Friday, August 3, 2012

වටසෝමේ ( 18 + වගේද මන්ද )


මේ නම ඇහෙනකොට ඉස්සර නවනගරය කිට්ටුව හිටපු සියලු දෙනාට සහ අපේ ඉස්කෝලේ ( සීවලී මධ්‍ය විද්‍යාලය) ඉස්සර ගිය අයට මතකයන් අවදි වෙනවා ඇති. ඒ මොකද මේ නමත් එක්කම අපුරු සිදුවීම් සිදු වෙලා තියන හින්ද ;) . වටසෝමේ කියන්නේ අපේ ඉස්කෝලේ අවට හිදැල්ලන කියන ගමේ හිටපු පුද්ගලයෙක්. ඇත්තටම කියනවා නම් මේකා පිස්සෙක් :P . දන්නවනේ ඉතින් පිස්සන්ගේ හැටි ? එක එක පිස්සෝ කරන්නේ එක එක පිස්සු වැඩ. 

මිනිහගේ නම සෝමේ උනත් කිව්වේ වටසෝමේ කියල. හේතුව තමා මිනිහ නවනගරය වටේ යන හින්ද. සම්පුර්ණයෙන් වටයක් යන්න පුළුවන් විදියට තමයි නවනගරය සහ හිදැල්ලන තියෙන්නේ. ඒ කියන්නේ හරියට දුපතක් වගේ. දවසකට විසි තිස් වතාවක් සෝමේ මෙක වටේ යනවා.ඉතින් නම වටසෝමේ උනා.



මිනිහ ගව ලොකු ටියුලිප් කවරයක් තියනවා. යනකොට හම්බ වෙන කුණු , ටින් වගේ ඒවා ඔක්කොම මේ කවරේට දාගන්නවා. සමහර වෙලාවට කොහේ හරි නැවතිලා අර කුණු ටික කවරෙන් එලියට අරගෙන අයිමත් ඇතුලට දාගන්නවා. ආයිමත් ඇවිදිනවා :)) . 

කොල්ලන්ගේ වැඩේ ඉතින් මේකව අවුස්සන එක. ඒ වෙලාවට අමු තිත්ත කුණුහරුප කියල බනිනවා =)) . ඒත් ගොඩක්ම වෙලාවට මිනිහ බනින්නේ තමන්ගේම දබර ඇඟිල්ලට. තමන්ගේ දකුණු අතේ දබර ඇඟිල්ල මුණ ගාවට උස්සගෙන සුපිරිසිදු සිංහලෙන් ඇඟිල්ලට බනිනවා. අපිත් ඉතින් අහගෙන ඉන්නවා සමහර වෙලාවට ඈතට වෙලා. ( ඒ කාලේ සුද්ද සිංහල ඉගෙන ගන්න කාලෙනේ...:D ) 


ඔන්න දවසක් මිනිහ අපේ ඉස්කෝලේ ඉස්සරහින් යනවා. අපිටත් ඉන්න බැහැනේ එක විදියකට. කොල්ලෝ කට්ටියම එකතු වෙලා වටෙන් පිටින් එබිකම් කර කර හු තියනවා මිනිහට :D . කෙල්ලොත් දැන් ඉස්කෝලේ ඉස්සරහ වටෙන් එබිලා බලාගෙන ඉන්නවා @-) . එක පාරටම සෝමේ නතර උනා. කවරේ බිමින් තිබ්බ. ගලෝල දැම්ම කමිසේ. ඊට පස්සේ ගලෝල දැම්ම සරම. දැන් මිනිහ ගජමුතුත් එළියේ දාගෙන ඉන්නවා :-o . කෙල්ලෝ ටික කෑගහගෙන දිව්වා. අපිටත් හොල්මන් වගේ :-t .  දස අතින් හු හඬ ඇහෙනවා. එහෙන් මෙහෙන් ගල් පාරවලුත් වදිනවා මිනිහට වදින්නේ නැති වෙන්න. ඒත් සෝමෙට කිසි කලබලයක් නැහැ. මිනිහ තමන්ගේ පාඩුවේ ආයිමත් පිළිවෙලට සරම ඇඳගෙන කමිසේත් ඇඳගෙන කවරයත් අරගෙන යන්න ගියා. :))
( එදා නම් අපිත් බය උනා සොමේගේ මොකාද එකා දැකල :-O )



38 comments:

  1. දෙයියෝ සක්කි... මල කෙලියයිනේ....

    ReplyDelete
  2. වට සෝමේ ද මරදන්කඩවල සෝමේ ද.....

