාලෙ ගෙදරට විදුලි බලය තිබුනෙත් නැති හින්ද බැටරියක් පාවිච්චි කරලා තමයි බැලුවේ. මට හොඳට මතකයි අපි ඔෂින් බල බල ඉන්නැද්දි හිටි ගමන් බැටරිය බැහැල ටීවී එක ඕෆ් වෙනවා. ඒ වෙලාවට කට්ටිය සුසුම් හෙල හෙලා තමන්ගේ වැඩ කරගන්න යනවා. ඒ කාලෙ ඉඳන් මට කාටුන් බලන්න සැහෙන්න තරමේ පිස්සුවක් තිබුන.  ඊට පස්සේ අපේ ගෙදරට විදුලි බලය ගත්තහම තාත්ත ගිහින් අලුත් වර්ණ රුපවාහිනියක් ගෙනවා. එත් අපේ ගෙදරට උපරිම අහු උනේ සේවා 2 ක් විතරයි. අපේ ගෙදර තියෙන්නේ කඳු වළල්ලකින් වට වෙලා හින්ද ටීවී සිග්නල් එන්න හරි හොරයි.

      මේ අතරේ දවසක් තාත්ත ගෙනවා නිකන් රොටි තැටියක් වගේ මොකක්ද එකක්. කලින් දැකලත් නැහැ. ඊට පස්සේ දවසේ මනුස්සයෙක් ඇවිත් අරක වහලේ හයි කලා. එතකොට තමා අපි දැනගත්තේ මේක සැටලයිට් රිසීවර් එකක් කියල. එදා දවසේ අපිට නිකන් මගුල් වගේ. ඇයි ඉතින් එචරකල් බැලුවේ රුප ඇද වේවි තිත් තිත් එක්කනේ. අපි හිතාගෙන හිටියෙත් ටීවී එකේ පේන්නෙ එහෙම තමා කියල. අරක දැම්මට පස්සේ මෙන්න බොලේ වීදුරුව වගේ පේනවා. ඉතින් එයින් පස්සේ ඇති වෙනකම් ටීවී බලන්න පටන් ගත්ත. ඒක හින්ද තමා මම කාටුන් බලන්න ඇබ්බැහි උනේ. දැන් නම් අන්තර්ජාලෙනුත් බාගෙන බලනවා.

ඔන්න තියනවා මම ඒ කාලෙ බලපු ඒවා ටිකක්.

1) Birdman

2) Banana man

3) Zorro

4) Tin Tin

5) පිස්සු පුසා 

6) හා හා හරි හාවා  
7) Highlander


පහලින් තියෙන්නේ sat  එක ගත්තට පස්සේ බලන්න පුරුදු උන ඒවා. මහා ගොඩක් තිබුනට මතක ටිකයි. 

1) Pokemon
2) Bayblade vforce
3) Blue Dragon 
4) Dragon Ball Z
5) Law of Ueki 
6) Inu Yasha
7) Yu Yu Hakusho ( Ghost Fighters )
8) Flame  of Recca 
9) Avatar : The Last Air Bender
10) Batman : The Brave and the Bold    
11) Ben 10
12) Kids Next Door (KND)
13) Courage The Cowardly Dog    
14) Garfield
15) Young Justice ( Ongoing )
16) Digimon
17) Fairy Tail ( Ongoing)
18) Full Metal Alchemist
19) Naruto ( Ongoing )
20) Tom and Jerry
21) Avatar : The Legend of Korra ( Ongoing )
22) Card Capter Sakura
23) Ranma Half

තව බලපුවා නම් තියනවා. ඒත් ඒවායේ නම් මතක් වෙන්නේ නෑ. තවමත් කාටුන් බලනවා කියල අපේ එව්වෝ නෝන්ඩිත් දානවා සමහර වෙලාවට.
 
මම වගේම කාටුන් පිස්සෝ ඉන්නවනම් උදව් කරන සේක්වා......
 

46 comments:

  1. අම්මෝ මාර කාටුන් තොගයක් නේ.. මම නම් එහෙම ට කාටුන් බලලා නැ.

    ReplyDelete
  2. මාත් මේ කාටුන් පිස්සෙක් අප්පා....මාත් මේ දවස්වල Avatar 2 the legend of korra බලනවා... ඔන්ලයින් බලන සයිට් කියන්ඩෝ...

    මම නරුටෝ බලන්නේ www.narutoget.com
    අනික් කාටුන් හොඳයිද නැද්ද කියලා හොයාගන්නේ www.mangareader.net එකෙන්...

    එහෙමත් නැත්තම් www.solarmovie.eu වලින් තමා හොඳ එව්වා හොයාගන්නේ....

