Monday, October 29, 2012

අපි නොදන්න programming 5 - (HD VIDEO)

ඔන්න එහෙනම් තවත් විඩියෝ පාඩමක් අරගෙන ආවා . මේ අපේ විඩියෝ පාඩම් මාලාවේ තුන්වන කොටස. පෙර ලිපියට අදහස් උදහස් දැක්වූ හැමෝටම ස්තූතියි.


මෙවර පාඩමෙන් අපි කතා කරන්නේ Data types හා variables ගැන. මේ ගැන විස්තර කරන්න මම රූපසටහන් කිහිපයක් යොදා ගන්නවා. ඒවා මෙතනින් තවත් පැහැදිලිව බලන්න පුළුවන්. ඒ වගෙම වැඩසටහනෙදී variables සෑදීම, ඒවාට අගයන් ආදේශ කිරීම, හා වැඩසටහනකදී භාවිතා කරන ආකාරය ගැන සරල උදාහරණයකුත් ඉදිරිපත් කරනවා. එම උදාහරණයට අදාල source code එක මෙතනින් බලන්න පුළුවන්.
එහෙනම් වෙනදා වගේම අදත් ඹයාලගෙ අදහස් උදහස්, යෝජනා චෝදනා ලියලා යන්න අමතක කරන්න එපා.

//* සටහනක් ..
(මෙහි යෙදෙන ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල පාරිභාෂික වචන තියෙනවා. නමුත් ඒවා සාමාන්‍ය භාවිතයට යොදා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්. සමහර සිංහල පාරිභාෂික වචන තේරුම් ගන්නවාට වඩා ඉංග්‍රීසි වචනය තේරුම් ගන්න ලේසියි. ඒ වගේම මේ ක්‍රේෂත්‍රයෙන් ඉදිරියට යනවා නම් ඉංග්‍රීසියෙන් තමයි දැනුම ලබා ගන්න වෙන්නේ. මේ වගේ හේතු නිසා තමයි මේ පාඩම් මාලාවෙදි විෂයට අදාල වචන ඉංග්‍රීසියෙන්ම කියන්නේ. ඒ නිසා ඉංග්‍රීසි කෑලි දාලා සිංහල භාෂාවට හානියක් කරනවා කියලා හිතන්න එපා ) */

ඊළග පාඩමෙන් නැවත හමුවෙමු. අපි ඊළඟ පාඩමේදි කතා කරන්නේ operators ගැන.

෴ අංජන කසුන්.

4 comments:

  1. දන්නා දේ කියාදීම වටිනවා..මේ කාර්යබහුල දින ටික ඉවරවෙලා හිමින් සැරේ පාඩම් ටික ඉගෙන ගන්නම්කො :) ජය!

    ReplyDelete
  2. ආවෙමි...කියෙව්වෙමි...

    ReplyDelete
  3. මම මේ පාඩම් ටික මුල ඉදන්ම ඔන්න ඉගනගෙන අවා...දිගටම කරගෙන යමු හොදේ..අපි අනිවාරයෙන් පරක්කු උනත් බලන්න එනවා හොදේ..හුගක් හොද වැඩක්... #-o හුගාක් ස්තුතියි ඔයාට..ජයෙන් ජය...!!! :) :-bd

    ReplyDelete