Sunday, November 11, 2012

ඇපල් ට අවුරුද්දයි.....හුරේ....


හප්පේ ඔන්න කොහොමින් කොහොමින් හරි අවුරුද්දකුත් ගියා. කොහොම ගෙවුනද කියල හිතාගන්නත් බැරි වුනාට ගෙවිල ගිහින් . බැලින්නම් කරපු වැඩකුත් නෑ වගේ වගේ කියලත් හිතෙනවා. කොහොම උනත් ඇත්තටම හිතල බැලුවම පහු උන අවුරුද්දේ කොච්චර දේවල් මට ලැබුනද කියලත් කොච්චර දේවල් ඉගෙනගත්තද කියන එකත් මම අමතක කරන්නේ නෑ . අමතක කරන්නත් බෑ. මේ තරම් දුරක් එන්න පුළුවන් උනා කියල හිතෙනකොටත් හරි සතුටක් දැනෙනවා. කොහොම හිටපු කෙනෙක්ද කියලත් හිතෙනවා. මිට අවුරුද්දකට කලින් ඇත්තටම බ්ලොග් කියන වචනේ වත් අහල නොතිබුන මම හෙවත් ඇපල් දැන් බ්ලොග් ලියනවා විතරක් නෙමෙයි අනික් අයටත් බ්ලොග් ලියන්න උනන්දු කරනවා .

අදින් අවුරුද්දකට කලින් මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කිසිම අරමුණක් නැතුව . ඇත්තටම කියනවනම් ආසාවට. 2011 - 11 - 11 කියන දිනේ පලවෙනි පෝස්ට් එක කියල මාතෘකාව දාල පටන් ගත්තේ හිතේ තිබුන ආසාවට සහ මගේ මිතුරා වන අන්ජනගේ උනන්දු කිරීම හින්දා . ඊට ටික දවසකට ඉස්සෙල්ල වෙනකම් මම බ්ලොග් කියන නමවත් අහල තිබුනේ නෑ කියල මම කිව්වනේ ..ඔය අතරේ තමයි මට කිව්වේ මගේ ලෝකය  කියල බ්ලොගයක් තියනවා කියල. කොහොමින් හරි බ්ලොග් කෙරුවාව හිතට අල්ලලා ගියේ ඒ හින්ද . මොකද මේකට සල්ලියක් වැය කරන්න වෙන එකකුත් නෙමෙයි. ඒ හින්ද මිට අවුරුද්දකට කලින් අද වගේ දවසක ලාබයි ඇපල් කියන නමින් මගේ රසවත් නරක නොවුන හොඳ දේවල් පමණක් දෙන (?) බ්ලොගය පටන් ගත්ත. 

මේ සම්බන්ධයෙන් මගේ ගෞරවයෙන් බාගයක් මගේ ලෝකය ලියන රංග ඉංජිනේරුවාට හම්බ වෙන්න ඕන . මම ඒක දිහා බලල තමයි මගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක තීරණය කලේ. ඒ වගේම ඒ තියන විදියට මගේ බ්ලොග් එක විවිද විදියට වෙනස් කල කාලෙන් කාලෙට. ඒත් දැන් නම් මගේම තාලෙකට මට කැමති දේවල් දාල බ්ලොග් එක හදල තියනවා . ඉතිරි ගෞරවයෙන් භාගය මගේ මිතුරු අංජන ට හිමි වෙන්න ඕන.මම නොදන්නා ගොඩක් දේවල් කියල දුන්නේ ඔහු. ඒ වගේම තමයි මේ මේ දේවල් කරන්න කියල උපදෙස් දුන්නෙත් ඔහු . ඒ හින්ද ඔහුව මතක් නොකලොත් මම ගුනමකුවෙක් වෙනවා. 

මුල කාලේ නම් මේක බලන්න ආවේ බොහොම ටික දෙනයි. අනික දාන්න තරම් දේකුත් තිබ්බේ නෑ . හරිම අමාරුවෙන් මතක් උනේ දාන්න තරම් දෙයක්. කොහොම කොහොම හරි දාන්න දේවල් ටික ටික අවට පරිසරයෙන් හම්බ වෙන්න පටන් ගත්ත . මුලින්ම දාපු පොස්ට් වලට කට්ටිය කොමෙන්ට් දැම්මෙත් හරිම අඩුවෙන්. බලන්න ඇවිත් තිබුනෙත් හරිම අඩුවෙන්. ඉතින් හැමදාම රෑට බලනවා ඊයේට වඩා කට්ටිය බලලද කියල . එහෙම වෙලා තිබුනොත් හරි සතුටක් දැනුන . කට්ටිය කොහොම කිව්වත් කට්ටිය බලන්න එන ගාන ටික ටික වැඩිවෙනකොට හිතට දැනුන සතුට නම් කියලම වැඩක් නෑ.මාරම ෆිට් එකක් තමයි දැනුනේ . කොහොමින් හරි දැනට මේක බලන්න එන කට්ටිය 55 ක් කියලත් 10000 විතර hit counter කියලත් වැටිලා තියනවා. කාටද ආඩම්බර....

