Friday, July 20, 2012

සිසු අපට කෙලවෙයිද?? (දෙවන කොටස)



උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විදියට අපි මේවා ගැන දැනගෙන ඉන්න ඕන . අපි ඉගෙනගන්නේ මොන වගේ තත්ව යටතේද , මේකට ලැබෙන සහයෝගය මොකක්ද , ඉගෙනීමට තියෙන බාධා මොනවද කියන මේ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්න ඕන. මේක මම ලියපු පළමු ලිපිය හා සම්බන්දයි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. 

 ඒ ලිපියෙන් මම කිව්වේ ලංකාව මේ තරම් දියුණු තත්වෙකට ආවේ කොහොමද කියල සහ මේ අධ්‍යාපන ක්‍රමයේ මොනවා හරි වැරද්දක් පේනවා කියලයි. මේ කරුණු ලංකාවේ පමණක් දකින්න තියන කරුණු නෙමෙයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තිබුනට අනික් රටවල් එහෙම නැහැ. ඒත් චිලි , එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිසුන් ඒ අයගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වදිමින් ඉන්නවා.ගොකක් දෙනෙක් දන්නවා ඇති මේ වෙනකොට අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් වැඩ වර්ජනයක් කරමින් ඉන්න බව. මේ ප්‍රශ්න හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නෙ අධ්‍යාපන රාමුවේ තියන ගැටළු සහගත තත්ත්ව හින්දයි. මේ ප්‍රශ්න වලට රජයෙන් එල්ල උන බලපෑමුත් තියනවා.

 2005 ඉඳන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන ආයෝජන සැහෙන්න වේගෙන් අඩු වෙලා තියනවා. රටේ දල ජාතික නිෂ්පාදනයෙන් සමස්ත අධ්‍යාපනය සඳහා වෙන් කරන වියදම අනික් රටවල් එක්ක ගත්තම ඉතාමත් පහත අගයක තමයි තියෙන්නෙ. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වෙනකොට අධ්‍යාපනයට වෙන් කරන වියදම දල ජාතික නිෂ්පාදිතයෙන් 2.9% ක් උනා. නමුත් අද වෙනකොට ඒක 1.9 % දක්වා පහත වැටිලා. ඇත්තටම කියනවා නම් ලෝකයේ ඉතාම දුප්පත් රටවල් වල වෙන් කරන ප්‍රතිශතයට වැඩ ඉතා පහල අගයක් කියල කියන්නත් හිතට දුකයි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය 2005 වෙනකොට 0.52% වැනි ඉතා සුළු ප්‍රමාණයක් වෙන් කරලා තිබුන. බය හිතෙන කතාව තමා 2010 වෙනකොට ඒක 0.27 % පමණ අගයක් වෙලා තිබීම. දැන් වෙනකොට ඒක තවත් අඩු වෙලා. 

ඊළගට තියන තවත් ගැටළුවක් තමයි විශ්වවිද්‍යාල වලට ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් නොසිටීම. දැනට සිටින ආචාර්ය මණ්ඩලයෙනුත් 40 % ක් පමණම ඉගැන්වීම සහ පර්යේෂණ පිලිබඳ මුලික සුදුසුකම් වලින් පමණක් යුක්ත වෙන හින්ද සමහර විශ්වවිද්‍යාල වල ආචාර්ය - ශිෂ්‍ය අනුපාතය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම පුස්තකාල පහසුකම් , වැටුප් සහ උපකරණ වගේ පහසුකම් අඩු හින්ද ඉගෙන ගන්න සිසුන් සහ අනෙක් උසස් අධ්‍යාපනයට සම්බන්ධ අය සෑහෙන අපහසුතාවකින් තමා වැඩ කරගෙන යන්නේ. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ආණ්ඩුව කරන්නේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන තව තවත් අඩු කරන එකයි.
 
