Sunday, January 20, 2013

දෙමාපියන්ගේ සපත්තු දරුවන්ට දැමීම.



මම කියන්න හදන්නේ මොකක්ද කියල කට්ටිය දැන් කල්පනා කරනවා ඇති. අම්මල තාත්තලාගේ සපත්තු කොහොමද ළමයි දාන්නේ? ඒවා ලොකු වැඩියි නෙ?? එහෙම කරන්න පුලුවන්ද? අම්ම හරි තාත්ත හරි ළමෙක්ට එහෙම කියනවනම් හරිද? කල්පනා කරනකොට මේක ඇත්තටම ප්‍රශ්නයක් කියල හිතෙනවා. 

දරුවෙක් ඉපදුන වෙලාවේ ඉඳන් අම්මල තාත්තල කොච්චර නම් සතුටු වෙනවද? ඒ දරුවා වෙනුවෙන් තමන්ගෙ නිදහස, මුදල් , කාලය , සමහර වෙලාවට ජිවිතේ උනත් දෙන්න දෙමාපියන් සුදානම්. ඒ දරුව හිනා වෙනකොට කොච්චර නම් සතුටක් දැනෙනව ඇතිද? අපිට ඒ අත්දැකීම නැතිවෙන්න පුළුවන්. ඒ උනත් හිතල බලන්න පොඩි දරුවෙක් හිනා වෙනව දැක්කම අපිට උනත් කොච්චර නම් සතුටක් ඇති වෙනවද? එහෙනම් දෙමාපියන්ට දැනෙන සතුට ගැන කියන්න දෙයක් නෑනෙ? ඊට වඩා වෙන සතුටක් දෙමාපියන්ට නැතිව ඇති.

කාලයක් යනකොට මේ දරුව ටක ටික දනගාන්න පුරුදු වෙනවා. ඒ කාලෙට කොයි වෙලාවේ බැලුවත් පොඩි එකා හදන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන නැගිටින්න. තමන්ගෙ ලෙයින් මසින් ඉපදුන දරුව මෙහෙම හපන් වෙනකොට සතුටු නැද්ද. ඔහොම ගොහින් ගොහින් දරුව පෙර පාසල් යන්න පටන් ගන්නවා. මේ වෙනකනුත් දරුව දන්නේ නෑ තමන් මොකක්ද කරන්නේ කියල. 

ඔහොම ගිහින් මේ ළමය සාමාන්‍ය පෙළත් කරලා ඉවර වෙනවා. කොච්චර කොහොම උනත් තවම මේ ළමය හිතන්නේ නෑ ඇයි මේ හැමදාම ඉස්කෝලේ යන්නේ කියල. පොඩි හැඟීමක් තියනවා අනාගතේ වෙන්නේ කව්ද කියල. ඇහුවම කියනවා මම වෙන්නේ දොස්තර කෙනෙක්, මම වෙන්නේ ඉංජිනේරුවෙක් , මම වෙන්නේ පයිලට් කෙනෙක් කියල. එත් එතනට යන්නේ කොහොමද කියන එක දරුවට කිසිම තැනකින් හරියට පහදලා දෙන්නේ නෑ. 

මෙන්න මෙතනින් පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ . ළමය හරිම කැමතියි සංගීතේ කරන්න. සෞන්දර්ය විෂයන් වලට. එත් ගෙදරින් මොකද කියන්නේ?

" ඕව කරල ඉස්සරහට ජොබ් නෑ. ඒ හින්ද බයෝ කරන්න. "

" අපි කැමති ඔයා ඉංජිනේරුවෙක් වෙනවට. අපි කැමති නෑ කලාව කරනවට. අනික අපි දෙන්නම මෙච්චර ලොකු රස්සාවල් කරන්නේ. අනික් අයට කොහොමද කියන්නේ අපේ ළමය කලාව කරනවා කියල. "

" අපිට ඉගෙන ගන්න බැරිවුනා. ඔයා අපිට වඩා උඩ තැනකට යන්න ඕන. ඒ හින්ද ඔයා maths කරන්න. "

" බලන්න පුතේ,දැන් තාත්ත බිස්නස් කරාව. ඔයා තමයි ඕව ඔක්කොම අනාගතේදී බාර ගන්න ඉන්නෙ. ඒ හින්ද වාණිජ කරන්න. "

බලන්න මේ දරුව කොච්චර නම් අමාරුවකද වැටෙන්නේ කියල? නිකමට හිතල බලන්න . සමහර අයට මේ අත්දැකීම ඇති. තමන් කැමති දේ දිහා බලාගෙන අකමැති දෙයක් කරන්න යනකොට, තමන්ට දක්ෂතාවක් නැති දෙයකට බලෙන්ම ඇදලා දානකොට කොච්චර මානසිකව වැටෙනවද? උපන් දවසේ ඉඳන් හැමදේම කැප කරලා ආදරෙන් හදපු ළමයව එක පාරටම වලට ඇදල දානවා.

