Sunday, August 26, 2012

අමාරිස් අයියා


මේ නම අද කාලෙ අයට නම් මේ නම එච්චර හුරු නැතුවත් ඇති. එත් පරණ අයට නම් මේ නම කවදාවත් අමතක කරන්නත් බැරුව ඇති. 60 සහ 70 දශකයේ ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉතිආමත් ජනප්‍රිය උන චරිතයක් තමයි අමාරිස් අයියා කියන්නේ. මේ උත්කෘෂ්ට කලාකරුව ගැන ලියන්න ඕන කියල ගොඩ දවසක් තිස්සේ මම හිතාගෙන හිටිය. ඉතින් එක පෝස්ටුවකින් ලියල නම් ඉවර කරන්න බැරි වෙයි. ඒ හින්ද මම මුලින්ම මේ චරිතය බිහිවුනේ කොහොමද කියල හඳුන්වලා දෙන්නම්.


1960 දශකයේ මුල් භාගයේ දේශීය ඌරුවකින් යුක්ත උන හාස්‍යෝත්පාදක වැඩසටහනක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇති උනා. මේ උවමනාව හඳුනාගෙන එය සපුරාලන්න එක ගුවන් විදුලි මධ්‍යකරුවෙක්ට හැකිවුනා. ඔහු තමයි එච්.ඩී.විජේදාස. විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ කලාකරුවන් සහ නිර්මාණකරුවන් කිහිපදෙනෙක් කැළණියෙන් එකතු කරගන්න ඔහු සමත් උනා. " විහිලු තහළු " නමින් ඔහු ආරම්භ කල වැඩසටහන ලොකු කුඩා සෑම දෙනෙක් අතරම බොහොම ඉක්මනින් ජනප්‍රිය උනා. දේශපාලන චරිත සලකුණු කරපු උපහාස ඒ කාලයේ මිනිසුන්ගේ ඇස ඇරවන්නක් උනා. රේඩියෝ සිලෝන් කියන රජයේ මාධ්‍යයක් හරහා ප්‍රචාරය කලත් කව්රුවත් ඒක රජය සතු මාධ්‍යයක් විදියට සැලකුවේ නැහැ. මේකේ පරිපාලන සේවයේ හිටපු හැමෝම දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු අය.


මේ හැමෝගෙම කැපවීමෙන් ඉතාමත් වැදගත් චරිත තුනක් බිහි වෙනවා. ඒ තමයි සැමුවෙල් , ඇනස්ලි , බර්ටි ත්‍රිත්වය. මේකේ අනික් සම්මදම්කරුවෝ තමයි ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ ස්වර්ණ ශ්‍රී සරත්විර. මේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදියට තමයි විහිලු තහළු වැඩසටහන නිර්මාණය වෙන්නේ. මින්ස්සුන්ගේ හැසිරීම් රටා පාදක කරගත් උපහාසාත්මක වැඩසටහනක් උන මෙය පස්සේ කාලෙක තවත් නිර්මාණකරුවන් එකතුකරගෙන " විනෝද සමය " නමින් අඩ පැයක ගුවන් විදුලි වැඩසටහනක් බවට පත් උනා.  


අමාරිස් අයියා කියන චරිතය ගම්වැසියන්ගේ තිබුන හාස්‍යය , විකට රසය , දැනුම සහ මතවාද සියල්ලම කැටි කරගත් චරිතයක්. මහදැනමුත්තා වගේ වයස්ගත චරිතයක් උන සහ බොහෝ දේවල් දැනගෙන හිටපු චරිතයක් උන අමාරිස් අයියා පරාජයේදී තමාටම සමච්චල් කරගන්න අතරම අන් අයගේ අනුකම්පාව යොමු කරවා ගැනීමටත් හපනෙක්. විහිලු තහළු වැඩසටහනේ සිට විනෝද සමය ට මාරු වෙනවිට අමාරිස් අයියා උපදේශකයෙකුගේ චරිතයකට පත් වෙනවා. කොහොම උනත් මේ උපදෙස් හින්ද අන්තිමට වෙන්නෙ අකරතැබ්බයක්.  