හිතල බලන්න උසස් පෙලට වැඩි වෙන අයගෙන් කොච්චර සුළු ප්‍රමාණයක්ද උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ ? ඒ කියන්නේ s 3 ගන්න එකාට ඉගෙන ගන්න බැහැ කියන එකද? එහෙම නැත්නම් ඒ ඉන්නේ පොල් කඩන්න , කාණු සුද්ධ කරන්න වගේ වැඩ වලට වෙන් කරන පිරිසද ? දැනට උසස්පෙළ සමත් වෙන අයගෙන් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ 20 % පමණ ප්‍රතිශතයක්. මේක විද්‍යා විශයධාරාවේදී ඉහළ අගයකුත් කලා සහ වාණිජ  වලදී පහළ අගයකුත් ගන්නවා. තවත් 10 % ක් පමණ විශ්වවිද්‍යාල පද්ධතියට පිටින් තියන තෘතිය අධ්‍යාපන ආයතන වලට බැඳිලා තමන්ගේ අනාගතේ හදා ගන්නවා.

කොහොම උනත් උසස් අධ්‍යාපනය හදාරන්න සුදුසුකම් තියන 70 % ක් පමණම මේ අධ්‍යාපන පද්ධතියෙන් කෙලින්ම අයින් කරලා දානවා. මේ ඇත්තටම තිබිය යුතු තත්වයක්ද? අධ්‍යාපනය කියන්නේ දිර්ඝකාලින ආයෝජනයක් . මේ අව්රුද්දෙ වියදම් කරපු ටික ඊළඟ අව්රුද්දෙ හම්බ වෙන්නේ නැහැ. ඒකට ටිකක් කල් යනවා. ඒත් ඒ ආයෝජනයේ පොලිය ලැබෙනකොට ලැබෙන්නේ සියක් ගුණයක් වැඩි වෙලා. මේ තත්ව යටතේ උනත් අපි ඉගෙනගන්නවා කියන එකත් පුදුමයක් . වර්තමාන සිසුන්ට මල් තියල වඳින්න ඕන මේ හැම දුකක්ම ඉවසගෙන ඉගෙන ගන්න එකට.

මාගලක් වගේ වෙන හින්ද තවත් ලිපියක් ලියන්න වෙනවා වගේ තමා පෙන්නේ. කට්ටිය බලනවා ඇති අද ඇපල්ට මොනවා වෙලාද කියල. ඒත් මේ දේවල් ලියන්නත් ඕන දැනගන්නත් ඕන. ඇත්ත හැමදාමත් හංගන්නත් බැහැනේ. මේවා ලිව්වා කියල මට වෙඩි තියයිද දන්නෙත් නැහැ.:D ඒත් කියන්න ඕන දෙයක් තියනවනම් කෙලින් කියන ඒක මගේ පුරුද්දක් හින්ද ලියලම දැම්ම. ඊළඟ ලිපියත් හැකි ඉක්මනින් දාන්නම් . එහෙනම් හැමෝටම ජයවේවා...! වාසනා වේවා...!








14 comments:

  1. එකඟයි.දොස්තරලා,හෙදියෝ,බස් සංගම් තමන්ගේ අයිතීන් ඉල්ලනකොට ඒක මිනිස්සුන්ට දැනෙනවා.
    ඒත් අධ්‍යාපනයේ ප්‍රශ්න වෙනකොට ඒක වැඩිපුර දැනෙන්නේ නෑ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට.ඉතින් ආණ්ඩුව කර අරිනවා.
    අන්තිමට කියන්න තියෙන්නේ කැම්පස් ගිය අපි එහෙම ගියේ පෙර කරපු පවක් පඩිසන් දීලා කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා. මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ මේවා. ඒ හින්ද තමයි ආණ්ඩුව මේ විදියට වැඩ කරන්නේ. මේකේ ප්‍රතිපල පෙන්නේ දැන් නෙමෙයි ඉස්සරහට. ප්‍රතිපල පෙන්නේ තව ටිකක් කල් ගියහම. එතකොට පරක්කු වැඩියි.

