Tuesday, February 19, 2013

විවෘතය විකිනීමට තිබේ......

(උපුටා ගැනීමකි.)

ආදරණිය සහෝදරයා / සහෝදරිය ,

ඔබ විශ්වවිද්‍යාලයට පය ගසන මේ මොහොත වන විට ඔබ පාඩම් කිරීමට භාවිතා කල ස්ථාන (Bench) විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස කඩා ඉවත්කර අවසන්ය. ඔබ හෝ ඔබේ සහෝදර සහෝදරියන් ලෑලි bench අටවාගත්තේ , පාඩම් කිරීම සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැතිකම නිසා නොවේද? ඒවායින් විශ්වවිද්‍යාලයට සිදුවූ හානිය කුමක්ද ? ඒවායින් විශ්වවිද්‍යාලයේ උද්‍යාන අලංකරණයට තිබු බාධාව කුමක්ද? පරිපාලනය මේ අරඅඳින්නේ කුමකටද?

විශ්වවිද්‍යාල පරිපාලනයට අනුව විවෘතය හුදු දුරස්ථ අධ්‍යාපනයක් පවතින විශ්වවිද්යාලයකි. (ඉස්කෝලයකි) . රැඳී සිට අධ්‍යන කටයුතු කිරීමට අවශ්‍ය නැත. එසේ රැඳී සිටින්නේ නිවෙස් වල වැඩක් පලක් නැති රස්තියාදුවේ යන කාලකන්නි පිරිසකි. ඔවුන් පවසන අන්දමට bench  ඉවත් කලේ අයාලේ යන කාලකන්නින් විශ්වවිද්‍යාලය  තුල රැඳී සිටීම නවත්විමටය. ඔබ මෙය භාර ගන්නවාද? නොඑසේ නම් මේ තුල ඇති යටි අරමුණු සොයා බැලිය යුතු නොවේද?

සෑම පුරවැසියෙකුටම පළමු උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුය යන්න රටේ නීතියයි. කෙටියෙන් පවසතොත් අපේ රටේනිදහස් අධ්‍යාපනය යනු එයයි. නමුත් 1977 සිට මේ දක්වා, දුප්පතුන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම සඳහා වන සැලැස්ම බලධරයන් විසින් ක්‍රියාත්මක කරමින්පවතී. එනම් අධ්‍යාපනය විකිණිය හැකි භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ එදා මෙදා තුර අරමුණයි. 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට මේ දක්වා අධ්‍යාපනය විකිණීම සඳහා පාලකයන් නොගත් උත්සාහයක් නැති තරම්ය. නමුත් මේ වනතුරු අපේ රටේ , නමට හෝ නිදහස් අධ්‍යාපනය රැකුණේ දහස් ගණන් වූ සිසුන්ගේ ලේ , කඳුළු, දහදිය මතිනි. ජිවිත පරිත්‍යාගයෙනි.

එස් බි දිසානායක ඇමතිවරයා " කවුරු විරුද්ධ උනත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කරනවා " යැයි බුර බුරා කියා සිටින්නේද , පෞද්ගලික විශ්වවිද්‍යාල කරලියට එන්නේද , පාසල් අධ්‍යාපනය විකිණීම සඳහා පිඹුරුපත් සකසෙන්නේද ඉහත හේතුව නිසාවෙනි. ගිය වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල 1.7 % ක් වූ සොච්චමද මේ වසරේදී 1.4% දක්වා පහත හෙලන්නේද මේ හේතුව නිසාවෙනි. නමුත් මේ සඳහා ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපාරය විශාල බාධකයක් වි තිබේ. ජනක , සිසිත ඇතුළු තවත් සිසුන් ඝාතනය කරන්නේද , කැලණිය , රුහුණු විශ්වවිද්‍යාල වල සිසු නායකයින්ට මර ප්‍රහාර එල්ල කරන්නේද , ජපුරේ , විවෘතයේ සිසුන් පන්ති තහනමට ලක් කරන්නේද ඒ බාධකය ඉවත් කිරීම සඳහාය. එනම් රටේ වැඩිමනක් වූ දුක්විඳින දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම සඳහාය. කෙටියෙන් පවසතොත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම සඳහාය. 

නිදහස් අධ්‍යාපනය නීතිය වුවද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කඩඉම්වලදී විශාල සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපනයෙන් ඉවත් වීමට සිදුවී තිබේ. ඒ අපේ රටේ සිසුන්ට ප්‍රමාණවත් විශ්වවිද්‍යාල පහසුකම් නොමතිකමින්ය. මේ තත්වය සඟවාලීමට පාලකයන්ට ඇති එකම මග විවෘතයි. එනම් " විශ්වවිද්‍යාලය තුලදී සෑම සිසුවෙකුටම සුළු මුදලක් ගෙවා උපාධිය දක්වආධ්යාපනය ලැබිය හැකිය " යන්න ඔවුන්ගේ තර්කයයි. සැමට නිදහස් අධ්‍යාපනය ඉල්ලා කල අරගල මැඩලීම සඳහා පාලකයින් මතිරු මන්තරයයි. එසේත් නැතිනම් පාලකයින්ට තිබු අස්වැසිල්ලයි. විවෘතය පිහිටුවීමේ අරමුණද එයයි. 