    ReplyDelete
    Replies
    1. මම නම් බාගෙනමයි බලන්නේ. ඔන්ලිනේ බලන්න තරම් ජාලෙ වේගවත් නැතෝ..

      mediafire-freaks.blogspot.com
      www.minishares.org
      මේ දෙකෙන් තමා වැඩිපුරම බාන්නේ

      Delete
    2. ෂා තැන්කූ ලින්කුවට 2gb පනිනකන් තමා බලන්නේ ඊට පස්සේ ඉතිං සොරි තමා

      Delete
    3. naruto ගන්න නම්
      www.narutoverse.org

      Delete
  3. මමත් ඔය මෙතන තියෙන එකක් දෙකක් ඇරුනුකොට අනිත් ඔක්කොම වගේ බලලා තියනවා... ඇඩෙනවා අප්පා මතක් වෙනකොටත් :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. පොඩි එකා දොස්තර හොද හිත බලල නෑ නේද,,, එව්ව අපේ කාලේ එකක්.

    ReplyDelete
    Replies
    1. හුටාර් බොලේ ඒක අමතක උනානේ...බලල නැත්තේ මොකද මම ඒක බැලුවේ VHS වලින්. අම්මගේ ඔෆිස් එකේ ඉස්සර තිබුන ඩෙක්පීස්‌ බලන එකක්. ඒකෙන් තමා බැලුවේ.

      Delete
  5. මාත් මෙතන තියන ගොඩක් කාටූන් බලල තියනවා තවමත් සමහට වෙලාවට පුංචි කලේ මතකය මල්ලියා බලනකොට කාටූන් ඉබේම බැලෙනවා..........

    ReplyDelete
    Replies
    1. මම නම් තවමත් බලනවා අහු උන වෙලාවට. පරණ ඒවා නම් නියමයි.

      Delete
  6. මාත් ඔය පිංතූර වල තියන කාටූන් නම් ඔක්කොම වගේ බැලුවා. මතක් වෙද්දිත් ආසයි.
    මුලින්ම බැලුව කාටූන් එක pengu මතකද එහෙම එකක්! තව
    conan
    thunder cats
    heman
    වගේ ඒවත් ඒකාලේ ප්‍රසිද්ධ කාටූන්.

    ReplyDelete
    Replies
    1. පෙන්ගු නම් මතකයි. " මෑක් මෑක් " කියා කියා යන පෙන්ගුවින් කෙනෙක් ගැන නේද? ඒවා දැන් කාලේ අයට දකින්නවත් නැහැ. දුක තමා .

      Delete
  7. අපේ ගෙදරත් ඉස්සර ඉඳලම තිබුණෙ ඩේට්රොන් අඟල් 14 කළු සුදු ටීවී එකක්. අපිත් පොඩිකාලෙ ටීවී එකේ ගියපු කාටුන් ඔක්කොම බැලුව. ඒ දවස්වල තිබුණෙ ජාතික රූපවාහිනියයි අයිටීඑන් එකයි විතරයි. ඔය උඩ සඳහන්කරල තියන ඒවයි නම අමතක තව හුඟක් කාටුන් බැලුව මතකයි. තවමත් මම කාටුන් බලන්න, කාටුන් ෆිල්ම්වලට එහෙම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. කාටුන් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑනෙ..මාරම වැඩක් තමා ඒක නම්.

      Delete
  8. කාටුන් ගැන නම් කියලා වැඩක් නෑ.මතක් වෙනකොටත් ආසයි.අපේ ගෙදරටත් අපි පොඩි කාලේ ලයිට් තිබුනේ නෑ.යාළුවො ඉස්කෝලෙට ඇවිත් එයාලා බලපු කාටුන් ගැන කියවනකොට මම ඉරිසියාවේ බෑ ඉතින්..
    මගේ ඕල් ටයිම් ෆේවරිට් තමා ටින් ටින්..

    ReplyDelete
    Replies
    1. අපිට ඉස්සර පෙනුනේ ජාතික රුපවාහිනී විතරයි. පන්තියේ යාලුවෝ අනික් චැනල් වල ගිය ඒවා කියවනකොට මාත් ඉරිසියාවේ පිපිරුව.
      කාලයක් යනකම් මම හිතාගෙන හිටියේ මුලින්ම හඳට ගියේ ටින් ටින් කියල :D

      Delete
  9. මම බලල තියෙන්නෙ ටිo ටිo, පිස්සු පූසා, හා හා හරි හාවා 3 විතරයි.
    සමහර කොටස්නම් තවම මතකයි. ඒවගේනම් පුන්චි මනසට ගන්න ගොඩක් දේවල් තිබුන. ඒත් අද ඒවගෙන්නම් හොඳ ගුණාත්මකභාවයක් තියන ඒව ටිකක් අඩුයි නේද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඇත්ත. දැන් තියෙන්නේ වැඩිපුරම බයිලා. ගන්න කියල තරම් දේවල් දැන් තියන ඒවායේ නැහැ.

