Monday, August 20, 2012

රස කර කෑම

විඳලා දහදුකක්
ආව කැම්පස් එකට
වෙන්න ඉංජිනේරුවෙක්
පොඩි කාලේ ඉඳන් තිබුන ආසාව
ඒත් අපි තවමත් ගෙදර
බඩ උලාගෙන
බකන් නිලාගෙන
දන්නේ නැහැනෙ කියනකම්
මේක මෙච්චර රස බව
A / L ප්‍රශ්න පත්තරත්
එහෙන් මෙහෙන් වැරදිලු
ඒ කාලේ නම්
මෙහෙම නෑ
අනේ ඇමතියෝ
අධ්‍යාපනය එච්චර රසද
කව්ද කිව්වේ උඹට
මේක උඹේ අතුරුපස කියල..
කාපන් වෙන දෙයක්
වෙන ඕනම දහජරාවක්
ඒත් මේක නම්
පුළුවන් නම් නොකා ඉඳපන්
ඒ මොකද
දුප්පත් අපිට තියෙන්නේ
මෙච්චරයි සතුටකට



29 comments:

  1. Replies
    1. ඔය ගැන කතා කරලා වැඩක නැ අප්පා... ඇගේ ලේ රත් වෙනවා විතරයි..;/ :@
      ෆිසික්ස් පේපෙර් එකේ ප්‍රශ්න වැරදියිලු නේද...? අපේ මල්ලිත් ලියලා ඇවිත් කිව්වා ගිය සැරේ Z-score අඩු කළා මේ සැරේ විභාගෙන්ම අපිව කනවා කියලා..:(
      අපි ගෙවල් වලට වෙලා නිකන් කාලේ කනවා..මේ ගැන කතා කරන්න කවුරුවත් නැ...:/ :@

      Delete
    2. ඒක නම් සහතික ඇත්ත. අපරාදේ අපේ දැනුම නිකම් පල් වෙනවා. :(

      Delete
  2. පත්තරේ තියෙනව මම දැක්ක පේපර් කීපයකම වැරදි තියෙනව කියල. සාපෙළ, උපෙළ වගේ රටේ පවත්වන ප්‍රධානම විභාග දෙකවත් හරියට කරගන්න බැරිනම් මේ අධ්‍යාපන පරිපාලනෙන් වැඩක් තියෙනවද? හරිනම් මේ වගේ සිද්ධි වෙනකොට අදාල වගකිවයුත්තො ඉල්ලා අස්වෙන්න ඕන වගකීම භාරගෙන. මට හිතෙන්නෙ මේව පිටිපස්සෙ උඩින් පේනවට වඩා වැඩි යමක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ මේවට කිසිම දඬුවමක් දෙන්නේ නැති ඒක. වැරදි කරන අය නිදහසේ ඉන්නවා. රටේ අනාගතය විනාස වෙනවා. ~X(

      Delete
  3. මට නම් හිතෙන්නේ මෙයාල මේ හදන්නේ නිදහස් අධ්‍යාපනේ ගැන මිනිස්සුන්ව කලකිරවන්න.එහෙම නැත්නම් වෙන මොකක්හරි යටිකූට්ටු වැඩක මෙතන සිද්ධ වෙන්නේ.
    ඇයි දෙයියනේ මිනිස්සු වරද්ද ගන්නවා කියල මෙහෙමත් වරද්ද ගන්නවද..??

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඉස්සර ප්‍රශ්න පත්තරේක වැරද්දක් තියනවා කියන්නේ වෙන්න බැරි දෙයක් වගේ දෙයක්.

      Delete
  4. Replies
    1. ලිපිය නම් නියමයි. කාටුන් එකත් පස්ට.

      Delete
  5. ප්‍රමුදි
    ඕක තමා ඇත්ත කතාව.මුන්ට ඕනේ රජයේ වි වි ගැන මිනිස්සුන්ට කලකිරීමක් ඇතිකරවලා ප්‍රයිවට් කැම්පස් ගැන ඇල්මක් ඇතිකරන්න කාලකන්නි

    ReplyDelete
    Replies
    1. ඇමතියන්ට මොකද අපිට කෙල උනාට. උන්ගේ ළමයි පිටරට ඇරලා හරි උගන්නයි. ගමේ ඉන්න දුප්පත් කොල්ලට හුලන්. :-w

      Delete
  6. අවුරුදු 20කට පසු තිබූ ලේසීම Physics ප්‍රශ්ණ පත්‍රය මම දැක්ක හෑන්ඩ් බිල් එකක්...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. තොත්ත බබාලා බිහි කරන්නනේ හදන්නේ. X(

      Delete
  7. ඇත්තම කියනවනම් මේකට කොමෙන්ට් එකක් දාන්න ගියොත් පෝස්ටුවකට තරම් ලියන්න වෙනවා..

    ReplyDelete
  8. මොනා කරන්නද ඇපලෝ.......... ස්ට්‍රයික් එකක් වත් කරමුද?????

    ReplyDelete
    Replies
    1. අපි එහෙම කලොත් ඉතින් බැටන් පොලු පාර කන්න තමා වෙන්නේ.

      Delete
  9. ෂුවර් එකටම රන්දුල ඇමති තුමා මේකෙ වගකීම අරගෙන ඊළග සතියෙ ඉල්ලා අස් වේවි... එහෙව් ඉතා පිරිසිදු නිකලැල් දේශපාලුවො ටිකක් නොවැ අපිට ඉන්නෙ.

    ReplyDelete
  10. ප්‍රශ්ණ පත්‍ර වරදිනවා කියන එක දැන් දිගටම අහන්න ලැබෙනවා. මේවාට අදාල බලධාරීන් ඉන්නේ නාමිකව විතරක් ද කියලත් හිතෙනව.
    …මේකෙන් අමාරුවෙ වැටෙන්නෙ සාමාන්‍ය පවුල් වල දරුවො. ධනය බලය තියන අය ඒ අයගේ දරුවන්ව මොන ක්‍රමෙන් හරි ගේන්න ඕන තැනට ගේනව.
    …ඊට පස්සේ ප්‍රශ්ණය එතන ඉඳලා ආයෙත් පටන් ගන්නව.

    ReplyDelete
    Replies
    1. තියන අයට උතුරන්න තියනවා නැති එකාට සතයක් වත් නැහැ. දැන් වෙන්නේ ඒකමනේ #-o

      Delete
  11. ඒ පාර පේපරුත් වරදිලු ද? :-\

    ReplyDelete
    Replies
    1. ඔව්නේ...කියල වැඩක් නැහැ. ~X(

      Delete
  12. ශුද්ධ සිංහල තමයි ඉතින් මතක් වෙන්නෙ මේවා ඇහුවම. මිනිස්සු නූගත් වුණ තරමට පාලකයන්ට ලේසි නොවැ...

    ReplyDelete
    Replies
    1. චන්දෙ දාන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න කට්ටිය ඉන්නවනේ එතකොට ඕන තරම් . X(

      Delete
  13. මටනම් ඔය මොකුත් මතක නෑ ඕයි ! :O) 8-} :O)

    ReplyDelete