මුලින්ම කියන්න තියෙන්නේ අක්කල නංගිලා නැන්දලා මිස්ල මේක කියවල මට බනින්න එහෙම එපා කියල. මේක මම දැකපු ඇත්තම සිදුවීමක් හින්ද ලියන්න හිතුන. ඒත් මේක ටිකක් ලංකාවේ ඉන්න අපිට අසාමාන්‍ය දෙයක් හින්ද කට්ටිය බනියිද දන්නෙත් නැහැ. ඒත් ඉතින් මෙහෙම ඒවා දැක්කම නොකිය ඉන්නත් බැහැනේ. :D
ඔන්න ඉතින් අපේ අයියට මන්නාරමේ පලවෙනි පත්වීම හම්බ උනා. අයිය කිව්වට අපේ අක්ක බැඳලා ඉන්න අයිය. දොස්තර කෙනෙක් උනාම ඉතින් පලවෙනි පත්වීම කියන තැනකට යන්න එපැයි. දුක හිතෙන වැඩේ කියන්නේ අක්ක තවම මොනරාගල ඉස්පිරිතාලේ. එයත් දොස්තර තමා. ( යකෝ ඇඩ් දාන එකෙත් සීමාවක් තියනවා. X( )
ඔන්න ඉතින් මමයි මාමයි අයියයි කට්ටිය 9 30 විතර වෙනකොට කොටුවේ ඉස්ටේසොමට ගියා. 10 30 කෝච්චියේ තමයි යන්න හිතාගෙන හිටියේ. :|
එතන තියනවනේ මහතුන්ගේ කාමරය කියල එකක්. ඉතින් අපි ගිහින් බෑග් ටික එක ඇතුලෙන් තිබ්බ. අයිය ගියා මොනවද කන්න ගන්න ඕන කියල. මාමත් එලියට ගියා. මම විතරක් දැන් බෑග් ටික ලගට වෙලා ඉන්නවා. නිකන් බලාගෙන ඉන්නකොට නිදිමතකුත් ආව I-) . බෑග් එකකට හේත්තු වෙලා පොඩි ඇලට් එකක් දන්නා හදනකොට තමා සීන් එක වෙන්න පටන් ගත්තේ.
මම කලින් දැක්ක කාමරේට ටිකක් එහායින් කොල්ලෙක් ඉන්නවා. දැකපු ගමන් මට ටිකක් අමුත්තක් දැනුනා :-$ . කෝකටත් රබර් ඇහැ දාල බැලුව මොකද ඒ කියල. කලිසම කකුලටම හිර වෙන ජාතියේ එකක්. අර ගෑල්ලමයි අඳින්නේ? අන්න ඒ ජාතියේ එකක්. ඇගටම හිර වෙන්න ටී ෂට් එකක් ඇඳල . කෙට්ටු කළු හාදයෙක්. කරේ එක පැත්තකින් ඉස්කෝලේ ගෙනියන ජාතියේ බෑග් එකකුත් එල්ලගෙන. :-B
මේකා කාමරේ ඇතුලට ඇවිත් බෑග් ටිකට එහායින් වාඩි උනා. දැන් මට මාරම සැකයි
ටික වෙලාවක් ඉන්නකොට අවරුදු 30 ක් විතර වයස කොල්ලෙක් අරුන් දෙන්න ගාවට ආවා.
" මොකද කරන්නේ ? "අර ආපු කොල්ල ඇහුව මාගාව වාඩි වෙලා හිටපු එකාගෙන්.
" අද නම් ඉතින් වැඩක් කියල නැහැ
අර කොල්ල නලවලා කිව්වා.
හෑ...ක් ??? මේ මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ
"එහෙනම් හොදයිනේ ? දැන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ
"මුකුත් නැහැ.
ටිකක් වෙලා ගිහිල්ල මාගාව වාඩි වෙලා හිටපු කොල්ල කියනවා
" මෙතන ඉඳන් කතා කරන්න බැහැනේ..කට්ටිය ඉන්නවා.
" අපි එහෙනම් කොහෙට හරි ගිහිල්ල කතා කරමු.
ඊට පස්සේ දෙන්න සතුටින් පිටව ගියා අතින් අල්ලගෙන
ප.ලි.
මට ඇහුන ඒවා ගොඩක් බලධාරියා විසින් කපා හරින ලදී. සත්‍ය සිදුවීමකි.
හප්පා සිරි ලංකාවේ.......

