Friday, July 6, 2012

කුරුළු මිනිහා...

ඔන්න ඉතින් අන්තිමේදී ඇපල් ගේ දොර අතෑරලා ගෙන්දගම් පොළවේ පදිංචි උනා. සෑහෙන ගේමක් දීල එල කිරි පට්ට ලොවෙත් නැති බෝඩිමක් සෙට් උනා. එතන නම් කියල වැඩක් නෑ. අපේ සෙට් එක , හඳයා , පෝලන්තයා , සුදු පුංචා නොහොත් ඇපල් , ඩොටයා සහ පිනා යන ඔක්කොම ඒ බෝඩිමට සෙට් උනා. ආතල් එකේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් තැනක්. තට්ටු තුනේ බිල්ඩින් එකේ තනිකරම ඉන්නේ කැම්පස් කොල්ලෝ . ඉතින් ආතල් විමානයයි. අපි තුන් දෙනෙක් විතරයි මේ දවස් ටිකේ හිටියේ. අනික් උන් දෙන්න දෙන්න තවම අවේ නෑ ඉස්ට්‍රයික් ඉවර නැති හින්ද. ඒකත් මහා කරදරයක් අප්පා . එක්කෝ කියන්න ඕන කැම්පස් වහලා කියල. එහෙමත් නැත්නම් කියන්න ඕන වැඩ කරනවා දැන් වරෙල්ල කියල. මේ වෙලාවට තමා පොඩි කලේ ඉඳන් ඉගෙනගත්ත සුපිරිසිදු සිංහල මතක් වෙන්නේ.  

ඔන්න ඉතින් යන්තම් සෙට්ල් උනා බෝඩිමේ. වැඩත් පටන් ගත්ත. ඔහොම ඉන්න අතරේ එක පාරටම පෝලන්තය කතා කලා .

මචන් අර බලපන්කො වැඩක් ..
' මොකක්ද බන් ?
අර බලපන්කො..

    
අපි ඉන්නේ උඩම තට්ටුවේ හින්ද වටේම පේනවා. හැබයි කිව්වත් වගේ මරු සීන් එකක්. ඔයාලටත් පේනවද මන්ද. ඈතින් පේනවද බාගෙට හදපු ගොඩනැගිල්ලක් ? ඔන්න ඔතන කොල්ලෙක් ඉදගෙන පරවියෝ එලවනවා. මම ඒත් බැලුව මේ යකාට පික්සු හැදීගෙන වත් එනවද කියල. වැඩේ කියන්නේ පරවියෝ කිසි අව්ලක් නැතුව මුගේ ළඟටම එනවා. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට මේකා එතන තිබුන කූඩුවක් ඇරලා අතට ගත්ත පරවියෙක් . එතකොට තමා අපිත් දැක්කේ එතන තියෙන්නේ කූඩු කියල. ඊට පස්සේ පරවියව උඩ විසි කලා. හැබෑටම මේ යකාට නම් පිස්සුම තමා කියල මට හිතුන. එහෙම කුරුල්ලෙක්ව යැව්වම ඌ ඉගිල්ලිලා යනවනේ.

ඔහොම දිගටම උනා. ටිකක් වෙලා යනකොට අර පරවියෝ එකා එකා ආපහු ඇවිත් වහනවා එතන. අපි දවස් දෙකක් විතර බලාගෙන හිටිය. හැමදාම උදේට දවල්ට හවසට මේකා පරවියන්ව නිදහස් කරලා ආපහු කූඩු වලට දානවා. මේක විනොදාන්ශයක්ද එහෙම නැත්නම් වෙළදාමට කරන දෙයක් ද දන්නෙත් නෑ. ඒත් ඒක බලන් ඉන්න ආසයි . දවසක ඒ පැත්තේ ගිහින් බලන්න ඕන හැබැවටම මේකා කරන්නේ මොකක්ද කියල...
( හෙන ගේමක් දීල පොටෝ
එක ගත්තේ. තව පොඩ්ඩෙන් ඒකා දකිනවා මම පොටෝ ගහනවා කියල . පෝලන්තය නම් දැකල තියනවා උගේ අතේ පච්චයකුත් තියනවා. හම්මෝ.... )
 


36 comments:

  1. මම නම් සත්තු ඇති කරන්නෙත් නෑ. එහෙම කරනවට කැමතිත් නෑ. ඔය පරවියෝ උඩ ගැහුවම උන් පියාඹල ගිහින් තවත් පරවියො යාළු කරගෙන හිටී තැනටම එනවළු. මම අපේ ආත්තම්මලගෙ ගෙදර හිටපු දවස්වල ඔය සීන් එක දැකල තිබුණ. ඒ දවස්වල කොල්ලොන්ට මාර පරවි පිස්සුවක් තිබුණෙ. එතකොට අපි චූටි එවුවො නිසා ඒව බලං හිටිය විතරයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම සීන් එකක් වෙන්න ඇති කියල. එතන සෑහෙන්න ඉන්නවා.

