Tuesday, October 23, 2012

ජයවේවා Techකතා

ගොඩක් දවසකට පස්සේ ඔන්න අද පෝස්ට් එකක් දාන තරම් වෙලාවක් හම්බ උනා. මෙච්චර දවසක් මම හිටියේ මගේ යාළුවා සහ ගුරුවරයෙක් වන අන්ජනගේ ගෙදර. මගේ programing දැනුම මදි හින්ද ඒ ටික පොලිෂ් කරගන්න කියල මෙහෙ ආව. ඉතින් කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක් . කොහොමින් කොහොමින් හරි අන්තිමට යන්තම් වෙලාවක් හොයා ගත්ත මේක ලියන්න. 

අද පෝස්ට් එකේ මාතෘකාව දැක්ම තේරෙනවා ඇති මම ලියන්න හදන්නේ මොකක් ගැනද කියල. මෙතෙක් කලක් අහන්න උනේ නැති උනාට මෙහෙ ආපු දවස් ටිකේ පරණ ඒවත් එක්කම අහන්න හම්බ උනා. මොකදමගේ යාළුවා මේ වැඩසටහනේ ආරම්භයේ ඉදන් අහන කෙනෙක්. ඉතින් එක හින්ද මටත් වාසනාවක් හම්බ උනා එක අහන්න. ඇත්තටම මම අහපු , පරිගණක සහ අනෙකුත් තාක්ෂනය ගැන කියවෙන වැඩසටහන් අතරින් හොඳම එක මේක තමයි කියල මම මම නම් කියන්නේ . මේකේ කියවෙන ගොඩක් දේවල් අනෙක් වැඩසටහන් වල කතා නොකෙරෙන ගොඩක් දේවල් මේකෙන් කතා කරනවා. 

වැඩසටහන කෙරෙන සරල ආකාරය සහ පිළිවෙල මට නම් හිතට අල්ලලා ගියා. ගොඩක් වැඩසටහන් කරන අය පෙන්නන්න හදන්නෙ ඒ අය ඔක්කොම දන්නවා සහ තමන් තමයි professional කියල . ඒත් Techකතා කරන කට්ටිය එහෙම නැහැ. දන්නේ නැත්නම් දන්නෙ නැහැ කියනවා. දන්නා දේ හොඳටම කියල දෙනවා. සාමාන්‍ය විදියට විහිලු කරනවා . ඉතින් මේක ඇත්තටම කියනවනම් ඉතාමත් සාර්ථකම reality වැඩසටහනක් විදියට තමයි මම දකින්නේ. 

Techකතා වලට ජයවේවා......! ඔන්න තවත් අසන්නෙක් ඔබලාට එකතු උනා.

20 comments:

  1. programing මට නිකන් පිස්සුවගේ :O

    ReplyDelete
    Replies
    1. මටත් මුලදී ඔහොම තමයි.දැන් නම් අවුලක් නෑ වගේ වගේ... :7

      Delete
  2. හෆ්ෆෝයි Programming!!! :( මටත් එපා වෙලා තියෙන්නෙ... :/

    හ්ම්ම්ම්ම්ම්... මම මෙහාට ආවෙ අදමද?? :O කොහොමද මට ඇපල්ව මඟ හැරුනෙ??? :(

    ReplyDelete
    Replies
    1. ඒ මොකද එපා වෙලා තියෙන්නෙ??? :-O හිතන තරම් අමාරු නැහැ ඒකත් කරගෙඅ යනකොට.

      කොහොම හරි මගහැරිලා. =((

      කමක් නෑ දැන් හරි ආවනේ... :-bd

      Delete
  3. ප්‍රෝග්‍රැමින් කියන්නෙ මට නම් අහස සහ පොළොව වගේ..... අන්ත දෙකක්... කෙසේ වෙතත් ඔබේ අනාගතය යහපත් වන්නට පතමි...

    ReplyDelete
    Replies
    1. ඉස්තුති වේවා...! එක එක අය යන පැති වෙනස්නේ...ඉගෙන ගන්න අයට සහ කැමති අයට උදව්වක් විදියට තමයි මේක දාන්නේ. මොකද මම දන්නවා මම මේවා ඉගෙන ගන්න විඳින දුකක්. හරි පාරක් දන්නෙ නැතුව යන්තම් අතපත ගගා ගිහින් දැන් නම් යන්තම් දනගාගෙන වගේ යන්න පුළුවන්. :)

      Delete
  4. දැන් මොකේද ඔය ටෙක් කතා යන්නේ?

    ReplyDelete
    Replies
    1. පැත්තකින් තියන පෝස්ටරේ උඩ ඔබන්නකෝ....එතකොට හරි. මුලදී ටිකක් පිස්සු කියල හිතෙයි. ඒත් ඉවරවෙනකම් අහගෙන හිටියොත් හොඳයි කියල හිතෙයි. 8-7

      Delete
  5. හොඳ වැඩක්! ජය!

    ReplyDelete
  6. මට මේවා නිකන්...... :)

    ReplyDelete
  7. ඇත්තටම හොඳ වැඩක්, ගිහින් බලන්නම්කෝ!

    ReplyDelete
  8. ඔයාගේ මේ පැටව් මට කොචොක් කරනවා.ගහනවා මම ඒයාලට
    http://www.facebook.com/manasindiviyata

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අපේ බ්ලොගයට . :)

      Delete