      Delete
    2. එක්කො තේරුමක් නැතිව මරාගන්නව. එක්කො එකම සිද්ධිය වෙන වෙන අයට වෙන විදියට හැමදාම පට්ට ගහනව.

      …මතකද ටිO ටිO හඳට ගිය විදිය. පුන්චි එවුන් කාලෙ අපි කොයි තරම් ලස්සන මනෝ ලෝක වලට ගෙනිච්චද ඒ නිර්මාණ වලින්.

      …තව අවුරුදු කීපයකින් එන උන්ටනම් ලෝකෙ රසවින්දින්න පුලුවන් වෙයිද කියල මට සැකයි. අඩු නැතිව දුෂ්ඨකම්නම් තියෙයි. ඒ උනත් මේ රටෙ ළමා කටයුතු ගැන, සOස්කෘතික කටයුතු ගැන, අද්ධ්‍යාපනය ගැන බලධාරීන්නම් ඉන්නවලු මහ ගොඩක්.

      …ඒත් ඉතිO...

      …බොහෝම ස්තූතියි පුන්චි කාලෙ රසවත් මතකයන් ඇවිස්සුවට

      Delete
  10. අම්මෝ මම ආසම කාටුන් ටිකක්.

    මමත් තාම කාටුන් බලනවා. සුර පප්පා වගේ ඒවා. අර සිරසේ ගියපු "කවුද බෝයි" කාටුන් එක හොයා ගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. එලම තමා කාටුන් බලන තව කෙනෙක් හම්බ උනෝ.. මම සිරසේ ගිය එකක්වත් බලල නැහැනේ. :( අපිට තවමත් සිරස අහු වෙන්නේ නැහැ.

      Delete
    2. @ සයුරි

      කවුද බෝයි කාටුන් එක මේ දවස්වල ආයි සිරසේ සතියේ දවස්වල 5.30 ට යනවා

      Delete
    3. අහා...කවුරුහරි නෙට් එකට අප්ලෝඩ් කරාවි එහෙනම්...

      Delete
  11. ඇයි thunder cats, ninja turtles :)

    ReplyDelete
    Replies
    1. Thunder cat නම් යන්තම් වගේ තමා මතක. TMNT නම් බලල තියනවා . (Teenage Mutant Ninja Turtles)

      Delete
  12. හුගක් උන් කියන්නේ දැන් අපි ලොකුලු. කාටූන් බලන්නේ පොඩි උන්ලු. බම්බුව මලේ. මට නම් කාලය ගැන නිනව්වකුත් නෑ කාටූන් බලන කොට. හික්.. ජය...!

    ReplyDelete
  13. අපි බස්සෝ..
    බක බුස්සෝ ...
    කියනා උන්...
    පිස්සෝ...
    අනිවා අනිවා බලාගෙන යනකොට හැමෝම කාටුන් බලනවනේ? හරිම සන්තෝසයි.

    ReplyDelete
  14. Dragon Ball Z
    Inu Yasha
    Yu Yu Hakusho
    Flame of Recca
    Fairy Tail
    Full Metal Alchemist
    Naruto
    Card Capter Sakura
    Ranma

    me machan "Anime". mewata cartoon kiyana term eka yodana eka waradiy. Full Metal Alchemist wage ewa Scooby doo wage cartoon walata sama karana eka FMA eka hadapu ayatath karana apahasayak mama dakina widihata.

    ReplyDelete
    Replies
    1. තවමත් anime සහ කාටුන් වෙන් කරන්න තරම් පැහැදිලි දර්ශකයක් නැහැ මම දන්නා හැටියට. අනික සිංහලෙන් අපි හැම එකටම කියන්නේ කාටුන් කියල. මොකද අපි anime වලට පුරුදු උනේ ලඟකදී. එතකන් අපි ඒවාට කිව්වේ කාටුන් කියල. ඒක අපහාසයක් කියල මම හිතන්නේ නැහැ.

      Delete
    2. "Anime is a style of animation originating in Japan, characterized by colorful graphics and often featuring themes intended for an adult audience."

      Cartoon (most of the series currently airing) - no plot, repetitive, silly, intended for audiences between the ages of 3-12. Note: not cartoons like Tin Tin.

