Saturday, June 30, 2012

ටකරන් හඬ සුමිහිරිදෝ...


මේක ලියන්නේ මම පරණ සින්දු අහන්න හරි කැමති හින්ද. තවත් හේතුවක් තමයි මට සෝමතිලක ජයමහ ගේ ඔරිජිනල්ම ඇල්බම් එකක් හම්බ උන හින්ද. මේ එක දැන් 4 වෙනි පාරටත් අහන ගමන්. මේක කොහොමද මාතෘකාවට අදාල වෙන්නේ කියල සමහරු බලයි. බලාගෙන යන්නකෝ ඉස්සරහට. 

        එක එක්කෙනා කැමති සංගීත ආකාර තියනවා. සමහර අය කැමති පරණ සින්දු වලට. (මම වගේ ;) ) තවත් සමහර අය කැමතියි අලුත් තාලෙ සින්දු වලට. ඒ අතරේ ඉන්නව තවත් අය බොහොම කනට කරදරයක් නැති සින්දු වලට කැමති කට්ටිය. මේ අය ගැන ඉතින් ගොඩක් දෙනෙක් දන්නවනේ. එයාල ගැන නම් නෙමෙයි මම අද ලියන්න යන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක්ට බස් වල යනකොට බොහොම (අ)මිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි ටකරන් සංගීතය. මම හිතන විදියට අපි හැමෝටම මේ සිද්දිය වෙලා ඇති.  

බලන්න ගොඩක් බස් වල යද්දී නැගෙන ඒ ඉමිහිරි හඬ ගැන ? සින්දුව කෙසේ වෙතත් චාස් චාස් ගාල සද්දයක් නම් එනවා. හරියට කනට මී පැණි වක්කරනවා වගේ. ඒ තරම් අහගෙන ඉන්න හිතෙනවා. මේ වගේ වාසනාවක් තවම හම්බ වෙලා නැත්නම් එහෙම දැන්මම ගිහින් දුර ගමන් යන බස් එකකට නගින්න. ඇත්තටම මොකක්ද මේකේ තේරුම ? ඇයි බස් එකේ යන මගියන්ට මෙච්ච‍ර ආදරෙන් සලකන්නේ ? කොච්චර ආදරේද කියනවා නම් මේ අය වැරදිලාවත් අර්ථයක් තියන සින්දුවක් එහෙම දාන්න කැමති නැහැ. දාන්නෙම ඉමිහිරි ටකරන් සංගීතය විතරයි. වැඩේ කියන්නේ ටකරමට ගහ ගහ සින්දු කියන අති දක්ෂ ගයකයොත් ඉන්නවනේ අපේ රටේ. 

අනේ අම්මප මොකටද මගේ කට කිව්වලු ....!

26 comments:

  1. අප්පා...
    ඒකනම් පුදුම වදයක් තමයි ඇපල්. මමත් ඔය වදේ ඇති පදමට විඳවනව.

    පුද්ගලිකව මම කැමති නෑ රැකියාව, අද්ධ්‍යාපන මට්ටම වගේ කාරණා මත මිනිස්සු වර්ග කරන්න. ඒත් බහුතරයක් බස් වල ඔය තත්වය දක්නට තියෙන නිසා රැකියාව, අද්ධ්‍යාපන මත තීරනය වෙන සමාජ තත්වය රසවින්දනය කෙරෙහි ලොකු බලපෑමක් කරනව කියල හිතෙනව

    සින්දු කෙසේ වෙතත් දාන රේඩියෝ චැනල්. හප්පාහ් කියල වැඩක් නෑ. ඇහෙන තැනක ඉන්න අපිට ලැජ්ජයි කියන දේවල් ඇහෙනකොට.

    රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොයිබට යනවද කියන එකනම් හරිම කනගාටුදායකයි

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන තත්වය සහ සමාජ තත්වය මත ගොඩක් වෙලාවට රසවින්දනය වෙනස් වෙනවා මම දැකල තියනවා.

      Delete
  2. අපෝ මමත් නිතර ම වගේ දුර ගමන් යන කෙනෙක් තමයි. බස් මහත්තුරු නිතර ම අපට ආදරෙන් සින්දු අස්සවනවා අපිට. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මමත් ඇපල් වගේ ම පරණ සින්දු වලට ගොඩක් කැමති කෙනෙක්. හිත කොයිතරම් නිවෙනවද ඒ සින්දු අහද්දි....

    ReplyDelete
    Replies
    1. මමත් ලහිරු වගේ නිතරම දුර ගමන් යනවා ඉතින් කියල වැඩක්නේ ඒ කන්කළු නාදය ගැන නම් අප්පා මතක් වෙනකොටත් තියන සනීපෙ ................

      Delete
    2. @ලහිරු : පරණ සින්දු වල අර්ථ රසය වගේම ශබ්ද රසයත් තියනවනේ.
      @සචිත් : අපි සෑහෙන්න පින් කරලා තියනවා නේහ් :P

      Delete
  3. එක නම් ඇත්ත ..ඔලුව පිස්සු හැදෙනවා බස් එකෙන් එලියට බහිද්දි එකම ඇහෙනවා..ගිය ටිකේ ඕක මම හොදට කැවා පරිප්පුව..උදේ පාන්දර...කැ මොර දෙද්දි දවසම ඉවරයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔලුව කරකුට්ටන් වෙනවා.

