Wednesday, May 1, 2013

ඉතින් කොහොමද...

හප්පා....සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආව බ්ලොග් එක පැත්තේ. අඩුම ගානේ අවුරුද්දටවත් එන්න බැරිවුනානෙ. මොනව කරන්නද වැඩ ගොඩ ගැහිලා තියනකොට. ඔක්කොටම වඩා ඒවා වටිනවනේ. කොච්චර උනත් මේක පාලු වෙන්න දෙන්න හිතෙන්නේ නෑ. ඒ හින්ද ඇවිල්ල මොනව හරි ලියන්න හිතුන. 

ඉස්සර නම් මම සෑහෙන්න බ්ලොග් කියවනවා. කොමෙන්ට් කරනවා. එත් දැන් නම් එවටවත් වෙලාවක් නෑ. අඩුම ගානේ මේකවත් ලියන්න වෙලාව හොයා ගත්තේ හරිම අමාරුවෙන්. කොහොම උනත් යාලුවනේ ඔයාලව අමතක වෙලා එහෙම නෙමෙයි. මෙතන මට අමතක කරන්න බැහැ. මෙතනින් යාළුවො කි දෙනෙක් නම් හම්බ උනාද. 

ඒ වගේම තමයි මම මේ බ්ලොග් කෙරුවාව හින්ද කොච්චර නම් දේවල් ඉගෙන ගත්තද. ඒ දේවල් අමතක කරන්න බැහැනෙ.

එහෙනම් යාලුවනේ ඔබලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....! කියන්නයි ආවේ.



ගිහින් එන්නම්...

18 comments:

  1. ඉක්මනට ආපහු ඇපල් බෙදන්න පටන්ගන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හැකිතාක් උත්සාහ කරන්නම්. :)

      Delete
  2. එසේම වේවා
    එත් දැන් මොන අවුරුදුද බන්? :)

    ReplyDelete
    Replies
    1. දැන් තමයි හරි නම් අවුරුදු තියෙන්න ඕන :))

      Delete
  3. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති. හැකි වෙලාවක ඇවිත් යන්න එන්නම්. අනිවාර්යයෙන්ම. O:-)

      Delete
  4. අඩේ මෙහෙම දුව දුව ලියන්න බෑනේ බං.. ටිකක් නිවාඩු පාඩුවේ අර ඉස්සර වගේම ලියමුකෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්නම්. හිතේ නිදහසක් තියෙන්න එපැයි සිතිවිලි පහල වෙන්න. ;)

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...!එසේම වේවා...!

      Delete
  6. අද යි ෙම් පැත්ෙත අාෙව්....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා....

      Delete
  7. අනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...

    ReplyDelete