      Delete
  2. හ්ම්ම්..සත්තු දිහානම් කොයි තරම් බලන් හිටියත් එපා වෙන් නැහැ..කෝකටත් ඕක නිකමට හොයල බලන්න.. හරියට කතා පොත්වල තියන අභිරහස් වගේ දේකට ඕකේ සම්බන්ධයක් එහෙම තිබුනොත්...... :D

    ReplyDelete
    Replies
    1. අපොයි...ඕක හොයන්න ගොහින් පරවියෝ මට කොටයි. ඊට වඩා හොඳයි ඈත ඉඳන් බලාගෙන ඉන්න එක. :P

      Delete
  3. මොනාද කියන්නේ...? මම පරවියෝ ගැන මොනාත්ම දන්නේ නෑනේ. දන්නවද පරවියන්ට හින්දියෙන් කියන්නේ කබූත්තර් කියලා.ජය...!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටික කියෙව්වනම් සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්.

      Delete
  4. ඇස් කරකව කරකව බැලුවත් කාවවත් දැක්කේ නෑනේ... මේක කියවන වෙලාවේ මගෙ එහාපැත්තෙත් හිටියේ පරවි පිස්සෙක්.

    මේකා නම් කියන්නේ පරවියෝ ඔහොම පුරුදු කරන්න පරවියෙක් අල්ලගෙන තටු කපලා හෝ තටු ගැටගහලා තටු උගුල්ලලා තියනවලු.ටික කාලයක් පුරුදු උනාම පරවියා ආයේ කොහෙ ගියත් ගෙදරටම එනවලු...

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව අහල තියනවා.

      Delete
  5. oya karanne ganu parawiyo uda gahala un lawwa pirimi saththu addawaganna eka.hoda bisness trick ekaklu.

    ReplyDelete
    Replies
    1. ගෑනු සත්තු ඔහොමමයිලු නෙහ් ? :P

      Delete
  6. "ඔය පරවියෝ උඩ ගැහුවම උන් පියාඹල ගිහින් තවත් පරවියො යාළු කරගෙන හිටී තැනටම එනවළු" මේ කතාව මාත් අහල තියනවා..මම දැක්ක මොකක්දෝ පරණ සිංහල චිත්‍ර පටියකත් ඕක..

    ReplyDelete
    Replies
    1. ඇයි අර නිහාල් නෙල්සන් මහත්තය ඔය සාමයෙ පරවියා නිසා මරාගන්න උන් ගැන සිංදුවකුත් කියන්නෙ, සිංදුවක් හදන්නවෙන තරමට කාලයක් ඔය පරවියො හදන එක මේනියාවක් වෙල තිබ්බ.

      උඩ කරනම් බිම කරනම් ගහන පරවියා
      වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරවියා
      සාමයෙ සලකුණළු පරවියා

      Delete
    2. @ රෙහානි - අහල තිබුනට දැකල නෑනේ....


      @ DDT - බොලේ...මම ඒ සින්දුව අහල නෑනේ..? හොයාගන්න ඕන.

      Delete
    3. මෙන්න ඒ සිංදුව තියනව. අහල බලන්න.

      http://www.youtube.com/watch?v=M9KIbn4SFow

      Delete
  7. හෑ... මේ කොමෙන්ට් වල කියල තියෙන දේවල්නම් ඇහුවමයි.

    …(ඔය මඟුලෙ ස්ට්‍රයික් එක ගැනනම් කියල වැඩක් නෑ. උගන්නන ඒව පරක්කු උනාට අනෙක් වැඩ ටිකනම් කියපු වෙලාවටම තියෙනව කියලයි කියන්නෙ)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක් න. වැඩ නැති උනාට බාරදෙන්න තියන assignment වෙලාවට දෙන්න ඕනිලු . *&^%$##

      Delete
  8. පරවි හදන්න හොද නැලුනේ ගෙවල් වල ..ඇත්තද මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමලු. ඒත් වැහිලිහිණි කූඩු තියනවනම් ගෙදරට වාසනාවයි ලු.

      Delete
    2. පරවි හදන්න හොඳ නෑ කියන්නේ උන්ගේ මළපහ පෑගෙන්න හොඳ නැති නිසාලු. ඒවගේ තියෙන විෂබීජයක් නිකන් හරි කකුලේ තුවාලයක් තිබිල ශරීරගත උනොත් ගොඩක් දරුණුයි කියලයි කියන්නේ. [මේ මම කට කතා වලින් අහල තියෙන හැටි.]

