Sunday, September 9, 2012

බේබි අක්කා සහ හෙන්ද්‍රික් ප්‍රනාන්දු ( අමාරිස් අයියා )

( සැමුවෙල්  ගේ ජීවිත කතාව )

මොරටුව බොරුපන බේබිනා ගමේ කා අතරත් ජනප්‍රිය තරුණියකි. ඇය කටකාරියක මෙන්ම හැඩකාරියකද  වෙයි. ගමේ කාගේත් ප්‍රශ්න වලදී ඇය ඇගේ පියාද සමග වහා මැදිහත් වෙයි. ගම්වැසියන්ට තාඩන පීඩන කල ගම්මුලාදෑනියා ගස් බැඳ පොලිසියට භාර දෙන්නට තරම් එඩිතරකමක් ඇගේ පියාට තිබිණ. එවිටද ඇය පියා සමග වුවාය. යුක්තිය හමුවේ පිරිමියෙකු මෙන් ඉදිරියට එන්නට තරම් ඇය ශක්තිමත් වුයේ තම පියාගෙන් ලද ආභාෂයෙනි. 

නිතර විහිළුවෙන් තහළුවෙන් ගම්මුන් හා සුහදව කාලය ගතකල බේබිනා බොරුපන වැසියන්ට පාළුව ඉතිරි කොට කැලණිය ගල්බොරැල්ලේ හෙන්ද්‍රික් ප්‍රනාන්දු හා විවාහ වී කැලණියේ පදිංචියට පැමිණියාය. ඒ 1920 අගෝස්තු 30 දා ය .

'සැමුවෙල් ' හෙන්ද්‍රික් ප්‍රනාන්දු සහ බේබිනා බරබෝස් ගේ යුගදිවියේ කුළුඳුල් දරුවාය. ප්‍රථම දරු ප්‍රසුතිය සඳහා මොරටුව බොරුපනට පැමිණි ඇය දරුවාද රැගෙන ඉක්මනින් යලි කැලණියට ගියේ සැමියාගේ කටයුතු වලට උදව් දීම අත්‍යවශ්‍ය වූ නිසාය. 

බේබිනා ගේ පැමිණීම හෙන්ද්‍රික් ගේ ජිවිතයට ආලෝකයක් විය. ආර්ථිකයද ක්‍රමයෙන් සරු විය. ඔහු සතු හිස් ඉඩම් කට්ටි වල රබර් පල දළුලන්නට විය. පොල් වගාවද , වී වගාවද සරු විය. වසර හතරක අවෑමෙන් ඔවුනට තවත් පිරිමි දරුවෙකු ලැබිණ. හේ මිල්ටන් ය. පසුකලෙක ගම්මුන් ඔහු හැඳින්වුයේ විල්බට් කියාය. 

ඉදිකිරීම්  කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කල හෙන්ද්‍රික් ගමේ කව්රුත් හැඳින්වුයේ හෙන්ද්‍රි බාසුන්නැහේ කියාය. මේ අනුව ඔහුට ගමේ හොඳ පිළිගැනීමක් තිබිණ. මෙයට තවත් ප්‍රභල හේතුවක් වුයේ ඔහුගේ පියාය. හේ පතල ජ්‍යාතිශාස්ත්‍රඥයෙකු වූ පේදුරු ප්‍රනාන්දුය. 

මේ වනවිටත් පේදුරු උපාසක තැන හමුවීමට අවට ගම් වල සිටද කොළඹ නගරයෙන්ද බොහෝ දෙන පැමිණෙති. පේදුරු ප්‍රනාන්දු ප්‍රකට වුයේ ජ්‍යාතිශාස්ත්‍රඥයෙකු වීම නිසාම පමණක් නොවේ. ඔහු ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාගේද ගෞරවය දිනාගත් උපාසක මහතෙකි. ගම්වැසියන් එක්කොට මුල්ම සීල ව්‍යාපාරය සංවිධානය කරනවිට ඔහුගේ වයස 12 කි. කැලණිය ගල්බොරැල්ලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිකරන්නට මුලික වුවන් අතර පෙරමුණ ගෙන ඇත්තේද ඔහුය. වයස අවරුදු 115ක් ජිවත් වූ පේදුරු උපාසක තැන ඔහුගේ දෙටු මුනුබුරා වූ සමුවෙල්ගේ ජිවිතයට තදින්ම බලපෑවේය. 

                                 .     .     .     .     .     .

(ටික දිනක විනෝද චාරිකාවක් යන්න හිතාගෙන ඉන්න හින්ද කට්ටියගේ බ්ලොග් කියවන්න වෙන්නේ නැති එකට සමාවෙන සේක්වා.....! එත් මම නැති අතරතුර මගේ යහළුවා මෙන්ම මගේ ගුරුවරයෙක් වන අංජන මෙහි ලිපියක් පල කරන බවක් කිව්වා. බලලා හිතෙන දේවල් ලියලා යන්න. )

16 comments:

  1. ම්ම්ම්...තව ටිකක් දිග උනානම් තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේකත් දිග වැඩිවෙයි කියල..බලනකොට පොඩ්ඩයි. :(

      Delete
  2. ‘බේබිනා බරබෝස්‘ ටිකක් අමුතු නමක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ ඉතින් එහෙම නම් තිබිල තියනවනේ..:)

      Delete
  3. යකෝ... කියවන්න ගත්තා විතරයි. මේං ඉවරයි :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දිග වැඩිවෙයි කියලා ..අන්තිමට බලනකොට දිග මදි. ඊළඟ පාර හොඳට දික් කරන්නම්. :D

      Delete
  4. හ්ම්ම්..පරිස්සමෙන් ගිහින් ඇවිත් එහෙනම් ආයෙත් ලියමු :)

    ReplyDelete
  5. සැමුවෙල් පිලිඹද තවත් කතා ලියමුකො එහෙනම්.. :)

    ReplyDelete
    Replies
    1. අමාරිස් අයිය ගේ කතා වලට වඩා සැමුවෙල් ගේ ජීවිත කතාව ලස්සනයි කියලයි මට හිතෙන්නෙ. :|

      Delete
  6. විනෝද වෙලා එන්ඩකො එහෙනම් චාරිකාවෙන්...

    ReplyDelete
  7. කථාව හොදට ලියවීගෙන යනවා...

    අපිට කියවන්න චාරිකා සටහනක් ලියන්න.... සූජානමෙන් චාරිකාව පරිස්සමෙන් යන්න අරිද ?

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ලියන්නම්. ත්‍රාසය භීතිය කුතුහලය පිරුණු එකක් තියනවා ලියන්න. :)

      Delete