Thursday, November 15, 2012

ටික දිනකට ආයුබෝවන්.

මේ දවස් වල වැඩ සෑහෙන්න. ඔක්කොම බෙල්ල ගාවටම හිරවෙලා. මොකක්ද කරන්නේ කියල හිතාගන්නත් බෑ වගේ. ඉගෙනගන්න කාලේ සෑහෙන්න දුක් විඳින්න වෙනවා කියන කතාව නම් සහතික ඇත්ත. දැන් තමයි ඒවත් තේරෙන්න පටන් ගන්නේ. ඉස්ට්‍රයික් ඉවර කොරල අහවර වෙලා දැන් උගන්නන්න පටන් අරගෙන. ඉතින් ඔක්කොම ටික දඩ බඩ ගාල ඉවර කරන්න තමයි වෙලා තියෙන්නේ. මොනවා කරන්නද මේක කරගත්තේ නැත්නම් මොනවත් නෑනේ. 

ජාවා පාඩම් ටික කරන්නත් වෙලාවක් නෑ. ඒකටත් කොමාවක් තියන්න වෙනවා වගේ. හරිම අප්සෙට්. මගේ මිත්තරයටත් මට වඩා වැඩ. ඉතින් කොහොමද රෙකෝඩ් කොරන්නේ ? ? යන්තම් අව්රුද්ද සම්පුර්ණ උන පොස්ට් එක ලියා ගත්ත. නැත්නම් ඉතින් හිතට අමාරු වෙනවා. අමාරිස් අයියගේ කතා ටිකත් මග නැවතුන. වෙලාව කියන දේ ප්‍රධාන සාධකය වෙලා. ඒක හරි ඉක්මනට අතුරුදන් වෙනවා කියල තේරෙන්නේ වැඩ කරනකොට තමයි. 

ඉතින් යාලුවනේ ටික දවසකට බ්ලොගය ලියන එක නවත්තන්න වෙනවා. ඒ කියන්නේ මේක අතාරලා දානවා එහෙම නෙමෙයි හරිද? ජනවාරි මාසය වෙනකම් මට මේ පැත්තේ එන්න බැරිවෙයි වගේ. පුළුවන් විදියට ඔයාල දාන පොස්ට් කියවන්නම්. ආවේ නෑ කියල තරහවෙන්න නම් එපා යාලුවනේ. ඉගෙනගන්න වැඩ ටිකට මුල් තැන දෙන්න ඕනිනේ....

එහෙනම් මම ගිහින් එන්නම්. 

ජයවේවා..............................!!!

11 comments:

  1. ඉගෙන ගැනීමේ කටයුතු ටික හොඳින් කර ගන්න. ජය පතමි!

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_14.html
    රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්?

    ReplyDelete
  2. ඉගෙනගන්න වැඩ ටිකට ජය !

    :-bd

    ReplyDelete
  3. හා හා ගිහින් එන්ඩලා...

    ReplyDelete
  4. හරි මචං, අනිවාර්යෙන් ඒ ටික හරියට කරගනිං. හැබැයි ඉක්මනට වරෙන් ආපහු, අපි බලන් ඉන්නව.

    :-h :-h :-h :-h :-h :-h :-h :-h :-h :-h :-h :-h :-h

    ReplyDelete
  5. පුලුවන් තරම් ඉගෙනගනින් මලේ... ලැම්බෝගිනි ගන්න සල්ලි නැති අපට උපයාගන්න පුලුවන් හොදම වත්කම තමා ඔය... බොට ජය වේවා !

    ReplyDelete
  6. ගිහින් ඉක්මනට එන්ඩ....

    ReplyDelete
  7. එල මචන් ගිහින් වරෙන්

    ReplyDelete
  8. ජය වේවා......!!!! ගිහින් එන්න...... :) :) :

    ReplyDelete
  9. ඉගෙනීමට මුල් තැන දෙන්න ..ඊට පස්සේ එන්නකෝ බ්ලොග් බලන්න
    ජය වේවා......!!!!:D

    ReplyDelete
  10. ඇපල් රසයි

    ReplyDelete