http://nonimiahasa.blogspot.com/2012/07/blog-post_27.html?m=1
ReplyDeleteMama liyapu ekak habei tikak barapathalai.
බරපතල එකක් නම් අනිවා කියවන්නම් ඕනි.
Deleteමම ලිව්වේ සැර අඩුම කරලා. නැත්නම් කාන්තා පක්ෂය මාව ඝාතනය කරයි කියන කතා වලට. X_X :))
Deleteඇවටාර් මොකෝ ඉංගිරිසියෙන් කොමෙන්ට් කොරන්නේ? සිංහලෙන් දානවකෝ. :7
Deletelapa nathi welawata phone eken singirisilu .samawa bajaneta :)
Deleteඑල එල කව්ද දන්නේ ඉතින් ;)
Deleteහොක් හොක් හොක්.
ReplyDeleteබැන්නලු ඈ.. :D
හනේ..මෙහෙම බනිනවානම් කොච්චර දෙයක්ද.... :D
Deleteපොස්ට් එකේ බනින්න හිතන් ආවට කොහෙද පොස්ට් එකේ මැද්දේ තියන ඉමොෂන් ටික දැක්ම හිනා යනවනේ... :D ලංකාවට ගිය කලක් කිව්වලු... :-t :-W @-)
ReplyDeleteසැහෙන කාලෙකට පස්සේ ඇවිල්ල අඳුනන කෙනෙක්. :)
Deleteඅපි නොදන්න දේවල් තව කොච්චර වෙනවා ඇද්ද...... X_X
අප්පා ඒ කියන්නේ මන් සැහෙන්න පොස්ට් ගානක් මිස් කරලා කියන එකනේ... =P~ හපොයි බ්ලොග් එකක් කියවන්න වෙලාව ලැබුනේ අදයි ඔන්න..(:| බලමුකෝ එකෙත් හැටි.... :-t
Deleteආපහු මිස් නොකර ඉන්න ට්‍රයි කරන්නයි හිතන් ඉන්නේ... =P~ මේ දවස් වල පොස්ට් මාර කම්මැලියි අප්පා කියවන්න.... 8-7
ඒකත් එහෙමද? මෙහෙම කම්මැලි කමක් :P . මොනවද ඔච්චරටම තියන වැඩ? අපිට නම් වැඩ නැහැ ස්ට්‍රයික් හින්දා. ;)
Deleteලැජ්ජයි ඕයි!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කියල වැඩක් නෑ. 8-|
Deleteශික් විතරක්...
ReplyDeleteශිකේ ශික් :-a
Deleteෂැ .... ෂැ .... උඹ මාත්තුරුකාවට සාධාරණයක් ඉෂ්ඨකොරල නෑනේ. ලියන්ඩ තිබුනෙ අතිනුත් දාල රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න, ලේඩීස්ල හොල්මන්වෙල යන්නම. :D
ReplyDeleteඊට පස්සේ හොඳ හොඳ ජාති අහගන්න ? හපොයි මේ හොඳටම ඇති :))
Deleteආ අතින් ඇල්ලුවා විතරනම් ඉතින් එච්චර බරපතල නෑ නේ හිහි
ReplyDeleteඊට පස්සේ යන තැන ගැනත් කතා උනා. ඒවා කපා හැරියා ටිකක් අසභ්‍යයි වගේ හින්දා. =;
Deleteඕන නැති ඒවා අහන් ඉදලනේ ඉතින්... :)
ReplyDeleteඅහන් හිටියේ නැහැ ඇහුනා... :-S
Deleteමේ වගේ සීන් අම්බානට තියෙනවා ලංකාවෙ සමාජෙ... කාන්තා හා පිරිමි දෙපාර්ශවය අතරේම... පවු ඉතිං... කාගෙ හරි දෙමාපියෙක්ගෙ එකෙක්නෙ..
ReplyDeleteඒක නම් එහෙම තමයි.
Deleteහ්ම්...
ReplyDeleteමම අන්තිමය ..:)
ඊළඟ පාර පළවෙනිය වෙන්න. ;)
Deleteහරිම සාටර් තත්වයක් නේද... රටට යන කල?
ReplyDeleteමොනවා කරන්නද :-B
Deleteමේක 18 ඩබල් ප්ලස්යැ ඇපල්?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පලවෙනි පාරට මෙහෙම එකක් ලියපු හින්ද එහෙම දැම්ම ටිකක් සර අඩු කරලා. මට ඇහුනු කතා ටික මේකේ ලියන්න තරම් සුදුසු ඒවා නෙමෙයි. :-t
Delete