Sunday, August 26, 2012

අමාරිස් අයියා


මේ නම අද කාලෙ අයට නම් මේ නම එච්චර හුරු නැතුවත් ඇති. එත් පරණ අයට නම් මේ නම කවදාවත් අමතක කරන්නත් බැරුව ඇති. 60 සහ 70 දශකයේ ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉතිආමත් ජනප්‍රිය උන චරිතයක් තමයි අමාරිස් අයියා කියන්නේ. මේ උත්කෘෂ්ට කලාකරුව ගැන ලියන්න ඕන කියල ගොඩ දවසක් තිස්සේ මම හිතාගෙන හිටිය. ඉතින් එක පෝස්ටුවකින් ලියල නම් ඉවර කරන්න බැරි වෙයි. ඒ හින්ද මම මුලින්ම මේ චරිතය බිහිවුනේ කොහොමද කියල හඳුන්වලා දෙන්නම්.


1960 දශකයේ මුල් භාගයේ දේශීය ඌරුවකින් යුක්ත උන හාස්‍යෝත්පාදක වැඩසටහනක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇති උනා. මේ උවමනාව හඳුනාගෙන එය සපුරාලන්න එක ගුවන් විදුලි මධ්‍යකරුවෙක්ට හැකිවුනා. ඔහු තමයි එච්.ඩී.විජේදාස. විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ කලාකරුවන් සහ නිර්මාණකරුවන් කිහිපදෙනෙක් කැළණියෙන් එකතු කරගන්න ඔහු සමත් උනා. " විහිලු තහළු " නමින් ඔහු ආරම්භ කල වැඩසටහන ලොකු කුඩා සෑම දෙනෙක් අතරම බොහොම ඉක්මනින් ජනප්‍රිය උනා. දේශපාලන චරිත සලකුණු කරපු උපහාස ඒ කාලයේ මිනිසුන්ගේ ඇස ඇරවන්නක් උනා. රේඩියෝ සිලෝන් කියන රජයේ මාධ්‍යයක් හරහා ප්‍රචාරය කලත් කව්රුවත් ඒක රජය සතු මාධ්‍යයක් විදියට සැලකුවේ නැහැ. මේකේ පරිපාලන සේවයේ හිටපු හැමෝම දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු අය.


මේ හැමෝගෙම කැපවීමෙන් ඉතාමත් වැදගත් චරිත තුනක් බිහි වෙනවා. ඒ තමයි සැමුවෙල් , ඇනස්ලි , බර්ටි ත්‍රිත්වය. මේකේ අනික් සම්මදම්කරුවෝ තමයි ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ ස්වර්ණ ශ්‍රී සරත්විර. මේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදියට තමයි විහිලු තහළු වැඩසටහන නිර්මාණය වෙන්නේ. මින්ස්සුන්ගේ හැසිරීම් රටා පාදක කරගත් උපහාසාත්මක වැඩසටහනක් උන මෙය පස්සේ කාලෙක තවත් නිර්මාණකරුවන් එකතුකරගෙන " විනෝද සමය " නමින් අඩ පැයක ගුවන් විදුලි වැඩසටහනක් බවට පත් උනා.  


අමාරිස් අයියා කියන චරිතය ගම්වැසියන්ගේ තිබුන හාස්‍යය , විකට රසය , දැනුම සහ මතවාද සියල්ලම කැටි කරගත් චරිතයක්. මහදැනමුත්තා වගේ වයස්ගත චරිතයක් උන සහ බොහෝ දේවල් දැනගෙන හිටපු චරිතයක් උන අමාරිස් අයියා පරාජයේදී තමාටම සමච්චල් කරගන්න අතරම අන් අයගේ අනුකම්පාව යොමු කරවා ගැනීමටත් හපනෙක්. විහිලු තහළු වැඩසටහනේ සිට විනෝද සමය ට මාරු වෙනවිට අමාරිස් අයියා උපදේශකයෙකුගේ චරිතයකට පත් වෙනවා. කොහොම උනත් මේ උපදෙස් හින්ද අන්තිමට වෙන්නෙ අකරතැබ්බයක්.  


මෙම චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් විශිෂ්ට අන්දමින් කරපු සැමුවෙල් රොද්‍රිගු කලාකරුවනි...ඔබට මෙය උපහාරයක්ම වේවා....!




(ඊලග පොස්ටුවේ ඉඳන් මේ චරිතය වටා ගෙතුන කතා සහ අමාරිස් අයියා ගැන කතා ලියන්නම්. එතකන් ඉවසන්ඩෝ....... ;) )
  

Monday, August 20, 2012

රස කර කෑම

විඳලා දහදුකක්
ආව කැම්පස් එකට
වෙන්න ඉංජිනේරුවෙක්
පොඩි කාලේ ඉඳන් තිබුන ආසාව
ඒත් අපි තවමත් ගෙදර
බඩ උලාගෙන
බකන් නිලාගෙන
දන්නේ නැහැනෙ කියනකම්
මේක මෙච්චර රස බව
A / L ප්‍රශ්න පත්තරත්
එහෙන් මෙහෙන් වැරදිලු
ඒ කාලේ නම්
මෙහෙම නෑ
අනේ ඇමතියෝ
අධ්‍යාපනය එච්චර රසද
කව්ද කිව්වේ උඹට
මේක උඹේ අතුරුපස කියල..
කාපන් වෙන දෙයක්
වෙන ඕනම දහජරාවක්
ඒත් මේක නම්
පුළුවන් නම් නොකා ඉඳපන්
ඒ මොකද
දුප්පත් අපිට තියෙන්නේ
මෙච්චරයි සතුටකට



Saturday, August 11, 2012

දවස් ගානකට පස්සේ...