මෙම චරිතය ඉතාමත් දක්ෂ අන්දමින් විශිෂ්ට අන්දමින් කරපු සැමුවෙල් රොද්‍රිගු කලාකරුවනි...ඔබට මෙය උපහාරයක්ම වේවා....!




(ඊලග පොස්ටුවේ ඉඳන් මේ චරිතය වටා ගෙතුන කතා සහ අමාරිස් අයියා ගැන කතා ලියන්නම්. එතකන් ඉවසන්ඩෝ....... ;) )
  

16 comments:

  1. ඇපල්ට මර්සි එදිරිසිංහ කියන ප්‍රභල චරිතය අමතක උනාද නැත්තම් පස්සෙ කරලියට ගේන්න හංගල තිබ්බද

    ReplyDelete
    Replies
    1. ඒවා ඉස්සරහට එනවෝ.... ;) තවම මොනවත් හරියට කියන්න බැරිවුනා.

      Delete
  2. අමාරිස් හා විනෝද සමය අපේ ජීවිතයේ කොටසක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විනෝද සමයේ තිබුන හාස්‍යය අද තියන මෝඩ ජෝක් වල නැහැ.

      Delete
  3. ම්ම් අද තමා ඇහුවේ අමාරිස් අයියා ගැන. මොකද අප්පා මට මතක නැත්තේ...

    ReplyDelete
    Replies
    1. U බටයේ ඇති.බලන්නකෝ. අන්න ඒවා තමයි නියම විහිලු. :))

      Delete
  4. නියම මාතෘකාවක්. ඉක්මනට ලියන්ඩෝ!

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ලියන්නම් හැකි ඉක්මනින්. ;)

      Delete
  5. අය්යෝ මම නම් අහල නැතෝ..දිගටම ලියන්න අපිටත් දැනගන්න..

    ReplyDelete
    Replies
    1. අපොයි ලංකාවේ නෙමෙයිද හිටියේ :P ? ලියන්නම්කො... ;)

      Delete
  6. අදටත් යූ ටියුබ් එකේ විඩියෝ එකක් දැක්කම නොබලා ඉන්නේ නෑ.. ඒ කාලේ නොහිටියත් අපේ හිත් වලනම් මේ නම් රැදුනා...

    ReplyDelete
    Replies
    1. ඒ විහිලු එදා වගේම අදටත් ගැලපෙනවා.

      Delete
  7. අපි පොඩි කාලෙ සෙනසුරාදා උදේට ජාතික රූපවාහිනියෙ ගියපු (නම මතක හැටියට) ‘ශනිදා ආයුබෝවන්‘ වැඩසටහන අතරතුරත් නිතරම ඔය ටීම් එකේ විහිළු වැඩසටහනක් ගියා මතකයි. මමත් මෑතකදි ජංජාලෙන් හොයාගෙන බැළුව සමහරක්ව. වෙලාවක ඔක්කොම ටික බාගෙන බලන්න ඕන කියල හිතන් හිටියට තාම බැරි වුණා. ලියන්නකෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. විහිලු තහළු සහ විනෝද සමය කියන දෙක හොයාගන්න. විනෝද සමය ටික තමයි නියම. :)

      Delete
  8. මේ කියන චරිත අව්‍යාජ කලාකරුවන්... පොළොවෙ පය ගහලා හිටපු අය නිසාම ඒ අයගෙ ජීවන අත්දැකීම් තමයි හාස්‍යයට මුසුවෙලා කරළියට ආවෙ... ඒ නිසාම ඒ වැඩසටහන් මිනිස්සු ආදරයෙන් වැළදගත්තා...

    ReplyDelete
  9. හැක්.... හැක් හැක් හැක් හැක්... හාමු මහත්තයට කියන්ඩ...ඔය දොම්පෙ, දෙකටන, දෙල්ගොඩ, පූගොඩ ඔය හැම තැනකම කරක් ගහපු මිනිහෙක් තමයි මං... ඒ කාලෙ...

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete