Sunday, March 24, 2013

මොනව කරන්නද මහත්තයෝ...

ඔන්න ඉතින් ටිකක් දුෂ්කර වගේ ගම්මානයක කඩයක් තියනවලු. මේ කඩේ විතරලු දැන් කිරිපිටි පැකට් තියෙන්නේ. පොඩි ළමයි ඉන්න අම්මල තාත්තල උදේ ඉඳන් පෝලිමේ ඉන්නවලු කිරිපිටි ගන්න. ගමේ කට්ටිය කොච්චර උදෙන් ගියත් හැමදාම වයසක උන්දැ කෙනෙක් ලු හැමදාම පෝලිමේ මුලට ඉන්නෙ . කට්ටිය දැන් මාර අවුලෙන් ලු ඉන්නෙ. ඇයි මේ වගේ වයසක මැන්ටලේකට කොහොමද මෙච්චර පොඩි ළමයි ඉන්නෙ .

දවසක් කට්ටිය එකතු වෙලා මේ මනුස්සයගෙන් විස්තර ඇහුවලු. 

"උන්නැහේට දැන් වයස කීයද? "

"මට දැනට 65ක් වෙනවා මහත්තයෝ..."

"මෙච්චර උදෙන්ම මෙතනට ඇවිත්.....?"

"ගොන්පිටි පැකට් එකක් අරන් යන්න කියල මහත්තයෝ... "

"ඈ..උන්නැහේ? ඔය වයසට එච්චර පොඩි ළමයිනුත් ඉන්නවද?"


"මොනවද මහත්තයෝ මේ අහන කතා? දැනට මට දුවල හතරයි පුත්තු පහකුයි ඉන්නවා. ටිකක් වයසට ගිහිල්ල මහත්තයෝ කරකාර බැන්දේ."

"එත් ඉතින් ඔය වයසට ඔච්චර ළමයි හදන්න හොඳද හැබෑටම ?"

"මොනව කරන්නද මහත්තයෝ....දොස්තර මහත්තයත් ඔය ටිකම කිව්වා. ඒ උනාට මේකේ නතරවිල්ලක් නෑ නොවැ."

"ඒ කිව්වේ? "

"මම අපේ හාමිනේට කිව්වා.කියන කට හොඳයි මහත්තයෝ ගලේ උලාගන්න එක. අව්රුද්දට එකා ගානේ ළමයි හම්බ වෙනවා නොවැ. "

"හරි ඒක පැත්තකින් තියමුකෝ..උන්නැහේ කොහොමද මෙච්චර උදෙන්ම මෙතනට එන්නෙ? "

"ගොඩක් දවසට මම මෙතන තියන බංකුවේ තමයි බුදියන්නේ රෑට. ඉතින් උදේ නැගිට්ටහම ගොන්පිටිත් අරන් ගෙදර යනවා. "

දැන් කට්ටියට මොංගල් වගේලු . ඇයි බොලේ මේ යකා මෙතන බුදියනවානම් කොහොමද අච්චර ළමයි හම්බ වෙන්නේ??ඔන්න එක්කෙනෙක් ඇහුවලු ඒ මොකද කියල.

"නෑ මහත්තයෝ ටිකක් රෑ බෝ විගෙන එනකොට දොරවල් වලට තට්ටු කරනවා ජනෙල් වලට තට්ටු කරනවා. ඊට පස්සේ ලතෝ... කියල රහසින් කියනවා ඇහෙනවා. "

"එහෙනම් ඉතින් ගෙදර හොල්මන් ඇති.තොවිලයක් වත් කරලා ඔව්වෝ ටික පැන්නුවනම් හරිනේ? "

"මොන හොල්මන්ද මහත්තයෝ...මේ ගමේ ඉන්න කොල්ලෝ නෙව. කනක් ඇහිලා ඉන්න විදියක් නෑ බුදිය ගන්නත් විදියක් නෑ. ඉතින් මම කොරන වැඩේ රෙද්දකුත් අරගෙන මෙතනට වෙලා සනීපෙට බුදිය ගන්නවා. රෑට නිදහසේ නිදාගන්න නැත්නම් වැඩක් තියනවද මහත්තයෝ... "



.............................................................................................

Wednesday, March 6, 2013

අපේ කාලයේ ළමා වීරයෝ...

හුඟ කාලෙකට පස්සේ ඔන්න ආව බ්ලොග් එක පැත්තේ.ලියන්න දේකුත් එච්චර කල්පනා උනෙත් නෑ. ඉස්සර නම් ලියන්න දේවල් කෝටියයි. දැන් ලියන්න දෙයක් මතක් කරන්න වෙනවා සැහෙන්න වෙලා. මොකද මන්ද මෙහෙම වෙලා තියෙන්නේ. ඉස්සර වගේ කවි ලියන්නත් කම්මැලියි. පුදුම වැඩක් තමයි. 

හරි හරි ඒක නෙමෙයි. පටන් ගත්තෙ වෙන එකක් කියන්නනේ...කොහෙද වෙන වෙන ඒවා තමයි අන්තිමට ලියල තියෙන්නෙ.මට හිටි ගමන් පරණ කාලෙ අපි දැනගෙන හිටපු , ඒ වගේම යාලුවෝ එක්ක ආසාවෙන් කතා කරපු චරිත ගැන මතක් උනා . අද කාලේ ළමයි එක්ක සංසන්දනය කරලා බලනකොට කාලය කොච්චර දේවල් වෙනස් කරලා තියනවද කියල හිතෙනවා. 

මගේ මතකයට එන ගොඩක් චරිත තියනවා. Zorro කියන්නේ මගේ මතකේ තියන බොහොම ප්‍රබල චරිතයක්. TV එකේ සද්දේ ඇහෙනකොට දුවගෙන යනවා බලන්න . තව ඉන්නවා ගොඩක්. ආශ්කා කියන්නේ දැක්කත් කේන්ති යන චරිතයක්. දන්නා අය දන්නවා ඇති ආශ්කා කියන්නේ මොන තරම් දුෂ්ට චරිතයක්ද කියල . ඒ වගේම විලියම් ටෙල් , ටින් ටින් , කැප්ටන් හැඩොක් , තව මෙකි නොකී චරිත ගොඩක් අතරේ අපි ජිවත් උනා. ඒ වගේම තමයි කතා පොත් වල කොච්චර නම් වීරයෝ අපි අතරේ ගැවසුනාද. මට නම් අමතක වෙන තරමට පොත් කියවල තියනවා. ඒ පොත් වල චරිත අදටත් අපි මගේ හිතේ ඉන්නවා. 

අද කාලේ ළමයින්ට නම් පොත් බලන්න වෙලාවක් කොහෙද . අද නම් ඉන්නේ බෙන් 10 ලා චන්ගුමි ලා තව එනම් මනම් ලෝකයයි. එක අතකට කාලෙට ගැලපෙනවා වෙන්නත් ඇති. එත් එක අතකට දුකත් හිතෙනවා . අපි ඒ කාලේ ළමා වීරයෝ දිහා බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දැන් ඉන්න ළමා වීරයන්ගෙන් ළමයින්ට ඉගෙනගන්න දෙයක් තියනවද? 

ප්‍රශ්නයක්.