      වැහි ලිහිණි ගැන කියන්න තියෙන්නේ, ගෙදරක ඒ කුරුල්ලන් ඇති කරන්න නීතියෙන් ඉඩක් නෑ. මොකද ඒ කුරුල්ලාගේ කූඩු මිනිස්සු කඩල පිට රට යවනවා. බටහිර රටවල් වල වැහිලිහිණි කූඩු වලට ලොකු ඉල්ලුමක් තියෙනවලු ඉතාමත් වටිනා සුප් එකක් හදන්න. ඒ සුප් එක බිව්වම තරුණකම රැකෙනව කියලයි කියන්නේ.

      Delete
    3. සුප් සිද්දිය නම් දන්නවා. ඒත් උන්ව ගෙවල්වල හදන්න තහනම් කියන එක නම් දැනගෙන හිටියේ නෑ. ඉස්තුති වේවා....

      Delete
  9. ඒ වුනාට පව් ඒ සත්තු.
    කූඩු අස්සේ කොහොම ඉන්නවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උන් ආපහු කුඩුවටම එනවනේ...? පුදුම අවාසනාවක් තමා ඒක නම්.

      Delete
  10. පරවින්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ශේහ් මම හිතුව මට කියල. හැක් හැක්

      Delete
  11. ඔහොම කතාවක්නම් මේ ඇහුවමයි. මේ කටුබැද්ද වෙන්ටෝනෑ...කොයි හරියේද බෝඩිම තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නුගේගොඩයි කිරුලපනයි අතරේ තියෙන්නේ.

      Delete
  12. ගොඩක් වෙලාවට පරවියෝ ඇති කරන අය උන්ව නිදහස් කරනවා.. පස්සේ ආයෙම උන් එනවා.. අපේ ගෙවල් ලගත් ඔහොම පරෙයි ඇති කරපු දෙන්නෙක් හිටියා.. හැබැයි උන් පස්සේ මරා ගත්තා පරවියෝ මාරු වෙලා වෙන කූඩු වලට ගියායින්..

    ReplyDelete
    Replies
    1. ආයිමත් එනවා නම් තමයි. තව ටික දවසක් බලන්න ඕන ආපහු එන ගාන වැඩි වෙනවද කියල.

      Delete
  13. පරවියන්ට ව්‍යායාම කරවනවා ඇති....හිහි

    නෑ මල්ලී එහෙම කරන එකේ බලාපොරොත්තු කිහිපයක්ම තියෙනවා
    තනිවම යැව්වාට ආපහු එන්නේ අලුත් අයත් අරගනයි...
    ඊට පස්සේ ඒ එන අනුන්ගේ පරවියන්ගේ අයිතියට ගහ මරා ගන්නවා...
    කෝකටත් පරිස්සමින් බලන එක හොදයි...

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් තමා බලන්න වෙන්නේ. මිනිහගේ අතේ පච්චයක් තිබුන දැක්ක කිව්වම මාව සලිත වෙලා ගියා. :O

      Delete
  14. කුරැලු ලොව අහිංසකම කුරැල්ලා පරවියාද?
    අපේ ගිත සාහිත්‍යයේ තැනක එයට මෙසේ පිළිතුරැ දී ඇත....

    පරවි රැජිනියේ එදා වගෙ අදත්... ඔබට තවම මම ආදරෙයි...

    කරැණාරත්න අබේසේකරයන් මෙම ගීතයේ පෙම්වතිය පරවි රැජිනියකට උපමා කර ඇත්තේ කුරැලුලොව අහිංසකම කුරැල්ලා පරවියා යන සිතිවිල්ලෙනි.. ඒ අනුව ගීතයෙන් කියැවෙන පෙම්වතිය ඉතා අහිංසක චරිතයකි....

    පුබුද්ධ ගිත රචකයෙකු වරෙක මේ ගීතය පිළිබද කල විචරයකින් උපුටා ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද??
      හැම පෙම්වතියම ඒ වගේ අහිංසක නම්......

      Delete
  15. අපේ කැම්පස් එක ළඟ තියෙන වීමෝලකින් නම් පරෙවියන්ට හාල් දානවා, හැබැයි උන් අළු පරෙවියෝ, ඇලි එවුනුත් ඉන්නවා. ඕක මරු බිස්නස් එකක්ලු නේද ?

    ReplyDelete
    Replies
    1. මරුදත් අහනවා. උන් එකා දෙන්න වැඩි වෙනවා ඇරෙන්න අඩු නම් වෙන්නේ නැහැ.

      Delete
  16. මට හිතෙන්නෙ එයා මොකක් හරි හොද දෙයක් කරන්නේ

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ එතන කරන්නේ බිස්නස් එකක්. නැත්නම් කූඩු ගොඩක් තියෙන්න විදියක් නැහැ.

      Delete