Saturday, September 15, 2012

අපි නොදන්න Programming !

"එකෝමත් එක කාලෙක පරිගණක කියලා දෙයක් තිබුණලු. ඒ කාලෙ හිටිය හැමෝම පරිගණකව දැන අඳුන ගන්න, ඉගෙනගන්න එහෙම හරිම උනන්දුයිලු. ඒත් ඉතින් මේ පරිගණක හරිම මෝඩයි ! මොකද වැඩ කරන්න ඔන විදිහ කවුරුහරි එයාට කියලා දුන්නෙ නැතිනම් තනියෙම හිතලා මතලා කිසිම දෙයක් කරගන්න බැරි නිසා. ඉතින් පරිගණක පාවිචිචි කරන දැනමුත්තෝ විදියට අපෙන් කෙරෙන්න ඔනි වැදගත්ම දේ තමයි මේ මෝඩ පරිගණකයට වැඩ කරන හැටි කියාදීම. හැබැයි වැඩ කරන පිළිවෙල පරිගණකයට කියා දුන්නට පස්සේ, ඒ උපදෙස් ටික අකුරක් නෑර තිතටම (තිත් කොමාවටම ; ) කිසිම කම්මැලිකමක් නැතිව කරන්න නම් පරිගණක හරිම හපනා.

හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි පරිගණකයට තේරෙන්නේ 0, 1 විතරයි. (දැක්කා නේද ඉස්කොලෙන් හොරෙන් පනින එකේ විපාක) එයාට අපිට වගේ 2, 3, 4 කියලා ගණන් කරන්නත් බෑ, අ ආ ඇ ඈ a b c d කියලා අකුරු කියන්නත් බෑ. එයාට තේරෙන්නේ 10100010101010 10101010101010 01100110101010 010101010100010 වගේ කිව්වොත් විතරයි. ඒත් ඉතින් එහෙම කියන (ලියන) ඒවා අපිට තේරෙන එකක්යෑ. ඒ හින්දා අපි අපිට තේරෙන බාසාවකින් කියලා (ලියලා) 1,0 හරඹෙ හොඳට පුළුවන් කෙනෙක්ලවා 1,0 වලට හරවලා තමයි පරිගණකයට දෙන්න ඕනි. (බලන්නකො මූ ඉස්කෝලෙ ගිහින් අකුරු ඉගෙන නොගත්ත එකෙන් අපිට තියෙන වදයක් !)

ඉතින් ඔය පරිගණකයට තේරෙන 1,0 වලට machine language කියලා කියනවාලු. අපිට තේරෙන භාෂාවට high level languages කියලා කියනවලු.

ඔන්න ඔහොමයි දිග....ම දිග කතාවක් පටන් ගන්නෙ. කතාව කියන මම වෙනදා ලාබයි ඇපල් ලියන දර්ශන නෙවෙයි, අංජන. දර්ශනත් ඉස්සරහට උදව් වේවි කතාව කියන්න.

/* -------------------------------

* මුලින් ලියලා තියෙන දේ තේරුනේ නැති කවුරු හරි ඉන්නවානම්,

* Software Development & Programming ගැන ලිපිපෙලක මුල තමයි මේ.

--------------------------------*/

23 comments:

  1. Wow....waiting for the programming lessons !



    :)

    ReplyDelete
  2. සුපිරි මචෝ ජය වේවා .................!!! :-bd

    ReplyDelete
  3. ඒ 1 0 ටම තමයි Binary Language කියන්නෙත්....

    ReplyDelete
  4. ආං ..... අද ඇපල් මාරුවෙලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. වෙනසකටත් එක්ක

      Delete
  5. හොඳ වැඩක් ලස්සනට පටන් අරගෙන තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, දිගටම කියවන්න

      Delete
  6. අපි දන්නේ නෑනේ ප්‍රෝග්‍රැමින්ග්.. ඒ හන්දා ඔන්න කියනවනවා..

    ReplyDelete
    Replies
    1. දිගටම කියවන්නකෝ, එතකොට දැනගන්න පුළුවන් වෙයි :)

      Delete
  7. හ්ම්ම්..ලියමුකො ඔහොම.
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, දිගටම කියවන්න එන්න !

      Delete
  8. 10010100101..1010.....111010?
    1110011.... :)

    ReplyDelete
    Replies
    1. 01101000 01100101 01101100 01101100 01101111 00100000 0100001 :)
      //ASCII code for "hello !"

      Delete
  9. Happatasiri Is this you ? :-O
    Really i still cannot believe bro ! :-O :-/

    System.out.println("Different Start ! \n Sure it will lead us to a different way ! Good luck machan! :-bd ");

    I think thariduwa discovered a hidden part of you ! ;)
    :-bd

    ReplyDelete
  10. නියමයි........ඔන්න අපි එනවා කියවලා දැනුම වැඩි කර ගන්න...:) :-bd

    ReplyDelete
    Replies
    1. අහා අදනේ දැක්කේ මේ බ්ලොග් එක ලියන්නේ යාළුවො දෙන්නෙක් එකතු වෙලාද...? :)

      Delete
    2. බුහහහා නැතුව නැතුව . :D

      Delete
  11. නියමයි එල එල මමත් හොය හොය හිටියේ.

    ReplyDelete