Sunday, March 24, 2013

මොනව කරන්නද මහත්තයෝ...

ඔන්න ඉතින් ටිකක් දුෂ්කර වගේ ගම්මානයක කඩයක් තියනවලු. මේ කඩේ විතරලු දැන් කිරිපිටි පැකට් තියෙන්නේ. පොඩි ළමයි ඉන්න අම්මල තාත්තල උදේ ඉඳන් පෝලිමේ ඉන්නවලු කිරිපිටි ගන්න. ගමේ කට්ටිය කොච්චර උදෙන් ගියත් හැමදාම වයසක උන්දැ කෙනෙක් ලු හැමදාම පෝලිමේ මුලට ඉන්නෙ . කට්ටිය දැන් මාර අවුලෙන් ලු ඉන්නෙ. ඇයි මේ වගේ වයසක මැන්ටලේකට කොහොමද මෙච්චර පොඩි ළමයි ඉන්නෙ .

දවසක් කට්ටිය එකතු වෙලා මේ මනුස්සයගෙන් විස්තර ඇහුවලු. 

"උන්නැහේට දැන් වයස කීයද? "

"මට දැනට 65ක් වෙනවා මහත්තයෝ..."

"මෙච්චර උදෙන්ම මෙතනට ඇවිත්.....?"

"ගොන්පිටි පැකට් එකක් අරන් යන්න කියල මහත්තයෝ... "

"ඈ..උන්නැහේ? ඔය වයසට එච්චර පොඩි ළමයිනුත් ඉන්නවද?"


"මොනවද මහත්තයෝ මේ අහන කතා? දැනට මට දුවල හතරයි පුත්තු පහකුයි ඉන්නවා. ටිකක් වයසට ගිහිල්ල මහත්තයෝ කරකාර බැන්දේ."

"එත් ඉතින් ඔය වයසට ඔච්චර ළමයි හදන්න හොඳද හැබෑටම ?"

"මොනව කරන්නද මහත්තයෝ....දොස්තර මහත්තයත් ඔය ටිකම කිව්වා. ඒ උනාට මේකේ නතරවිල්ලක් නෑ නොවැ."

"ඒ කිව්වේ? "

"මම අපේ හාමිනේට කිව්වා.කියන කට හොඳයි මහත්තයෝ ගලේ උලාගන්න එක. අව්රුද්දට එකා ගානේ ළමයි හම්බ වෙනවා නොවැ. "

"හරි ඒක පැත්තකින් තියමුකෝ..උන්නැහේ කොහොමද මෙච්චර උදෙන්ම මෙතනට එන්නෙ? "

"ගොඩක් දවසට මම මෙතන තියන බංකුවේ තමයි බුදියන්නේ රෑට. ඉතින් උදේ නැගිට්ටහම ගොන්පිටිත් අරන් ගෙදර යනවා. "

දැන් කට්ටියට මොංගල් වගේලු . ඇයි බොලේ මේ යකා මෙතන බුදියනවානම් කොහොමද අච්චර ළමයි හම්බ වෙන්නේ??ඔන්න එක්කෙනෙක් ඇහුවලු ඒ මොකද කියල.

"නෑ මහත්තයෝ ටිකක් රෑ බෝ විගෙන එනකොට දොරවල් වලට තට්ටු කරනවා ජනෙල් වලට තට්ටු කරනවා. ඊට පස්සේ ලතෝ... කියල රහසින් කියනවා ඇහෙනවා. "

"එහෙනම් ඉතින් ගෙදර හොල්මන් ඇති.තොවිලයක් වත් කරලා ඔව්වෝ ටික පැන්නුවනම් හරිනේ? "

"මොන හොල්මන්ද මහත්තයෝ...මේ ගමේ ඉන්න කොල්ලෝ නෙව. කනක් ඇහිලා ඉන්න විදියක් නෑ බුදිය ගන්නත් විදියක් නෑ. ඉතින් මම කොරන වැඩේ රෙද්දකුත් අරගෙන මෙතනට වෙලා සනීපෙට බුදිය ගන්නවා. රෑට නිදහසේ නිදාගන්න නැත්නම් වැඩක් තියනවද මහත්තයෝ... "



.............................................................................................

19 comments:

  1. අදනං හෙනම ලාබයි තමා ඇපල්..

    ReplyDelete


  2. මේකා ගොන් කිරි අදිනවා .අරහේ වෙන වෙන එව්වා වෙනවා..:D

    ReplyDelete
  3. සාමකාමී, පරාර්ථකාමී..පරිත්‍යාගශීලී මනුස්සයෙක් නේ. එදායින් පස්සේ "ලතෝ.." කියන අය වැඩි වුනා ද දන්නේ නෑ නේද : D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් කල්පනා කලේ.../:)

      Delete
    2. මුත් ලතෝ කියන්න ගිය එකෙක් වෙන්න බැරිද චන්දන

      Delete
    3. ඔන්න බලන්න මම ගැන හිතාගෙන ඉන්න හැටි :(

      Delete
  4. අන්න නියම මනුස්සයෙක්..

    ReplyDelete
  5. හැබෑටම එව්වා ගොන්කිරි නොවැ! ලතෝ....

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් දොරට තට්ටු කරන කොල්ලෙක්. :))

      Delete
  6. එහෙනම් ඇපලත් ගියෙ ලතාගෙ ගෙදර නෙහ් ! හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මම යන ගෙදර දන්නවා නොවැ..8-7

      Delete
  7. එසේම වේවා කියල ප්‍රර්ථනා කරනවා.....!

    ReplyDelete