Wednesday, March 6, 2013

අපේ කාලයේ ළමා වීරයෝ...

හුඟ කාලෙකට පස්සේ ඔන්න ආව බ්ලොග් එක පැත්තේ.ලියන්න දේකුත් එච්චර කල්පනා උනෙත් නෑ. ඉස්සර නම් ලියන්න දේවල් කෝටියයි. දැන් ලියන්න දෙයක් මතක් කරන්න වෙනවා සැහෙන්න වෙලා. මොකද මන්ද මෙහෙම වෙලා තියෙන්නේ. ඉස්සර වගේ කවි ලියන්නත් කම්මැලියි. පුදුම වැඩක් තමයි. 

හරි හරි ඒක නෙමෙයි. පටන් ගත්තෙ වෙන එකක් කියන්නනේ...කොහෙද වෙන වෙන ඒවා තමයි අන්තිමට ලියල තියෙන්නෙ.මට හිටි ගමන් පරණ කාලෙ අපි දැනගෙන හිටපු , ඒ වගේම යාලුවෝ එක්ක ආසාවෙන් කතා කරපු චරිත ගැන මතක් උනා . අද කාලේ ළමයි එක්ක සංසන්දනය කරලා බලනකොට කාලය කොච්චර දේවල් වෙනස් කරලා තියනවද කියල හිතෙනවා. 

මගේ මතකයට එන ගොඩක් චරිත තියනවා. Zorro කියන්නේ මගේ මතකේ තියන බොහොම ප්‍රබල චරිතයක්. TV එකේ සද්දේ ඇහෙනකොට දුවගෙන යනවා බලන්න . තව ඉන්නවා ගොඩක්. ආශ්කා කියන්නේ දැක්කත් කේන්ති යන චරිතයක්. දන්නා අය දන්නවා ඇති ආශ්කා කියන්නේ මොන තරම් දුෂ්ට චරිතයක්ද කියල . ඒ වගේම විලියම් ටෙල් , ටින් ටින් , කැප්ටන් හැඩොක් , තව මෙකි නොකී චරිත ගොඩක් අතරේ අපි ජිවත් උනා. ඒ වගේම තමයි කතා පොත් වල කොච්චර නම් වීරයෝ අපි අතරේ ගැවසුනාද. මට නම් අමතක වෙන තරමට පොත් කියවල තියනවා. ඒ පොත් වල චරිත අදටත් අපි මගේ හිතේ ඉන්නවා. 

අද කාලේ ළමයින්ට නම් පොත් බලන්න වෙලාවක් කොහෙද . අද නම් ඉන්නේ බෙන් 10 ලා චන්ගුමි ලා තව එනම් මනම් ලෝකයයි. එක අතකට කාලෙට ගැලපෙනවා වෙන්නත් ඇති. එත් එක අතකට දුකත් හිතෙනවා . අපි ඒ කාලේ ළමා වීරයෝ දිහා බලල ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දැන් ඉන්න ළමා වීරයන්ගෙන් ළමයින්ට ඉගෙනගන්න දෙයක් තියනවද? 

ප්‍රශ්නයක්.

18 comments:

  1. ඇත්ත ඒත් රූපවාහිනී වීරයන්ගෙන් පොත පතෙ ඉන්න වීරයන්ට තරඟයක් නෑ පොත පතෙ ඉන්න වීරයො සදාකාලිකයි

    ReplyDelete
  2. කාලය මැවු වෙනසක අරුමේ.......!

    ReplyDelete
    Replies
    1. එකනේ..කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද. ;)

      Delete
  3. ඒකනේ බං මම සෝරෝ වගේ රැවුල වවන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඩ රැව්ලද නැත්නම්.... :))

      Delete
    2. මූ ග්‍රැමොක්සෝන් ගහනවා කියලා ආරන්චියි

      Delete
    3. එහෙනම් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. =))

      Delete
  4. මටත් තාම මතකයේ ඉන්නේ පොතේ වීරයෝම තමා.. හෝඩි පොතේ සුරනිමල තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තමයි නියම වීරයෝ හිටියේ.

      Delete
  5. පොත් වල වීරයෝ පරද්දන්න ටීවී එකේ වීරයෝන්ට අමාරුයි...

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ළමයි පොත් වල ඉන්න වීරයෝ ගැන දන්නෙවත් නෑ. 8-|

      Delete
  6. සෝරො.. මම හෙනම ආස කාටූන් එකක්!! ඉස්සර රූපවාහිනියෙ ගියානෙ කතා සෙට් එකක්ම..

    ඇපල් ආදිපාදතුමා, පිස්සු පූසා, නයිල් නදී කුමරි, සැපදුක හාරන මීයෝ..,ඉඟුරු පාන් මල්ලි, ඥාන කතා මල්ලි, ටින් ටින්, .. මට මතක් වෙන්නෙත් නෑ... වීරයෝ කෙසේවෙතත් ඒ කතා අදටත් බලන්න ආසයි මටනම්... :D

    පොත් වල ඉන්න වීරයොත් එහෙම තමා.. කතා පොත් ගත්තොත් කොච්චර අය ඉන්නවාද..,

    ReplyDelete
    Replies
    1. අඩේ...ඔය මතක් වෙලා තියෙන්නෙ ලොට් එකක්ම. :-bd

      Delete
  7. ඇයි පුංචි වීරයෝ එකේ සැට් එක...

    ReplyDelete
  8. ඇයි රොබින්, හහා...

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල පන්ති ඇරිලා කෙලින්ම ඇවිත් රොබින් හුඩ් බලල තමයි ඇදුම් මාරු කරන්නෙත්. :))

      Delete