      Anime: mostly intended for teens and above(Ex:- Naruto, one piece) Contains adult themes.(Ex:- FMA brotherhood). Not suited for children(Saikano, Wolf's Rain, Death Note,Cowboy Bebop, FMA brotherhood, Rosario Vampire, Darker Than Black, Golgo 13). These are a few characteristics I can think of. sinhalen okkotama cartoon kivwa paliyata eka hari wenne naha machan. Apahase wenne audience dekakata hadapu dekak eka gode daddi. some suggestions for you.
      Now and Then, Here and There
      Neon Genesis Evangelion
      Wolf's Rain
      Fist of the Northstar
      Boys Be
      Nana
      Elfen Lied
      Naruto
      Saikano
      Kaichou wa maid sama
      Death Note
      Air
      Cowboy Bebop
      Full Metal Alchemist Brotherhood
      Rosario Vampire
      Darker Than Black
      Rurouni Kenshin
      His and Her circumstances
      Full Metal Panic
      Full Metal Panic Fumoffu
      Ai Yori Aoshi
      Serial Experiments Lain
      Interlude
      Gunslinger Girl
      Area 88
      Texhnolyze
      Hell Girl
      Afro Samurai
      Witch hunter Robin
      Earth Girl Arjuna
      GateKeepers 21
      Earth Defense Family
      Future Boy Conan
      Getbackers
      Hellsing
      Kaze no yojimbo
      Last Exile
      Gensomaiden Saiyuki
      Blood+
      Noir
      Romeo X Juliet
      Samurai 7
      Vandread
      Clannad
      Clannad After Story
      Mouryou no Hako
      Chaos Head
      Vampire Knight
      Zero no Tsukaima
      Special A
      Neon Genesis Evangelion
      Detective Conan
      Ayashi no Ceres
      Ghost in the Shell: Stand Alone Complex

      Delete
    3. දැනුවත් කිරීමට ස්තුති යාළුවා

      Delete
  15. ටයි මාමාගේ පරිවර්ථනයන් තමා ආසාඅවෙන්ම බැළුවේ.. ඒවා කෝම අමතක කරන්නද?

    ReplyDelete
    Replies
    1. අනිවා. ටයි මාමගේ වැඩ වලට ගහන්න තවමත් කාටවත් බැහැ.

      Delete
  16. සිරසේ නම් ඒ දවස් වල මරු කාටුන් ටිකක් තමයි ගියෙ. ඒ දවස් වල කන්න ඕනෙත් නෑ කාටුන් තියෙනවනම්!

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල සිරස පේන්නෙත් නැහැ දැන් පේන්නෙත් නැහැ. දුක තමා.. :(

      Delete
  17. උඩ ලිස්ට් එකේ ඒවා නම් බලලා තියේ...තාමත් යමින් එමින් බලනවා...සූර පප්පා කතා වල සිට වර්තමානයේ පොඩි අය බලන ගොඩාක් ‍ඒවා....

    ReplyDelete
    Replies
    1. කාටුන් බලන අය ඉන්නවා වගේ...

      Delete
  18. මාත් තාම කාටූන් වලට ආසයි. ඔතන තියන ගොඩක් කාටූන් මම එකේම බලනව. මුළුවෙලේ ඩිස්නි චැනල් එක බලමව කියල කස්ටිය මටත් ඉතින් ඔහොම හිනාවෙනව.

    ReplyDelete
    Replies
    1. මට නම් තාමත් ගෙදරින් බනිනවා කාටුන් බලනවා දැක්කොත් එහෙම :D

      Delete
  19. උඩම සැට් එක මමත් බැලුවා විශේෂයෙන් Banana Man ඊට පස්සෙ කාලෙ පන්ති වලම දිය වෙලා ගිය නිසා කාටුන් බලන්න වෙලාවක් තිබ්බෙ නෑ....

    ReplyDelete
  20. සමහර ඉංග්‍රීසි කාටූන් සිංහල හඬ කවලා කාල තියෙන්නෙ. එහෙම නැති ඔරිජිනල් ඉංග්‍රීසි කාටූන් එකටත් වඩා හොඳට සිංහල හඬ කවපි කීපයක් විතරක් තියෙනවා ටයි මාමගෙ. එයිනුත් හොඳම එක පිස්සු පූසා. ආයෙ කතා දෙකක් නෑ.
    සූට් බූට් දිග කලිසං...රෝල්ස් රොයිස් ගමන් බිමං....
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ ටින් ටින් ? ඒකත් එහෙමයි නොවැ ?

      Delete
  21. ටයි මාමාගෙ කාලෙ තමා හොදම ඒව තිබ්බේ..තව හොද ඒව තිබ්බ අද කාලෙ ඒවගෙනම් ගන්න තියෙන දේ ගොඩක අඩුයි..

    ReplyDelete