Monday, November 5, 2012

සප් එකක් දෙනවද......??



අද මම ඉල්ලන්න හදන දේ හිතාගන්නේ පුලුවනිනේ හැමෝටම? හැමෝගෙන්ම උදව්වක් ඉල්ලන්න හදනවා කියලයි කියන්න යන්නේ . මේකට සල්ලි වියදම් වෙන්නේ නෑ. පුළුවන් විදියට උදව්වක් දෙන්න කියල මුලින්ම ඉල්ලනවා. බැරි නම් අව්ලකුත් නෑ ඕං . ඒ උනාට සප් එකක් දෙනවනම් ලොකු දෙයක් . මේ උදව්ව ඉල්ලන්න හදන්නේ මට සහ අලුතින් බ්ලොග් ලෝකෙට ආපු මගේ සහෝදර මල්ලි කෙනෙක්ට. මුලින් අලුත් එකා ගැන කියල ඉන්නම්කො...( මඩ එහෙම නෙමෙයි හොඳේ...)

 මේක ලියන්නේ දර්ශන කියල මල්ලි කෙනෙක්. අමුතුම පොරක්. අමුතු විදියට හිතන අමුතුම වැඩ කරන එකෙක් . හොඳ මීටරයක්. සාමාන්‍ය පෙළ කාලේදී පන්ති නොගිහින් මිනිහා විභාගේ කරලා නියමෙට පාස් උනා . ඒ වගේම තමයි සංගීතයට ඇති දක්ෂයෙක්. හොඳට වයලින් ගහන්නත් පුළුවන්. ඒ වගේ ලස්සනට වයලින් ගහන එකෙක් මම දැකල නෑ ඇත්තටම . ඒ හින්ද අපි නම් මිනිහට කියන්නේ "වයලෝ" කියල. දහම් පාසලේ වැඩ වලට ගියාම අපි දෙන්න එනම් මනම් කතා කර කර ඉන්නව. ඔය ඉන්න අතරේ දවසක් බ්ලොග් ගැන කතාවකුත් ගියා. දවස් දෙක තුනක්ම කතාව ඇදුන. අන්තිමට කතාව නතර උනේ මලය බ්ලොග් එකක් පටන් ගත්තට පස්සේ . මම මිනිහගෙ බ්ලොග් එකට සප් එකක් දෙන්න හිතුවේ එක හේතුවක් හින්ද. සාමාන්‍යයෙන් අපි බ්ලොග් එකක ලියන්නේ මල විකාර . ඉඳල හිටලා වැදගත් එකක් පල කරනවා තමයි. ඒක අරකෙම අතුරු කතාවක්නේ... ( මම කියන්නේ මගේ බ්ලොග් එක ගැන හොඳේ..කට්ටිය මගේ බෙල්ල එහෙම මිරිකන්න හදනවා නෙමෙයි . ) සමහර බ්ලොග් තියනවා ඇත්තටම වැදගත් ඒවා පල කරන. මේ මලයත් ඉතාමත් වටිනා බ්ලොගයක් හදල තියනවා. සබරගමුවේ ඉතිහාසය ගැන , සමන් දේවාලය ගැන අපි නොදන්නා ගොඩක් දේවල් හොයාගෙන, ඒ කියන්නේ ඒ තැන වලට ගිහින් කරුණු හොයාගෙන බොහොම මහන්සියෙන් බ්ලොගය කරනවා . ඇත්තටම බොහොම වටිනා කරුණු ගොඩක් හොයාගෙන තියනවා. බලන්න වටින එකක් හින්දා තමයි මම මේක කට්ටිය අතරේ බෙදාගන්නේ හිතුවේ. මෙතනින් ඒකට ගිහින් බලන්න. 

සබරගමුවෙන් යලි උපන්නෙමු..