සැහෙන දවසකට පස්සේ ඔන්න ඉතින් ආයිමත් බ්ලොගය පැත්තේ ආව. වැඩේ උනේ මම මගේ ලැප් එක බෝඩිමේ දාල ගිය හින්ද. හප්පා ආයිමත් ඒ මෝඩ වැඩේ නම් කරන්නේ නැහැ කියල හිතා ගත්ත. මම කොච්චර නම් පරිගණකයට ඇබ්බැහි වෙලාද කියල මට තේරුනේ පහුගිය දවස් ටිකේ එක නැතුව ඉන්නකොට. කට්ටිය දාල තිබුන පොස්ට් වලට කොමෙන්ට් කරන්න උනෙත් නැහැ. ඒ හින්ද ඒ ටිකත් කියවල් ඉවරවෙලාම අලුතින් වැදගත් කියල හිතෙන දෙයක් දාන්නම්.


පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ඇවිදින්න පිනක් ලැබුනා. මන්නාරමේත් ගියා. ඒ වගේම මරු සිද්දියකුත් උනා. ඒවත් පස්සේ වෙලාවක හිමිහිට කියන්නම්කො...
එහෙනම් ජයවේවා....! වාසනා වේවා...!

Friday, August 3, 2012

වටසෝමේ ( 18 + වගේද මන්ද )


මේ නම ඇහෙනකොට ඉස්සර නවනගරය කිට්ටුව හිටපු සියලු දෙනාට සහ අපේ ඉස්කෝලේ ( සීවලී මධ්‍ය විද්‍යාලය) ඉස්සර ගිය අයට මතකයන් අවදි වෙනවා ඇති. ඒ මොකද මේ නමත් එක්කම අපුරු සිදුවීම් සිදු වෙලා තියන හින්ද ;) . වටසෝමේ කියන්නේ අපේ ඉස්කෝලේ අවට හිදැල්ලන කියන ගමේ හිටපු පුද්ගලයෙක්. ඇත්තටම කියනවා නම් මේකා පිස්සෙක් :P . දන්නවනේ ඉතින් පිස්සන්ගේ හැටි ? එක එක පිස්සෝ කරන්නේ එක එක පිස්සු වැඩ. 

මිනිහගේ නම සෝමේ උනත් කිව්වේ වටසෝමේ කියල. හේතුව තමා මිනිහ නවනගරය වටේ යන හින්ද. සම්පුර්ණයෙන් වටයක් යන්න පුළුවන් විදියට තමයි නවනගරය සහ හිදැල්ලන තියෙන්නේ. ඒ කියන්නේ හරියට දුපතක් වගේ. දවසකට විසි තිස් වතාවක් සෝමේ මෙක වටේ යනවා.ඉතින් නම වටසෝමේ උනා.



මිනිහ ගව ලොකු ටියුලිප් කවරයක් තියනවා. යනකොට හම්බ වෙන කුණු , ටින් වගේ ඒවා ඔක්කොම මේ කවරේට දාගන්නවා. සමහර වෙලාවට කොහේ හරි නැවතිලා අර කුණු ටික කවරෙන් එලියට අරගෙන අයිමත් ඇතුලට දාගන්නවා. ආයිමත් ඇවිදිනවා :)) . 

කොල්ලන්ගේ වැඩේ ඉතින් මේකව අවුස්සන එක. ඒ වෙලාවට අමු තිත්ත කුණුහරුප කියල බනිනවා =)) . ඒත් ගොඩක්ම වෙලාවට මිනිහ බනින්නේ තමන්ගේම දබර ඇඟිල්ලට. තමන්ගේ දකුණු අතේ දබර ඇඟිල්ල මුණ ගාවට උස්සගෙන සුපිරිසිදු සිංහලෙන් ඇඟිල්ලට බනිනවා. අපිත් ඉතින් අහගෙන ඉන්නවා සමහර වෙලාවට ඈතට වෙලා. ( ඒ කාලේ සුද්ද සිංහල ඉගෙන ගන්න කාලෙනේ...:D ) 


ඔන්න දවසක් මිනිහ අපේ ඉස්කෝලේ ඉස්සරහින් යනවා. අපිටත් ඉන්න බැහැනේ එක විදියකට. කොල්ලෝ කට්ටියම එකතු වෙලා වටෙන් පිටින් එබිකම් කර කර හු තියනවා මිනිහට :D . කෙල්ලොත් දැන් ඉස්කෝලේ ඉස්සරහ වටෙන් එබිලා බලාගෙන ඉන්නවා @-) . එක පාරටම සෝමේ නතර උනා. කවරේ බිමින් තිබ්බ. ගලෝල දැම්ම කමිසේ. ඊට පස්සේ ගලෝල දැම්ම සරම. දැන් මිනිහ ගජමුතුත් එළියේ දාගෙන ඉන්නවා :-o . කෙල්ලෝ ටික කෑගහගෙන දිව්වා. අපිටත් හොල්මන් වගේ :-t .  දස අතින් හු හඬ ඇහෙනවා. එහෙන් මෙහෙන් ගල් පාරවලුත් වදිනවා මිනිහට වදින්නේ නැති වෙන්න. ඒත් සෝමෙට කිසි කලබලයක් නැහැ. මිනිහ තමන්ගේ පාඩුවේ ආයිමත් පිළිවෙලට සරම ඇඳගෙන කමිසේත් ඇඳගෙන කවරයත් අරගෙන යන්න ගියා. :))
( එදා නම් අපිත් බය උනා සොමේගේ මොකාද එකා දැකල :-O )