Tuesday, July 31, 2012

තනිකර බෝඩිමේ...

අපේ බෝඩිමේ කරන්න තියන සියලුම වැඩ ටික දැන් අහවරය. දැක්කම බලන්න ආසා හිතෙනවාය:x . පොත් තියන්න රාක්ක ගසා ඇත. 5 දෙනෙකුට ඉන්න ඇඳවල් ද තිබේ. කාමරයේ එක පැත්තක කුස්සියක්ද නිර්මාණය කර තිබේ. දකිනකොට නම් පස්ටය  . අනික් කාමරවල ඉන්න උන් බල බල යනවාය. උන්ට ටිකක් ජෙල වගෙය [-( . මක් නිසාද යත් අපේ කාමරය නියමෙට එළකිරි එකට පිළිවෙලට තිබෙන හින්දය. තවම ස්ට්‍රයික් එක ඉවර නැති හින්ද කරන්නට එතරම් වැඩක්ද නැත්තේය. ඒ හින්දා වැඩිපුරම කරන්නේ චිත්‍රපටි සහ අනෙකුත් දේවල් බැලීමය(නරක දේවල් බලන්නෙම නැතිය. අපි හොඳ ළමයි වෙමු :) ) . 

අපේ කස්ටියද මාරම ජොලිය. හඳයා මේ දිනවල පිස්සුවෙන් වගේය . මක් නිසාද යත් මේ දිනවල ක්‍රිකට් ඇති නිසාය . පෝලන්තයා හෙවත් ආප්පයා ට ටිකක් කර වී ඇති සෙයකි . ඇත්ත තත්ත්වය මොකක්දැයි තවම නොවැටහේ:-t . පිනා නම් හිටියා වගේමය. පිනට මොකක් හරි ලැබේ යයි සිතමින් පසුවන්නේය ;D . අලුතින් සෙට් වුවත් අපිට බෝඩිම සෙට් කල පරණම සමාජිකයා වන දිගා ලොකු මල් ප්‍රශ්නයක පැටලී ඇතැයි සිතේ . එනමුදු ඒ බවක් කාටවත් අඟවන්නේ නම් නැත;;-) . මේ ලඟදි කෝච්චියේ හම්බ උන අයියා කෙනෙක් දුරබනන අංකයද ඉල්ලගෙන ඇත :-o . ටී රූලා ඉඳල හිටලා කඩා පාත් වෙනවාය. සිද්ද වන දේවල් සලක බැලු විට අතීතයේ ගිනි කන්දක් වත් වී ඉපදී සිටියේද යන්න නම් සැකයකි :p  . ඇපල් ටත් කල පාප කරුමයක්ද කොහේදෝ පල දෙමින් තිබේ. කට වැරදීමකින් කියූ දෙයක් හින්දා කැම්පස් එක පැත්තෙවත් යන්න බැරි වෙන්න එනවාය . අනික් රූමන් ද ඇපල් ට රිටන් එක යහමින් දෙති :-ss .

කස්ටිය දැන් කන්නේ ද තනියෙන් උයාගෙනය. ගෙවල් වලදී තම්බා දෙන දෙයක් කන්න පුරුදු වී සිටි උන් මෙහෙ ඇවිත් පස්ට එකටම උයනවාය :-bd . එකෙන්ම කෑම රසය . එක එකාට උයන්න පුළුවන් විවිධ වර්ගයේ කෑම ඇත. ඒ කෑම වර්ගය ලොවෙත් නැති වෙන්න හදන්න උන් දන්නවය ;) . 

ඇත්තටම ලියන්න දේවල් තිබුනත් අපේ උන් ගෙන් මරණ තර්ජන එල්ලවන හින්දා මෙතනින් අවසන් කරමි #:-S . කෙසේ වෙතත් බෝඩිම නම් සුපිරිය. ජයෙන් ජය ලැබේවා.....! 


 

24 comments:

  1. බලමුකෝ තව ටික කාලයක් යනකොට..:D

    ReplyDelete
    Replies
    1. මොනවා බලන්නද දිගටම මෙහෙම තමා හරී... :P

      Delete
  2. බලමු අපිත් බෝඩ වෙච්චා අලුත ඉව්වා ... ඇපල කොච්චර කාලයක් කරයිද ???

    ReplyDelete
    Replies
    1. දිගටම කරන්න තමා හිතාගෙන ඉන්නේ... B-)

      Delete
  3. කෑම පස්ට රහයි කිවුවනේ.. එහෙනම් අවුලක් නෑ... :)

    ReplyDelete
  4. බෝඩිමට ජයවේවා!! ඇපල්ටත් ජයවේවා!! :)

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! =))

    ReplyDelete
  6. ලාබයි ඇපල් සුරාවෙන් තොර නිසාම හොදය... අපේ උන් ඔතන හිටියා නම් මාසෙකට වරක් බෝතල් පත්තරකරැට හිස් බෝතල් ලබා දී ආදායමක් ලබාගන්නවා නිසැකය...

    ReplyDelete
    Replies
    1. මම එහෙම උනාට අනික් උන් එහෙම නැනේ..ඒ හින්ද ඒ වැඩෙත් කරන්න පුළුවන් වෙයි. :))

      Delete
  7. නියමෙට ලියල..හී හී..

    ReplyDelete
  8. එල මචං. කොල්ලො උනාම ඉන්න ඕන එහෙම තමා. :-bd

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් වැඩක් තියනවයි. කවද හරි මතක් වෙන්න තියෙන්නේ මේවා විතරයි. 8-7

      Delete
  9. දිගටම උයාගෙන කන්න ලැබේවා...හි හි...
    :))

    ReplyDelete
    Replies
    1. ඒක නිකන් කින්ඩියට වගේ ද කොහෙද කිව්වේ :P

      Delete
  10. අලුත් බෝඩිමක් ද?

    ReplyDelete
    Replies
    1. දැන් මාස 2 ක් විතර වෙනවා...ඒත් අලුත් වගේ තමයි... 2:-p

      Delete
  11. බෝඩිං, හොස්ටල් කතානං මගෙ ආසම ප්‍රවර්ගයක් ඇපලා. හැබැයි මේ පෝස්ට් එකේ සමහර සිද්දි වලට හැඬල් නැත.
    උදා:ටී රූලා ඉඳල හිටලා කඩා පාත් වෙනවාය. සිද්ද වන දේවල් සලක බැලු විට අතීතයේ ගිනි කන්දක් වත් වී ඉපදී සිටියේද යන්න නම් සැකයකි :ප් . ඇපල් ටත් කල පාප කරුමයක්ද කොහේදෝ පල දෙමින් තිබේ. කට වැරදීමකින් කියූ දෙයක් ...
    ඔන්න ඔය වගේ.
    ජය වේවා! ඇපල් විකිනේවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගිනි කඳු වලින් නිතරම දුම් දමනවාය.
      කෙල්ලෙක් ලස්සනයි කියනවා අපේ උන්ට ඇහුනොත් කියපු එකාට පාප කර්ම පලදීමට පටන් ගනියි. :(

      Delete
  12. කරන දෙයක් පරිස්සමින් ඇපලෝ......

    ReplyDelete