 


දැන්  ඉල්ලන්න හදන්නේ  මට උදව්වක්. මට කිව්වට මටමමත් නෙමෙයි . මේ උදව්ව ඉල්ලන්නේ අපේ ජාවා පාඩම් මාලාව ගැන. මේක පටන් ගත්තේ මම ඉගෙන ගන්න ගිහින් විඳපු කරදර තව කෙනෙක්ට ඇති නොවෙන්න කියල හිතාගෙන. ගොඩක් දේවල් තේරුම් ගන්න බැරුව කොච්චර දුකක් වින්දද කියල දන්නෙ මම විතරයි . මගේ යාළුවා අංජන නොහිටින්න මම මේ වෙනකොට වැඩේ අතෑරල දාල ගොඩක් කල්. ඒත් එහෙම උනේ නෑ. ඉතින් මම හිතුව තව කෙනෙක්ට උදව්වක් කරලා සතුටු වෙන්න . අන්තිමට වැඩේ පටන් ගත්ත. මේකයි මට කරන ලොකුම උදව්ව. පුළුවන් නම් ජාවා ඉගෙන ගන්න අයට මෙහෙම දෙයක් තියනවා කියල දැනුම් දෙන්න . ගොඩක් අය දන්නෙ නැහැ මෙහෙම වැඩක් කරනවා කියල . බ්ලොග් ඒකට නාවත් youtube  එකේ හරි බලන්න කියන්න. අපිත් තවම ඉගෙනගන්න අය හින්ද එක දිගටම පාඩම් දාන්න වෙලාවක් නෑ. හිතේ තිබුනට වැඩ ගොඩ කරන්න විදියක් නෑ. ඒත් පුළුවන් උන ගමන් තව විවිධ පාඩම් මාලාවක්ම අපි ඉදිරිපත් කරන්නම්. අපේම වෙබ් සයිට් එකකුත් හදන්න අදහසක් තියනවා . යථා කාලයේදී ඒ ගැන හරියටම කියන්නම්. ඒ වගේම අඩුපාඩු තියනවනම් කෙලින්ම කියන්න. අපි තරහ නෑ . එහෙම කියන තරමට අපි සතුටුයි. එතකොටනේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. 

යෝජනා චෝදනා වලට අපි කැමතියි. ඒ හින්ද කොමෙන්ට් එකක් දාල ඒ ගැන කියනවනම් අපේ හිත වලටත් ශක්තියක් එනවා. මම දාන අනික් පෝස්ට් වලට නම් හිතෙන විදියක් කලාට කමක් නෑ. ඒත් පාඩම් ටිකට නම් ප්‍රතිචාරයක් දකින්න මම කැමතියි .

එහෙනම් මම යනවෝ... ( ඉල්ලපු දේ අමතක කරන්න එපා හොඳේ... )
 


22 comments:

  1. අනිවාර්යෙන්ම ඒ පැත්තටත් යනවා. දකුණෙ ඉන්න අපි ඉතිං සබරගමුව ගැන මක්කද දන්නෙ.

    අනිත් එක නම් .... බලමු ඔය උණ සැරටම තියෙන එවුන් දෙන්න තුන් දෙනෙක්වත් හොයාගන්න.

    ReplyDelete
  2. ඔන්න ඇපල් සහෝ අපිත් එහෙ ගියා. උඩින් ඩීඩීටී සහෝ කිව්වා වගේ දකුණෙ අපි මොනවද සබරගමුව ගැන දන්නේ..ඒක වටින බ්ලොග් අඩවියක්.

    මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්න මම නම් ආයෙම වීඩියෝ ටික බැලුවා. දන්න අයටත් කියන්නම්.

    ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. පින් විතරයි දෙන්න තියෙන්නේ දැන්. 8-7

      Delete
  3. හ්ම්ම් මාත් සබරගමුවේ නේ, අනිවා යන්න ඕනි මං නම්..:) මේන් ගියා!!

    ReplyDelete
  4. Onna Apith Giya A Paththata..Jayen Jayama Wewa Saho!

    ReplyDelete
  5. ඇපල් එක උදව්වක් කියලා උදව් කීපයක්ම ඉල්ලලා නොවැ... අවුලක් නෑ හොද දේ එක්ක අපිත් ඉන්නවා...

    ReplyDelete
  6. Replies
    1. ලොකු උදව්වක් කලේ...හොඳ දෙකට උදව් කරන්න ඕනිනේ.. O:-)

      Delete
  7. නියමයි මචන් පුළුවන් විදිහකට මමත් සප් එක දෙන්නම්.

    ReplyDelete
  8. හරි හරි අපිත් යනවෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති වේවා..... :)

      Delete
  9. මේ පැත්තට ආවෙත් අද....... සබරගමුව පැත්තටත් යන්නම්කෝ....... :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා .දිගටම එන්න . :)

      Delete