      Delete
  2. නිදහස් අධ්‍යාපනය, හරි ලස්සන වචනයක්. ලංකාවෙ ගුණ වර්ණනා කරන්න ඕන උනාම නැත්තන් කන්නන්ගර මැතිතුමාගෙ අනුස්මරණ දිනේක ගුණ කථනයක් කරද්දි පාවිච්චි කරන වචනයක්. ඒක වචනයක් විතරයි.

    සමහර විට ඉස්සර කාලෙ ඒ වචනෙ තේරුමට හරියන දෙයක් මෙහේ තියෙන්න ඇති. හැබැයි දැන් නන් එහෙම එකක් නෑ.

    නිදහසේ අධ්‍යාපනයක් ඇත්තටම ලමයින්ට ලැබෙනවනන් මොකටද මේ ටියුෂන් පන්ති. විභාග ප්‍රතිඵල බැලුවහම වැඩිපුරම හොද ප්‍රතිඵල තියෙන්නෙ ඔය කියන ටියුෂන් පන්ති වැඩිපුර තියෙන පැති වල. ඒවට ලමයි නිකන් ගන්නෙ නෑ. සල්ලි කමයි හැමදේම. තියෙන ඉස්කෝල ටික ගත්තත් හැමදාම හොදම ප්‍රතිඵල තියෙන්නෙ එකම ඉස්කෝල කීපයක. ඔය ජනප්‍රිය ඉස්කෝල කියල කියන්නෙ. අධ්‍යාපනය ලබන්න ඕන කරන ගොඩාක් පහසුකම් මෙවයෙ තියෙනව. හැබැයි මෙවයෙ අධ්‍යාපනය නිදහස්ද කියන එක නන් ප්‍රස්නයක්. මේ ඉස්කොලෙක එක වසරට ළමයෙක් දා ගන්න එක ලක්ෂ කීපයක් වියදන් වෙන වැඩක්. ලංකාවෙ හැමෝටම කිසි ප්‍රස්නයක් නැතුව ඔය වගේ ගානක් වියදන් කරන්න පුලුවන් නම් ඕන් ඒ ඉස්කෝල වලත් අධ්‍යාපනය නිදහස් කියල කියන්න පුලුවන්.

    ඒත් දැන් තියෙන විදියට නන් මේ ජනප්‍රිය පාසල් කියන්නෙ ඉස්සර තිබුනු නිදහස් අධ්‍යාපන පද්ධතිය ඇතුලෙ කීප දෙනෙක්ගෙ උවමනාවට ක්‍රියාත්මක වෙන ටියුෂන් වැඩපිළිවෙලක්. අවාසනාවට දැන් නිදහස් අධ්‍යාපනය කියන පද්ධතියෙ ප්‍රතිඵල කියල පෙන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ මේ ටියුෂන් ක්‍රමයෙන් එලියට එන දේවල් විතරයි.
    එහෙම වෙන්නෙ ලංකාවෙ ඇත්තටම නිදහස් අධ්‍යාපනයක් නැති හින්ද. නිදහස් අධ්‍යාපනය කියන්නෙ තවත් එක් ලස්සන වචනයක් විතරක් හින්ද...

    ReplyDelete
    Replies
    1. තවම ගම්මාන වලට වෙන්න නිදහස් අධ්‍යාපනය තියනවා. එත් වැඩිපුරම අපිට දකින්න තියෙන්නේ ටියුෂන් තමයි. ඉස්කෝලේ බාගෙට උගන්නල ටියුෂන් එකේ හොදට උගන්නන ගුරුවරු කොච්චර නම් ලංකාවේ ඉන්නවා ඇත්ද.

