චාර්ල්ස් බැබේජ් |
Analytical Engine (මෙන්න මැෂින් ඈ :) ) |
punch cards (CD,DVD හා පෙන් ඩ්‍රයිව් වල පරණ නෑයා) |
Ada Lovelace8-7 |
චාර්ල්ස් බැබේජ් |
Analytical Engine (මෙන්න මැෂින් ඈ :) ) |
punch cards (CD,DVD හා පෙන් ඩ්‍රයිව් වල පරණ නෑයා) |
Ada Lovelace8-7 |
"එකෝමත් එක කාලෙක පරිගණක කියලා දෙයක් තිබුණලු. ඒ කාලෙ හිටිය හැමෝම පරිගණකව දැන අඳුන ගන්න, ඉගෙනගන්න එහෙම හරිම උනන්දුයිලු. ඒත් ඉතින් මේ පරිගණක හරිම මෝඩයි ! මොකද වැඩ කරන්න ඔන විදිහ කවුරුහරි එයාට කියලා දුන්නෙ නැතිනම් තනියෙම හිතලා මතලා කිසිම දෙයක් කරගන්න බැරි නිසා. ඉතින් පරිගණක පාවිචිචි කරන දැනමුත්තෝ විදියට අපෙන් කෙරෙන්න ඔනි වැදගත්ම දේ තමයි මේ මෝඩ පරිගණකයට වැඩ කරන හැටි කියාදීම. හැබැයි වැඩ කරන පිළිවෙල පරිගණකයට කියා දුන්නට පස්සේ, ඒ උපදෙස් ටික අකුරක් නෑර තිතටම (තිත් කොමාවටම ; ) කිසිම කම්මැලිකමක් නැතිව කරන්න නම් පරිගණක හරිම හපනා.
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි පරිගණකයට තේරෙන්නේ 0, 1 විතරයි. (දැක්කා නේද ඉස්කොලෙන් හොරෙන් පනින එකේ විපාක) එයාට අපිට වගේ 2, 3, 4 කියලා ගණන් කරන්නත් බෑ, අ ආ ඇ ඈ a b c d කියලා අකුරු කියන්නත් බෑ. එයාට තේරෙන්නේ 10100010101010 10101010101010 01100110101010 010101010100010 වගේ කිව්වොත් විතරයි. ඒත් ඉතින් එහෙම කියන (ලියන) ඒවා අපිට තේරෙන එකක්යෑ. ඒ හින්දා අපි අපිට තේරෙන බාසාවකින් කියලා (ලියලා) 1,0 හරඹෙ හොඳට පුළුවන් කෙනෙක්ලවා 1,0 වලට හරවලා තමයි පරිගණකයට දෙන්න ඕනි. (බලන්නකො මූ ඉස්කෝලෙ ගිහින් අකුරු ඉගෙන නොගත්ත එකෙන් අපිට තියෙන වදයක් !)
ඉතින් ඔය පරිගණකයට තේරෙන 1,0 වලට machine language කියලා කියනවාලු. අපිට තේරෙන භාෂාවට high level languages කියලා කියනවලු.
ඔන්න ඔහොමයි දිග....ම දිග කතාවක් පටන් ගන්නෙ. කතාව කියන මම වෙනදා ලාබයි ඇපල් ලියන දර්ශන නෙවෙයි, අංජන. දර්ශනත් ඉස්සරහට උදව් වේවි කතාව කියන්න.
/* -------------------------------
* මුලින් ලියලා තියෙන දේ තේරුනේ නැති කවුරු හරි ඉන්නවානම්,
* Software Development & Programming ගැන ලිපිපෙලක මුල තමයි මේ.
--------------------------------*/