ඒකත් අවුලක් නැතුව තමන් දක්ෂ දේ කැමති දේ කරගත්ත කියමුකෝ. ඔන්න විශ්ව විද්‍යාලෙටත් යනවා හොදට සමත් වෙලා. දැන් මේ දරුවාගේ කල වයසත් හරි. ඊට පස්සේ ඔන්න ගෙදරින් හොයන්න පටන් ගන්නවා ගැලපෙන කෙනෙක්. ඒත් මේ දරුව කැමති කෙනෙක් ඉන්නවා. තමන්ගෙ අධ්‍යාපන මට්ටමට තවම ඇවිත් නෑ. ඒත් කවද හරි උසස් තැනකට එන්න පුළුවන්. දෙන්නට දෙන්න ආදරෙයි. එත් ගෙවල් වලින් කැමති නෑ. හේතුව? දෙන්නගේ රැකියා මට්ටම් වල වෙනස. මේ වෙලාවේ කව්ද අසරණ වෙන්නේ? තමන් අකමැති කෙනෙක් එක්ක ගිහින් මුළු ජීවිතේම අපායක් කරගන්නවද එහෙම නැත්නම් තමන්ගෙ ජිවිතේ හරි පැත්තට යාගන්න දෙනවද? දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දරුවාව අපායකට දානවද? එහෙමත් නැත්නම් තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලනවද?

දෙමාපියන්ගෙ සපත්තු දරුවන්ට හරියටම ගැලපෙනවද ??

( මගේ මිතුරියකට සිදුවුණ දෙයක් නිසා මෙහෙම ලියන්න හිතුනා. ඒ අතින් මම කොච්චර වාසනාවන්තද කියලත් හිතුනා. )


Wednesday, January 16, 2013

හ්ම්ම්...

යනවා..
ආපහු එනවා..loser
සමහර අය
හැමදාම එනවා...
සමහර අය
ඉඳල හිටලා එනවා...
තවත් අය නම්
මුලින් ආව 
ඒත් දැන් කොහෙද දන්නෙත් නෑ 
තව සමහරු 
මුලිනුත් ආව 
දැනුත් එනවා...
අනේ මන්දා..
ජිවිතේ අස්ථිරයි
මරණය නියතයි 
බ්ලොග් ජීවිතෙත් 
එහෙමම තමයි.

අනේ අනිච්චං....!

Wednesday, January 9, 2013

ඔන්න මම ආපහු ආවා....

සෑහෙන දවසකට පස්සේ ඔන්න බ්ලොග් එක පැත්තෙ එන්න තරම් නිදහසක් හම්බ උනා . ඒත් මේක නිදහසක් නෙමෙයි ඇත්තටම බැලුවොත්.වසර අවසාන විභාගෙට සුදුසුකම් හදාගන්න තිබුන විභාගේ යන්තම් ඉවර උනා. එකට මොනවා වෙයිද කියල කියන්න බෑ ප්‍රතිපලේ එනකම් . කොච්චර උනත් හිතට නිදහසක් නෑ මේ දවස් වල. වැඩ ගොඩයි.ඉගෙන ගන්න එක කොච්චර අමාරුද කියල තේරෙන්නේ දැන් තමයි . එක අතකට මේ කාලේ ඉවර උනාම නිදහසේ ඉන්න පුළුවන් කියලත් හිතෙනවා.

ඔය කිව්වට ඊට පස්සේ මොන නිදහසක්ද. ඊට පස්සේ මගුල කරගන්න ඕන . පොඩි එවුන් 4ක් 5ක් හදන්නත් එපැයි. ඊට පස්සේ උන්ව ඉස්කෝලේ යවන්න ඕන. එක ඉවර උනාට පස්සේ මගුල් තුලා කරලා දෙන්න ඕන. ඊටත් පස්සේ උන්ගේත් ළමයි බලාගන්න ඕන . හප්පේ.......මොන නිදහසක්ද.

එක පැත්තකට දාමුකෝ....යාලුවනේ සමාවෙන්න ඕන ඔයාලගේ බ්ලොග් බලන්න බැරිවුණා එකට මේ දවස් ටිකේම. ඉස්සරහටත් නිතරමබලන්න වෙන එකක් නැතිවෙයි. ඒ හින්ද අහිතක් හිතන්න එපා.පුළුවන් විදියට කොමෙන්ටුවක් දාල යන්නම්. මමත් අන්ජනත් කරගෙනආපු වැඩ ටික ඔක්කොම නතර උනා. ඒ ටික ආයිමත් පටන් අරගන්න ඕන. කාලය කියන එක කොච්චර වටිනවද කියල තේරෙන්නේ දැන් තමයි. මොන මෝඩයද දන්නේ නෑ කිව්වේ කාලය රන් හා සමානයි කියල. කාලය කියන එකට වටිනාකමක් දෙන්න පුලුවන්ද එහෙම. එහෙම පුළුවන් උන දවසට ලෝකේ එහෙම පිටින්ම වෙනස් වෙයි. 

පහුගිය මාසේ ගොඩක් දේවල් සිද්ද උනා. කාලයක් තිස්සේ හිතේ තිබුන ආසාවක් ඉෂ්ඨ උනා . ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඇත්තටම කියනවනම් වෙනද වගේම ජිවිතේ ගලාගෙන ගියා. අමුතුවෙන් වෙනස් වෙන්න කියල යමකට උනේ එක දෙයයි.( අහන්න එපෝ... ) නැවත සුපුරුදු පරිදි බ්ලොගය ලියාගෙන යන්නම්. පාඩම් මාලාවත් කොහොම හරි ආපහු පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම loser

එහෙනම් ජයවේවා කිව්වා ඕං ........ ( මට )