Saturday, October 13, 2012

අපි නොදන්න programming 3 - (VIDEO !)

කලින් ලිපියට ප්‍රතිචාර දක්වපු සියලුම දෙනාට බොහොම ස්තූතියි. මේ වතාවේ අත්හදා බැලීමටත් එක්කම විඩියෝ tutorial එකක් කරන්න හිතුවා. අපි විඩියෝ ටිකක් හදලා දාන්න ගොඩක් කල් ඉදන් කතා වෙවී හිටියත්  මේ පාර තමයි හදාගන්න පුළුවන් වුනේ. පුළුවන් තරම් ඉක්මණට විඩියෝ එක හදමු කියලා උනන්දු කරපු ඒ වගේම උදවු කරපු ඇපල්ටත් ස්තූතියි.




මේ විඩියෝ එකේදි අපි මුලින්ම කතා කරන්නේ ජාවා වැඩසටහන් සෑදීමට අවශ්‍ය මෘදුකාංග ලබාගන්නා ආකාරය ගැන. අවශ්‍ය මෘදුකාංග තමයි

1.      Java Development Kit (JDK) - ජාවා වැඩසටහන් සෑදීමට අත්‍යවශ්‍ය මෘදුකාංග සියල්ලම මෙහි ඇතුලත්. ORacal සමාගමේ වෙබ් අඩවියෙන් මෙහි අලුත්ම සංස්කරණය භාගත කරගන්න පුළුවන්. (ඔයාලාගෙ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ජාවා සංස්කරණය තෝරාගැනීමට සැලකිලිමත් වෙන්න)

2.      Eclipse IDE - පරිගණක වැඩසටහන් සෑදීම පහසු කිරීමට භාවිතා කරන මෘදුකාංග වර්ගයක් තමයි Instigated Development Environment (IDE) ලෙස හඳුන්වන්නේ. මේ පාඩම් මාලාව සඳහා මම තෝරාගත්තේ Eclipse IDE එක. (මේ වෙනුවට Netbeans හෝ වෙනත් ඔබ කැමති IDE එකක් වුනත් යොදාගන්න පුළුවන්)

Eclipse IDE එක භාවිතා කර JAVA project එකක් සෑදීම ආරම්භ කරන හැටිත්, සරල ජාවා වැඩසටහනක් ලියා, එය ධාවනය කර එහි ප්‍රතිථලය ලබා ගන්නා හැටිත් විඩියෝ එකේදී විස්තර කරනවා. විඩියෝ එකේදී සාදන ජාවා වැඩසටහනේ source code එක මෙතනින් ගන්න පුළුවන්.

මේක අපේ මුල්ම විඩියෝ එක නිසා අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. Recording කරපු දවසෙ මම ටිකක් අසනීප වෙලා හිටිය නිසා මගේ කටහඬත් මටම අඳුරගන්න බෑ වගේ. ඉතින් මේ විඩියෝ එක ගැනත් ඔයාලගෙ අදහස් වෙනදා වගේම ලියලා යන්න. අපිට මේ දේ දිගටම කරගෙන යන්න ඔයාලගෙ අදහස් උදහස් ගොඩක් වටිනවා.
එහෙම නම් තවත් විඩියෝ එකක් සමඟ නැවත හමුවෙමු.

෴ අංජන කසුන්

21 comments:

  1. හරි ...... ඔන්න පටාන් ගන්නයි යන්නේ ....

    මේ කනෙක්ෂන් එකෙන් වීඩියෝ ලෝඩ් කරන්න බෑ බං, පාඩුයි. වෙන එහෙකින් තමයි බලන්න වෙන්නෙ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ලංකවේ ඉන්ටර්නෙට් ගැන කියලා වැඩක් නෑ :(

      Delete
  2. මෙහෙම දැනුම බෙදාදෙන එක නම් වටිනා වැඩක්! ජයම වේවා සහෝ!

    හි....අංජන ගේ වොයිස් එකත් ඇහුවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      (වොයිස් එක හොඳද? ;;-))

      Delete
    2. හ්ම්ම්..හොඳයි හොඳයි....:)

      Delete
  3. ඔබේ උත්සාහය තරයේ අගය කරමි... ජයවේවා !

    ReplyDelete
  4. යන්තම් වැඩේ පටන් ගත්තා. කොයි කලෙක ඉඳන්ද හිතාගෙන හිටියේ මේක කරන්න. මරු. :-bd

    ReplyDelete
  5. මාත් ඉගෙනගන්න ආසාවෙන් හිටියෙ. eclipse මොන file 1ද download කරේ? "අපි නොදන්න programming 1" හොයාගන්න බැරි වුණා. link එක දෙන්න.

    ReplyDelete
    Replies
    1. http://www.eclipse.org/downloads/packages/eclipse-ide-java-ee-developers/junosr1

      අපි නොදන්න programming 1
      http://laabaiapple.blogspot.com/2012/09/programming.html

      දිගටම කියවන්න එන්න. :)

      Delete
    2. ඔන්න ඒකත් කියෙවුව. ඉතිරි ටිකත් ඉක්මනටම ලියන්න. අනිවාර්යෙන්ම දිගටම එනව.

      Delete
  6. පට්ට පට පට මාත් දිගටම එනවා බලන්න

    ReplyDelete
  7. මමත් දීගටම එනවා ඔන්න!

    ReplyDelete