මෙච්චර කල් පිස්සු විකාර ලිව්වා. ටිකක් වැදගත් දේවල් ලිව්වා. මට හිතුන දේවල් ඒ කියන්නේ මගේ මතයන් ඉදිරිපත් කළා. එත් බලන්න කට්ටිය ටික දෙනයි ආවේ. කාලයක් වැඩේ අතාරින්නත් හිතුන . එහෙම බ්ලොග් එක පැත්තේ ටික දවසක් නෑවිත් ඉඳලා අයිමත් ගිහින් බැලින්නම් මෙන්න කට්ටිය බලන්න ඇවිත් වෙනදට වඩා . ආයිමත් ලියන්න පටන් ගත්ත ඒ ගැම්මට. දැනුත් ඒ ගැම්මම තමයි තියෙන්නේ . අන්තිමට තමයි මගේ කන් කරච්චලේ ඉවසගන්නම බැරි තැන අංජන ජාවා පාඩම පටන් ගත්තේ . කොහොමින් කොහොමින් හරි මේ තැනට එන්න ඇත හිත දුන්න හැමෝටම ඉස්තුති වේවා......!!! පින් සිද්ධ වේවා......!!! අද 50 වෙනි එක ලියනවා. ඉස්සරහට මොනවා ලියයිද මොනවා නොලියයිද දන්නේ නෑ. කොහොම උනත් දැන් නම් බනින්න හරි කට්ටිය එනවා කියල දන්නා හින්ද බය නැතුව ඕනෑම දෙයක් ලියනවා. 

එහෙනම් යාලුවනේ.....

මට ජය වේවා.........!!!

24 comments:

  1. "කොහොම උනත් දැන් නම් බනින්න හරි කට්ටිය එනවා කියල දන්නා හින්ද බය නැතුව ඕනෑම දෙයක් ලියනවා" :P

    ඔන්න ඇපල් සහෝ වකා හදවතින්ම සුබ පතනවා.

    ජය වේවා. :) :-bd

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති . ඇත්තටම මෙහෙම කට්ටිය කියනකොට හරි සතුටු හිතෙනවා. 8-7

      Delete
  2. සුබ පැතුම් වේවා...

    // කාලයක් වැඩේ අතාරින්නත් හිතුන . //

    පිස්සුනේ මෙයාට..එහෙම උනානම් ඉතින් අර 55 දෙනා ඇවිත් ගහලා යාවි ඔයාට.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. අධ්‍යාපන කටයුතු හින්ද පොස්ට් දාන්න වෙන්නේ නැති කාලවල් වලට මට ගහයිද දන්නෙත් නෑ තමයි :-t. සුබපතුවට ඉස්තුති වේවා... සයුරි මිස්. :P

      Delete
  3. සුබ පැතුම් යාළුවා!!

    ReplyDelete
  4. මට ජය වේවා.........!!!

    ඒ කථාවට මම පස්ට ලයික්... මමත් බොහෝවිට යාලුවන්ගෙන් සමුගන්නෙ අපිට ජය වේවා ! කියලා

    පළමු බ්ලොග්වසරියට මගෙන් උණුසුම් සුභ පැතුම් ඇපල්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සිරා අයියේ...මුල ඉඳන්ම මාව දිරිමත් කලාට ස්තුති. :)

      Delete
  5. ඇපල් ටික ටික වැඩිවිය පත්වෙනවනේ. මගෙනුත් සුභපැතුම් මචං. තව තවත් සාර්ථකව වැඩ කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනව.

    =D7 =D7 =D7 :-bd :-bd :-bd

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා....! වයසින් වැඩි වෙන්න වෙන්න හොද දේවල් ලියන්න පුළුවන් වෙයි. හෙහ් හේ :7 O:-)

      Delete
  6. සුබ පැතුම් ඇපල්ට.. ඇපල් ගොඩක් නොලිව්වට ගොඩක් බ්ලොග් කියවලා කමෙන්ට් කරලා උනන්දු කරවනවා මන් දැකලා තියෙනවා..ඒක හරි වටිනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. වෙනි අයිය බ්ලොග් මගේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වල ඉඳන්ම කොමෙන්ට් කළා. මට දීපු ශක්තියට බොහොම පින්. :x O:-)

      Delete
  7. ඇපලා දැන් ලොකු ළමයෙක්...

    මගෙනුත් සුභපැතුම්.. ජය ජය ජය!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව :))
      ස්තුති වේවා....!

      Delete
  8. සුභ පැතුම් මගෙනුත්.....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. දිගටම එන්න. :-bd

      Delete
  9. හික්ස්ස්ස්... ඇපල් ගහෙන් වැටිලා.. ;) :D

    සුභ පැතුම් මගෙන්!!! ඔයා දැන් ලොකු ඇපල් කෙනෙක්... දැන් ඉතින් ඉස්සරහට තවත් හොද හොද දේවල් ලියන්න අපිට බලන්න...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හපෝයි කියන කතා... :-$ ලියන්නම් ලියන්නම් දිගටම එන්න. O:-)

      Delete
  10. ජය වේවා. අර ස්මයිලි ටිකක් අඩුවෙන් ලිව්වනම් කරදරයක් නැතිව එක දිගට කියවගෙන යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අහ්හ් දන්නේ නැද්ද ඉතින්. හෙහ් හෙහ්
      :))

      Delete
  11. එල අය්යේ එල... මාත් හරිම ආසාවෙන් බලන්නේ ... හරිම ශෝක්...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තුති. ඉස්සරහට තව හොඳ ඒවා දාන්නම්. ;)

      Delete
  12. සුභ පැතුම් සහෝ
    තව බොහෝ කාලයක් බ්ලොග් ලෝකේ වැජබෙන්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති වේවා.... සහෝ..... :)

      Delete