      Delete
  4. මමත් ආසාම නැති දෙයක් බස් කරච්චලේ නම්... කනට යවුත් අනිනවා වගේ...
    මම සින්දු අහන්නේ අනුන්ට කරදර නැති වෙලාවකට විතරයි....

    ReplyDelete
    Replies
    1. මේ මේ ඒ බස් උත්තමයන්ට එක එක ඒවා කියනවා එහෙම නෙමෙයි හරිද ?

      Delete
  5. සිරාවටම.... මමත් පරණ සින්දු අහන්න හෙන ආසයි..
    සමහරු ඉතින් අපි ඕවා අහනකොට, අපි ගොඩයෝ කියනවා.. උන් පොශ්ලුනේ.. :/
    මට ඉතින් ඒ වෙලාවට හොද සබ්‍ය සම්භාව්‍ය වචන එනවා... මෙතන කියන්නේ නෑ.. :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ කියන්නකෝ අපිටත් දැනගන්න :පී

      Delete
    2. පොෂ් කියන උන්ගේ ගොඩේ කම දකින්න මොකක් හරි පොදු වැඩකට සෙට් වෙන්න ඕන. මා ගාව නම් ඔක්කොම තියෙන්නේ පරණ සින්දු.

      Delete
  6. බලාන ගියාම ඔක්කොම එක බෝට්ටුවෙ, මමත් කැමතිම පැරණි ගීතවලට. ඒ අපේ තාත්ත නිසා. පැරණි හිංදි ගීතවලටත් මම කැමතියි. සමහර දවස්වලට රෑට, මම ඔය සිංදු ටිකක් සවුන්ඩ් අඩු කරල ප්ලේකරල කාමරේ ලයිට්එක ඕෆ් කරල ජනේලෙ අයිනට වෙල හාන්සිවෙල ඇස් පියාගෙන අහනව. මාර ෆීලින් එකක් එන්නෙ. හිතට පුදුම නිදහසක් දැනෙනව.
    හැබැයි අර දඩබඩ සිංදුත් මම අහනව, ඉඳල හිටල දවල්ට. බස් කරච්චලේ ගැන නම් කියල වැඩක් නෑ. දැන් මම හිතන්නෙ නීතියකුත් තියනව නේද බස්වල යන මඟීන්ට කරදර වෙන්නෙ නැති වෙන්න සවුන්ඩ් අඩුවෙන් දාන්න ඕන කියල. හඬේ උපරිම තීව්‍රතාවක් නියමකරල තියනවද කොහේද.

    ReplyDelete
    Replies
    1. නීති තිබුනට වැඩක් නැහැ සහෝ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. කාලයක් නම් ඒක වැඩ කල. දැන් නම් නැහැ. මමත් පරණ හින්දි ඒවා අහනවා නිතරම. කිෂෝර් කුමාර් ගේ සින්දු එහෙම කොච්චර ලස්සනද .

      Delete
  7. සුදු අරලියා මලා....

    ReplyDelete
    Replies
    1. ජනප්‍රියම ටකරන් සින්දුවක් තමා ඒක නම්. ඒ කාලෙ ඔය ගායකයට කිව්වේ බස් ( නම ) කියල.... :D

      Delete
  8. මමත් ආස පරන ඔරිජිනල් සින්දුවලට, සිංහල,හිංදි,ඉංග්‍රීසි,චීන,ජපන් සිංදු වලට තමයි කැමති........ඔය බස් වල තියෙන ස්පිකර් වලට එ ගොල්ලෝ පිසෝ ට්විටර් 2 විතර අමතරව සවිකරනව එකයි ඔය කන කීරී ගැහෙන චස්..චස්...සද්දේ එන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඒ උනාට ඒක දාන්නෙ මොකක් අරමුණු කරගෙනද දන්නේ නැහැ.

      Delete
  9. ඕවා තමා අහන්න වෙන ගීත.. අකමැති උනත් අහන්න ඕනනේ.. කරන්න දෙයක් නෑ.. ඇයි ත්‍රීවීල් වල ඒවුවා..

    ReplyDelete
    Replies
    1. එක අතකට යමපල්ලෝ කියන්නේ මේ අය වෙන්න ඇති.
      දැන් නම් ත්‍රි වීල් වල ඔය වැඩේ සැහෙන්න අඩුයි.

      Delete
  10. එකේක අයගේ රසය විවිධයි නේ නේද යාළු..අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. 99 ක් අකමැතියි. එක්කෙනෙක් කැමතියි. එක්කෙනාට ඕන කරන දේ අනික් 99 ම අහන්න ඕනිද? රසය විවිධ උනාට අනික් අයට කරදරයක් නැත්නම් තමා වඩාත්ම හොඳ . එහෙම නේද ? ;)

      Delete
  11. මාත් ඔය සද්ද බද්ද වැඩි සින්දු වලට ආස නැහැ..හිත නිවෙන ඕනෑම ගීතයකට ආසයි..අලුත් පරණ කියල වෙනසක් නැහැ.. අද තමයි යාලුවේ මේ පැත්තේ ආවෙ..ලස්සන බ්ලොග් එකක්..දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්තුති වේවා...ගම්පලාතේ කෙනෙක් හම්බ උන එක නම් සතුටක් . දිගටම මේ පැත්තේ එන්නකෝ.....

      Delete
  12. ආ නේ..කිව්වාත් වගේ ගම පළාතේ නේ..
    සතුටුයි සතුටුයි..

    ReplyDelete