    ReplyDelete
    Replies
    1. වටේ යන හින්ද වටසෝමේ උනේ.. ;)

      Delete
  3. හොඳ වැඩේ කට්ටියට :p

    ReplyDelete
    Replies
    1. හොඳදත් අහනවා. හික් හික් 8-}

      Delete
  4. හාඃ .... යසයි වැඩේ. ඔව්ව ළමා අපචාර, හරිය. අවුරුදු ගානකට ඇතුළට යවන්ට පුළුවන්, හරිය.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ මිනිහව පිස්සන් කොටුවෙන් ඇවිත් අරන් ගියා. අපරාදේ...#-o

      Delete
  5. හොඳ වැඩේ හූ කියන්න යනවට :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හු කියන එකත් මර ෆන් වැඩේ. ඔයාලට ඉතින් එහෙම චාන්ස් නැති හින්ද ඉරිසියාවට කියන කතා හින්ද මම සැලෙන්නේ නෑ...2:-P :P

      Delete
  6. ඇති සෝමෙ ට ගැහුව ගල් ටික රිටන් කළේ නැතුව!

    ReplyDelete
    Replies
    1. සෝමේ හරි අහිංසකයි. කාටවත් කරදරයක් නෑ ඉඳල හිටලා සුද්ද සිංහල ටිකක් කිව්වට. :P

      Delete
  7. හයියෙන්ම හූ...............................ඈ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පා මෙහෙමත් රජෙක් :))

      Delete
  8. ලොරි කාරයෙක් නවනගරේ කන්ද උඩ වාහනේ නවත්තපි.
    දොර ඇරලා එලියට බැහැපි.
    ෂිප් 1 ඇරපි.
    පරකැලේට බර නිදහස් කරමින් හිටපි.
    සෝමේ ආපි.
    ටියුලිප් කවරේ බිම තියපි.
    ලොරි කාරයාගේ අම්මගේ ගුණද සමග තව ගුණ ගායනාවක් කරපි.
    ලොරි පොර වැඩේ මග නවත්තපි.
    දඩිබිඩි ගා ලොරියට නැගපි.
    නැගල ෂිප වසා සොමේගේ අම්මව මතක් කරපි.
    ලෑල්ලට පාගල ඇදපි.
    ලොරිය පස්සේ ටික දුරක් ගොස් සෝමේ හති දාපි.
    සරම ගලවපි.
    ගුණ ගයපි.
    සොමේගේ කට්ට කලු නිතඹ අපිට පෙනෙපි.
    අපිට බඩ අල්ලන් හිනා ගියෙපි පි පි පි පී...

    ReplyDelete
    Replies
    1. ඒ සීන් එක මම දැක්කේ නෑ බන්. පට්ටම අතල් =))

      Delete
  9. සෝමේ එහෙම උනාට ඊට වැඩිය පිස්සෝ ටිකක් ඉන්නවා සමුදි එක ඉස්සරහ පලා බබලගේ හෝටලේ. උන්නම් ඩීසන් පිට තමයි ඕවා කියන්නේ. අහන කට්ටියගෙනම් කිසි වෙනසක් නෑ. හුරේ දාල විසිල් ගහල අහන්නේ.

    ReplyDelete
    Replies
    1. උන් ටික නම් සෙට් වෙලාම නැහැනේ මට :)

      Delete
  10. දැන් ඇපල්ලා මොකො එකට බය උනේ.... ;)

    ReplyDelete
    Replies
    1. හප්පෙක් දැක්කනේ....විෂලත්වල ඉතා ඉහලයි. L-)

      Delete
  11. බලහන් ඉතින් පිස්සෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ මුන්....

    ReplyDelete
  12. මටත් මතකයි වට සෝමේව.අපි ස්කෝලේ යන දවස් වල වට සෝමේ නවනගරේ කන්ද වටේ ඇවිදිනවා නිතරම දකිනවා.මාත් සීවලියේ ගියේ.අපේ ඉස්කොලේ කෙනෙක් අදුනගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  13. Replies
    1. හූ තියන්න වටිනා කතාව තමා..... ;)

      Delete
  14. ඇයි බන් සෝමෙ එදා අමුඩේ ගහලා නෙමෙයිද හිටියෙ...

    ReplyDelete
    Replies
    1. මිනිහ ඇවිල්ලා අමුඩ ලස් පොරක් :))

      Delete
  15. ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි කියනවනෙ...ඒ වගේ සෝමෙ හිතන්න ඇති එහෙම කලාම හූ කියන එක නවතීවී කියලා...

    ReplyDelete
    Replies
    1. හඃහඃ එකත් එහෙමද දන්නේ නැහැ තමා. එත් ඉතින් අපිත් හූ කියන එක නතර කලේ නම් නැහැ කවදාවත්. ;)

      Delete
  16. දැන් ඉතින් දැනුම් තේරුන් ඇති වැඩිහිටියෝ උනාට ඒ කාලෙ අපිත් ඔය පිස්සන්ව බයිට් කරන එක කරපු බව පාපෝච්චාරනය කරන්න ඕනෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete