Tuesday, July 17, 2012

සිසු අපට කෙලවෙයිද ??

අද ටිකක් බරපතල කාරණයක් ගැන කතා කරන්න හිතුන. හැමදාම බයිලා කියන්නත් බෑ වගේ. මේ ලියන්නේ ඇත්තටම අධ්‍යාපනය ගැන අපි දන්නා දේවල් ටිකක්. එත් අපි දන්නා දේ ඇත්තද? නොදන්නා දේවල් මොනවද? මේ විදියට කල්පනා කලොත් අපි දන්නා දේත් නොදන්නා දේවල් බවට පත් වෙනවා වගේ හිතෙනවා. දන්නේ මොනවද කියල හිතෙනවා. ඔන්න එහෙනම් අහගෙන ඉන්නකෝ..
 


1945 දී සැහෙන අරගලයක් කරලා අධ්‍යාපනය නිදහස් සේවයක් බවට පත් උනා.  ඊට පස්සේ කලෙක විශ්ව විද්‍යාල බිහි කිරීමේදී පවා සිසුන් හට නිදහසේ අද්‍යාපනය ලැබීමේ අයිතිය සහතික කලා. එක රජයේ වගකීමක් ලෙස සලකන්න පටන් ගත්ත. මේ හින්ද ඉතාම දුප්පත් දරවන්ට පවා අද්‍යාපනය ලබාගෙන තමන් හිටපු තත්වෙන් උඩට එන්න අවස්ථාව හම්බ උනා.
 


මේ හැම දේකම ප්‍රතිපලයක් විදියට තමයි ශ්‍රී ලංකාව මේ තරම් සාක්ෂරතාවෙන් සහ වෙනත් ගොඩක් පැති වලින් ඉහල තත්වෙක ඉන්නේ. ඉංජිනේරුවන් , වෛද්‍යවරු , ගුරුවරුන් , ලේඛකයන් , ගෘහ නිර්මාණ ශිල්පීන් , ව්‍යාපාරිකයින් , කලාකරුවන් සහ තවත් බොහෝ දෙනා මේ රටට බිහි කරන්න , දායාද කරන්න මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ඉවහල් උනා. මේ අධ්‍යාපනය පද්ධතිය තුල තියන විශ්ව විද්‍යාල මගින් උපාධිධාරීන් ට ඉහලම අධ්‍යාපනයකුත් පෞද්ගලික අංශය ඇතුළු විවිධ අංශයන් සඳහා ඉහලම දැනුමකුත් දෙන හින්ද ලංකාවේ ඉහලම තනතුරු දරන්නන් සියලුම දෙනා පාහේ මේ අධ්‍යාපන පද්ධතියේ සාඩම්බර දරුවන් කියල අපිට කියන්න පුළුවන්. 
 


ඒ කතාව නම් එහෙම තමා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට අහන්න තියෙන්නේ ලංකාවේ කී දෙනෙකුට තෘතික අධ්‍යාපනය , එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවද? අන්න එතකොට තමා පේන්නෙ මේකේ මොකක් හරි වැරැද්දකුත් තියනවා කියල. කොහොම කිව්වත් නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සමානව හැමෝටම ලැබෙන්නේ නැති බව ඕන කෙනෙකුට පේනවා.  


අදට මම බොහොම වැදගත් වන ප්‍රකාශයක් ඉදිරිපත් කරලම මේක ඉවර කරන්නම්. මේක කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පිය ලෙස හඳුන්වන කන්නන්ගර මහත්තයා .
" අධ්‍යාපනය යනු කිසිදු ආකාරයකින් එහි අන්තර්ගතය හෝ ඉගැන්වීම් විධි ක්‍රමය පිලිබඳ නියෝග කිරීමක් ලෙස තේරුම් නොගත යුතුය. "

( ඉතුරු කොටස තව ටික දිනකින් බලාපොරොත්තු වන්න. මේ දිනවල ඇපල් අධික ලෙස කාර්ය බහුල වී සිටින නිසා බ්ලොගය පැත්තේ එන්න වෙන්නේ ඉඳහිටය )
 

12 comments:

  1. කට්ටියම රැග් එක කාගෙන කැම්පස් නම් යනවා... උපාධිය ඉවර වෙනකන් කවුරැවත් ජොබ් ඉල්ලන්න එන්නෙත් නෑනෙ... උපාධිය අවසන් වුනාට පස්සෙ තමා ජොබ් හොයන්නෙ.... ඒත් උපාධිය තියෙනවා... නෝ ජොබ්...

    පරිගණක දැනුමක් නැත
    ඉංගිරිසය පට්ට අවුල්

    තත්වය මෙසේ නම් කිසිම පුද්ගලික ආයතනයක් රැකියාවක් දේවිද? අදටත් මේ ගැටලු කැම්පස් එකෙන් විසදෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සිරා...මේවා කවද විසදෙයිද කියන්න කව්ද දන්නේ ඉතින්.

      Delete
  2. හ්ම්ම්..ඉතිරියත් ලියන්නකෝ සහෝ..ඔක්කොම කියවලාම දෙයක් කියන්නම් ..හ්ම්ම්..

    ReplyDelete
  3. ඇත්ත, අපේ අධ්‍යාපන ක්‍රමයෙ බරපතල ප්‍රශ්න තියනව තමා. සිරා කිව්ව ප්‍රශ්නෙත් ඇත්ත. විශ්ව විද්‍යාලවල උගන්නන්නෙ රැකියාවන් ඉලක්ක කරගෙන නෙවි. යල්පානගියපු විෂය නිර්දේශ. විශ්ව විද්‍යාලවලට ඇතුල් නොවී අධ්‍යාපනය හැර යන අයට උනත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ විකල්ප වැඩ පිළිවෙලවල් ඇතිකළ හැකියි. මැදපෙරදිගට ගෘහ සේවිකාවො සපයනවට වඩා පුහුණු වෘත්තිකයො, කාර්මිකයො ලෝකයේ විවිධ රටවලට යවන්න තරම් තත්වය දියුණු කළොත් රට වැටිල තියෙන ආර්ථික අගාධයෙන් ගොඩයන්නත් පුළුවන් වෙයි. සමහර දේවල්වලට අවශ්‍ය මුදල්වලට වඩා කැපවීම. අනිත් අතින් අපේ රටේ නාස්තිය, දූෂණය දිහා බැලුවම ඒකෙන් කොටසක් වැය කළත් මේකට යම් සාධනීය විසඳුමක් සොයා ගන්න පුළුවන් වෙයි. ඒත් ඉතින් බලය තියෙන අය තියන ටිකත් විනාශ කරන්න බලනව මිසක් වෙන කිසිම උනන්දුවක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහතික ඇත්ත .

      Delete
  4. ඔව් ප්‍රශ්න තියෙනවා තමා.
    එහෙනම් ඉතුරු ටිකත් ලියන්නකෝ සහෝ.අපි කතා කරමු :)

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් ලියන්නම්..

      Delete
  5. කියවන්නම වෙනව දැන් ඉතින්

    ReplyDelete
    Replies
    1. ඉදිරියටත් ඉන්නකෝ. මේ පැත්තේ ආවට ඉස්තුති වේවා....

      Delete
  6. aniwaryen nidahas adyapanaya gunathmaka bawa samanawa sisunta labenne ne... karanaya dukayi... :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් ඒක එහෙම වෙන්නේ නැති එකනේ තියන ප්‍රශ්නෙ.

      Delete