      Delete
  3. ගෙදරටම අපි නාකි වෙයි වගේ මෙහෙම ගියොත් නම් ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම කසාදයක් බැඳගන්න එතකොට හරි හිරුහිමාවියෝ.. :P

      Delete
    2. ඇත්ත තමයි,අපේ බැච් එකේ හිටියා ප්‍රෙග්නන්ට් වුන ළමයෙක්.අපි තාම ෆ්‍රෙෂා ලා නිසා සමහරක් ඒ ළමයා දිහා බැලුවේ අමුතුවට.(පිස්සුනේ එයාලට)
      අපි කතා වුනේ ඒ වගේ අය තමයි නියම බුද්ධිමත් අය කියලා..මොකද මේ යන විදිහට ගියොත් කැම්පස් අවුට් වෙනකොට ඒ ළමයි ට උපාධියත් තියෙනවා පවුල් ජීවිතයකුත් තියෙනවා.අපිට ඉතින් උපාධිය විතරයි .අවුට් වෙනකොට ජීවිතේ හොඳම කාලේ ගිහින්.

      Delete
    3. @ Pramudi : අනිවා මටත් දැන් දැන් ඒ ගැනත් හිතන්න හිතෙනවා...

      Delete
  4. සැහෙන්න දවසකින් මන් මේ පැත්තේ ආවා සමාවෙන්න ඕනේ යාලු... කලින් ලිපියත් කියවගෙනම ආවා..මේ ගැන කතා කරලා වැඩක නැ අප්පා..ළමයි වේලි වේලි ගෙවල් වලට වෙලා ඉන්නවා..ඇතුලේ ඉන්න ළමයින්ට ඉක්මනට අයින් වෙන්න නැ.අලුතෙන් එන ළමයි ගෙවල් නාකි වෙනකන් ගෙවල් වලට වෙලා පොල් ගානවා මේවට කතා කරන්න කවුරුත් නැ...අපේ ඇගේ ලේ රත් වෙනවා විතරයි...:/ :@

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඒත් මේවා උඩ පුටු වල ඉන්න අයට පෙන්නේ නැහැනේ. මෙතනින් ම ඉගෙනගෙන මෙතනටම පහරන එක තමා ඉවසන්න බැරි. :(

      Delete
  5. උපාධිය තිබ්බට බඩගින්න නිමෙන්නෙ නෑනෙ... එක්කො දෙන උපාධිය රැකියා ඉලක්ක ගත එකක් විය යුතුයි. එහෙමත් නැත්නම් පුද්ගල සංවර්ධනයක් තියෙන්න ඕනෙ.. ඒ දෙකම නැත්නම් උපාධි සහතිකය කිසිම වැදගම්මක් නැති කඩදාසියක් වෙනවා... උපාධි තියාගෙන සුලු සුලු රැකියා කරන කොල්ලො/කෙල්ලො ලංකාවෙ කොච්චර ඉන්නවා කියලද හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. මට ඇහුන කව්දෝ කියනවා එයාගේ යාලුවෙක්ද කොහෙද වාණිජ උපාධියක් අරන් දැන් KFC එකේ වැඩ කරනවා කියල. යල් පැනපු විෂය නිර්දේශ තියෙන උපාධි පාඨමාලා ඕන තරම් තියෙනවා අපේ රටේ.

      Delete
  6. ඉංජිනේරු පිටයේ නම් ආචාර්ය හිඟය තදින්ම තියනවා නේද ඇපල්? පිටින් හොඳ රැකියාවක් කරන්න අවස්තාව තියෙද්දී කවුරුත් කැමති වෙන්නේ නැහැ සොච්චම් පඩියකට කැම්පස් එකේ උගන්නන්න එන්න. දැනට එහෙම උගන්වන අය පුදුම කැප වීමක් කරන්නේ. එන්න එන්නම ඒ තත්වය දරුණු වේවි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අනික් කිසිම දෙකට වියදම් කළාට වැඩක් නැහැ අධ්‍යාපනයට වියදම් කරන්නේ නැත්නම්. අනාගතේ මැට්ටෝ ටිකක් බිහිවෙයි. එතකොට හැමදාම චන්දෙ දිනන්නත් පුළුවන් වෙනවනේ...

      Delete