Monday, October 22, 2012

අපි නොදන්න programming 4 - (HD VIDEO)

කලින් post එක බලපු හැමෝටම ස්තූතියි.  කලින් ලිපියෙන් පටන් ගත් විඩියෝ පාඩම් මාලාවේ දෙවනි කොටස  අද ඔයාලට ඉදිරිපත් කරනවා. නිකන්ම නෙවෙයි, 720p HD quality එකෙන්ම!  (සෑහෙන්න මඟ ඇර ඇර ඉඳලා අන්තිමට කම්මැලිකම අතඇරලා යන්තම් විඩියෝ එක Upload කලා.) වෙනදා වගේම මේ විඩියෝ එකටත් සෑහෙන්න උදවු කරපු ඇපල්ට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි. කලින් විඩියෝ එක කරනකොට පැය ගානක් try කරලා, දෙතුන් පාරක්ම record කරලා, සෑහෙන්න edit කරලා .... තමයි බලන්න පුළුවන් තරමට හදා ගත්තෙ. ඒත් මේසැරේ නම් එච්චර කරදර වෙන්නෙ නැතිව ඉක්මනට කරන්න පුළුවන් වුනා.



මේ විඩියෝ එකේදී අපි පෙර විඩියෝ එකේ ලියපු code එක ගැන කෙටි පැහැදිලි කිරීමක් මුලින්ම කරනවා. ඊටපස්සේ තමයි අද පාඩම පටන් ගන්නේ.

Eclipse (හෝ වෙනත් සමාන) IDE එකකින් programmer කෙනෙකුට ලබා දෙන පහසුකමක් ගැන අපි ඊළඟට කතා කරනවා. ඒ තමයි code ලියනකොට වැරද්දක් එහෙම වුනොත් එය හඳුනාගන්න IDE එක උදව්වෙන හැටි. Coding වලදී එක අකුරක්, තිතක්, කොමාවක් වෙනස් වුනත් සම්පුර්ණ වැඩසටහනම ක්‍රියා නොකරන්න පුළුවන්. අනෙක ඉතින් ටයිප් කරනකොට වරදින්නෙ නැත්තෙ කාටද?  ඒ නිසා මෙම පහසුකම ගොඩක් වැදගත් වෙනවා.

පරිගණක භාෂාවේ වචන keywords ලෙස හඳුන්වනවා. ඒවා භාවිතා කර codes ලියන පිලිවෙල (වින්‍යාසය) syntax ලෙසත් හදුන්වනවා. Keywords හෝ syntax වල සිදුවන වැරදි පමණයි IDE එකට හඳුනාගැනීමට පුළුවන්. වැඩසටහනේ ඇති සියලුම වැරදි හඳුනා ගැනීමට එයට හැකියාවක් නෑ. (ඒ නිසා වැරදියට code ලියන්න එපා. )

ඊළගට අපි ජාවා පරිගණක භාෂාවේදී Comments භාවිතා කරන ආකාරය ගැන විස්තර කරනවා. comments යොදන විදිය බොහෝ පරිගණක භාෂා වලට එක සමානයි.


ඉතින් මේ විඩියෝ එක ගැනත් ඔයාලගෙ අදහස් වෙනදා වගේම ලියලා යන්න. අපිට මේ දේ දිගටම කරගෙන යන්න ඔයාලගෙ අදහස් උදහස් ගොඩක් වටිනවා. අපේ අලුත් FB page   එක පැත්තෙ ගිහින් එන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් විඩියෝ එකක් සමඟ නැවත හමුවෙමු.

෴ අංජන කසුන්

14 comments:

  1. නියමයි අංජන සර් දිගටම කරන්න. මම සංජීව සර්ගෙ කාලාස් එකේ හිටියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විමුක්ති. දිගටම කියවන්න එන්න.

      Delete
  2. කලින් එක අමතක වෙනකම් ඉන්නවනේ ඊළඟ එක දාන්ට. කමක් නෑ පුළුවන් හැටියට කරන් යමු. වෙනද වගේම ස්තූතියි කිව්ව ඔන්න.

    ReplyDelete
    Replies
    1. :) ඊළඟ ඒවා මීට වඩා ඉක්මනට දාන්න බලන්නම්. comment එකට ස්තූතියි

      Delete
  3. ගොඩක් අයට වැදගත් වෙන වැඩක් ආරම්භ කරලා තියෙන්නේ... දිගටම ඔය ගුණාත්මක භාවය ආරක්ෂා කර ගෙන කරගෙන යන්න... වැඩේ නම් ගොඩක් හොදයි... හැබැයි මේකත් කිව්වොත් තරහා වෙන එකක් නෑ කියලා හිතනවා... ‍ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් හොයාලා බැලුවොත් ජාවා පාඩම් මාලා කියලා විඩියෝ ගොඩක් වෙබ් සයිට් වල තියෙනවා... ඒත් ඒ එකක්වත් විශාල පරාසයක් ආවරණය කරන විදිහට කරලා නෑ... ගොඩක් ඒවා මග නැවතිලා.. එහෙම නේද? ඉතින් පටන් ගත්ත වැඩේ සම්පූර්ණ කළොත් මේ බ්ලොග් අඩවිය ජාවා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අය අතරේ ජනප්‍රිය තැනක් වේවි... ඒ නිසා දිගටම වැඩේ කරගෙන යන්න... වැඩේට සුභපැතුම්... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරිගැන්වීමට. විඩියෝ ටික දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ජාවා විතරක් නෙවෙයි වෙනත් තාක්ෂණික දේවල් ගැනත් ඉදිරියේදී පාඩම් මාලා කරන්න හිතාගෙන ඉන්නවා (ෂ් ෂ් ෂ්... මේක රහසක් ;) )

      Delete
  4. වැඩි කාලයක් ගන්න එපා මලයො පෝස්ටු දෙකක් අතර... එහෙම උනාම පාඨකයො මෙව්වා වෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක තමා. ඊළග එක ඉක්මනට දාන්නනම්

      Delete
  5. ඒ වගේම පාඩම් අතරමඟ නවත්තන්නත් එපා, මට ගොඩක් එහෙම වෙලත් තියෙනවා ඉගෙනගන්න ගිහින්! සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙන් ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙන නිසා අතරමඟ නතර වෙන එකක් නෑ :)

      Delete
  6. මේ තොරතුරු මට ගොඩක් වැදගත්..ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙන දෙයක් කියා දෙන්න ලැබීම සතුටක්, දිගටම කියවන්න එන්න.

      Delete
  7. ඔන්න අපි පේජ් එක පැත්තෙත් ගියා..
    ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි. :):)

      Delete