නමුත් මේ වන විට පාලකයින් එම අරමුණ අමතක කරවීමට උත්සාහ දරමින් සිටී. මන්ද ඔවුනට පහසුවෙන් විකිනීමට හැකි විශ්වවිද්‍යාලය විවෘතය වීමයි. මන්ද පහසුවෙන් සිසු අරගල මැඩලිය හැකි විශ්වවිද්‍යාලය විවෘතය වීමයි. එසේ වන්නේ විවෘතයේ පොදු සිසුන්ගේ මානසිකත්වය " ඇප මුදල් ගෙවා ඉගෙන ගන්නවා " යන්න වීම සහ "දුරස්ථ අධ්‍යාපනය " යන අතාත්වික ක්‍රමය මේ තුල ගැබ්ව තිබීමයි. එනම් දුරස්ථ අධ්‍යාපනයට මුවාවී විශ්වවිද්‍යාල භුමිය තුලින් සිසුන් ඉවත්කිරීම පාලකයින්ගේ අරමුණ වි තිබේ. ඒ හරහා සිසු අරගල මැඩලීම ඔවුන්ගේ උත්සාහයයි. ඒ සඳහා ඔවුන් 

01 )විශ්වවිද්‍යාල භුමියේ සිසුන්ට රැඳී සිටිය නොහැකි පරිදි Bench කඩා ඉවත් කිරීම.
02) සිසුන්ට රැඳී සිටිය හැකි ආකාරයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි නොකිරීමට තීරණය කිරීම.
03) පුස්තකාලයට E Book ක්‍රමය හඳුන්වා දීම.
04) ක්‍රීඩාපිටිය සිසුන්ට තහනම් කලාපයක් කිරීම.
05) නවකසිසුන් පිළිගැනීමට පවත්වන උත්සවයක් හෝ වෙනත් කිසිම ආකාරයක සංස්කෘතික උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදීම.
                                                ඇතුළු තවත් ක්‍රියාමාර්ග රැසක් දෙන තිබේ. එනම් ඔබට පාඩම් කල bench එක අහිමි වන්නේද මේ හරහාය.

එපමණක් නොවේ. පසුගියදා උසස් අධ්‍යාපන ඇමතිවරයා උපකුලපතිවරයාට තරයේ දන්වා (අවවාද) තිබුනේ කෙසේ හෝ විශ්වවිදයාලයේ මුදල් විශ්වවිද්‍යාලය තුලින්ම උපයා ගන්න ලෙසටය. එනම් විශ්වවිද්‍යාල භූමියෙන් සිසුන් ඉවත් කරන අතරේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ මහඟු (ඔවුනට අනුව) කාර්යය ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටී. ලබන වසරේ සිට අධ්‍යන ගාස්තු 40% කින් වැඩි වන්නේද , පාඨමාලා බාහිර සිසුන්ට විකිණීම වැඩි කරන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසටය. 

බොහෝ විට ඔබ තව වසර කිහිපයකින් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඉවත්වීමට නියමිතය. එනම් විශ්වවිද්‍යාලය රැකගැනීමට වඩා ඔබට ඔබගේ උපාධිය රක ගැනීමේ සිහිනයක් ඇත. එය අපටද නැතුවා නොවේ. නමුත් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ පළමු වෙඩිමුරය ඇප විශ්වවිද්‍යාලයෙන් දැල්වීමට නියමිත මේ මොහොතේ අපි ඔබට ආයාචනය කරන්නෙමු. එනම් දහස් ගණන් ලෙ කඳුළු දහදිය කැපකර , ඇප වෙනුවෙන් ආරක්ෂා කරදුන් නිදහස් අධ්‍යාපනය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා සිහිනය මඳකට අමතක කරමු. විවෘතය බේරා ගැනීමේ සටනට එක්වෙමු. 

ඔබට ජය !

                                                                           සමස්ථ පීඨ ශිෂ්‍ය එකමුතුව

(අපේ විශ්වවිද්‍යාලයේ නොවුනත්, ඔබ කව්රුන් උනත් , මේ සටනට එක වේ නම් එය ඔබට මෙන්ම මතු පරපුරටද කරන දායාදයකි.)                   

6 comments:

  1. Replies
    1. දුක තමයි . අපිට විතරක් නෙමෙයි ඉස්සරහට හැම සිසුවෙක්ටම එහෙම තමයි.

      Delete
  2. හැම බෙන්ච් එකක්ම අයින් කරලා නැති බවක් තමා මට අහන්න ලැබුනෙ නම් ඒවා කොහොම වුනත් ඇතුලේ ඉන්න සෙට් එක එහෙම්ම ඉන්නවා කිසිම අඩුවක් නෑ

    හැබැයි ඉස්සරහට නිදහස් අධ්‍යාපනය නැති කරන්න යනවා කියලනම් පැහැදිලියි කරන්න පුළුවන් දෙයක් කරමු ඒ වෙනුවෙන්

    මමත් විවෘතයේ
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අයින් කරලා. බලමුකෝ මොනවද වෙන්නෙ කියල.

      Delete
  3. අමන සුදු බංඩයි, ගොන් බන්දුලයයි, මකබෑවෙන්ඩ කියලා බලියක්වත් අරිමුද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. උන් දෙන්න හැඳි ගෑවිලා යනවනම් අපේ රටේ ගොඩක් දේවල් හොඳ අතට හැරෙන්න ඉඩ තියෙනවා. අම්මපා මුන්ට හෙනයක් වත් වදින්නේ නැහැනේ අපේ කරුමෙට. ~X(

      Delete