Wednesday, May 22, 2013

ඇනයෝ සහ වෙස්වලාගත් ඇනයෝ




මම බ්ලොග් එකක් ලියන්න කියල හිතුවේ අනික් අය බ්ලොග් ලියන එක ගැන ලොකු ආසාවක් හිතුන හින්ද. මොකද මන්ද ඒ දවස් වල මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න ඕන කියල මට හිතිලා තිබුන කාලයක් . නමුත් අන්තර්ජාලය ගැනවත් හරිහැටි දැනුමක් නොතිබුන ඒ කාලෙ එහෙම දෙයක් කරන්නෙ කොහොමද කියල කිසිම අවබෝධයක් තිබුනෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි මට බ්ලොග් කෙරුවාව ගැන මග මිත්‍රය අඳුන්වල දුන්නෙ. මුලින්ම කියවපු බ්ලොග් එක තමයි මගේ ලෝකය. ඒකෙ තිබුන දේවල් ගොඩක් ආසාවෙන් කියෙව්වා. වටිනා දේවල් , විනෝදජනක දේවල් ගොඩක් එකේ තිබුන. මටත් ඒ වගේ කට්ටිය රැස්වෙන බ්ලොගයක් තිබුනානම් කියල ඒ වෙලාවේ හිතුන හින්ද යන්තම් දඟලල දඟලල මේක හදා ගත්ත. 


මුලින්ම දන්නා අඳුනන කට්ටියට කිව්වා මෙහෙම එකක් පටන් ගත්ත ඇවිල්ල බලල කොමෙන්ටුවක් දාල යන්න හිත හැදෙන්න කියල. ඔන්න ඔහොම ආපු ගමනක් තමයි මේ ඇවිල්ල ඉන්නෙ. ඔන්න ඔය කාලෙ තමයි ඇනයෝ ගැන සෑහෙන්න කතා කරන්න පටන් ගත්තෙ. හේතුව තමයි ඒ කාලෙ තිබුන බොහොම ප්‍රසිද්ධ බ්ලොග් වල ගොඩක් වෙලාවට ඇනොනිමස් ව කොමෙන්ටු දාන්න අවසර තිබුන. මේවයින් ගොඩක් අය බොහොම වටිනා අදහස් පල කළා. තමන්ට කියල බ්ලොගයක් හෝ වෙනත් profile එකක් නැති අය ඇනොනිමස් වේශයෙන් ඇවිත් තමන්ගේ අදහස් පල කරලා තමන්ගේ නමත් දාල ගියා. 

ඔන්න ඔය අතරේ හිටිය තමන්ගේ මානසික අවපීඩන තත්වයන් මුදාහරින්න ආපු පිරිසක්. මේ අය ඇනොනිමස් ඉඩ ප්‍රස්තාව ප්‍රයෝජයනයට ගත්තෙ තමන්ගේ මොළේ තිබුන අසහනය අවම කරගන්න. අනික් අයට කෙලින්ම කියන්න තම\රම කොන්දක් නැති මේ අය ඇවිත් ඇනයෝ විදියට තැනින් තැන මල පහ කරලා ගියේ අර වටිනා අදහස් දෙන අනොනිමස්ලා ගෙ අවස්ථාවත් විනාස කරගෙනයි.

මේ හින්ද කතිකාවත් ගොඩක් ඇති උනා. ගොඩක් අය අනොනිමස්ලව තමනේ බ්ලොග් වලින් ඉවත් කරලම දැම්ම.මම නම් මුල ඉඳන්ම එහෙම තමයි කලේ. මොකද මම බය උනා මගේ බ්ලොගයටත් ඒ වගේ කරදරයක් වෙයිද කියල. ඉතින් අනොනිමස්ලගේඅවධිය ඔන්න ඔහොම අවසන් උනා. අර මානසික අසහන කාරයන්ට කරගන්න දෙයක් නැති උනා. කාලයක් තිස්සේ කිසිම සද්දයක් නැතිව හිටිය. අර හොඳ අදහස් දීපු ගොඩක් දෙනෙක් තමන්ගේම බ්ලොග් පටන් අරගත්තා. 

මම මේ හෝ ගාල අනොනිමස්ලට බනින්නෙ ඇයි කියල කට්ටිය බලනවා ඇති. හේතුව මගේ පහුගිය පොස්ටු කිහිපයක දාල තියන කොමෙන්ටු බැලුවම සමහරවිට තේරෙයි. සාමාන්‍යයෙන් ඕනෑම පොස්ටුවකට කොමෙන්ටු දාන පිළිවෙලක් තියනවා. කිසිම කෙනෙක් , මම කියන්නෙ ඇත්තටම ආදරෙන් බ්ලොග් කලාව කරන කෙනෙක්, තමන්ගේ පෞද්ගලික දේවල් ප්‍රසිද්ධියේ දාන්නේ නැහැනේ? බොහොම සංයමයකින් යුතුව තමයි ඒක කරන්න ඕන. මොකද බ්ලොග් එකක් කිවම එක්කෙනෙක් විතරක් බලන එකක් නෙමෙයි. කි දෙනෙක් නම් බලනවද. 

මට හිතෙනවා සමහරු බ්ලොග් කලාවට බැහැල ඉන්නෙ අනික් අයට අපහාස කරන්න, අපහසුතාවට පත් කරන්නදෝ කියල. අර අසහනකාරී අනොනිමස්ල කරන වැඩක් ද කියලත් හිතෙනවා. ඒත් තව කෙනෙක්ට අපහාස කරලා ලබන සතුට මොන වගේද කියන එක නම් මට හිතාගන්න අමාරුයි. තමන් කරන දේ අනුව තමන් ප්‍රවිනයෙක්ද නවකයෙක්ද කියන එක තීරණය වෙනවා. අන්න ඒ නිසා තමන් කරන වැඩේ හරියට කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නෙ. දැන් කට්ටිය අහන්න එපා මම කාටද මේක කියන්නෙ කියල. තමන් ගැන තමන් දන්නවනේ? ඒ හින්ද තීරණය ඔයාල අතේ.

ප.ලි.
ඇනෝලා සිටිය යුතුය.එහෙත් සිදුවිය යුත්තේ තර්කානුකුල මතයක් ගොඩනැගීම මිස අපහාස කිරීම නොවේ. මමත් ඉස්සරම ඇනෝ ලෙස කොමෙන්ටු දැම්මෙමි.නමුත් නමත් සඳහන් කලෙමි.ඒ ඒ දවස් වල බ්ලොගයක් නොතිබුන නිසාත් ගුගල් ප්‍රොෆයිල් ගැන නොදැන සිටි නිසාත්ය.

24 comments:

  1. අනේ ඕනි මවුස් .. හඃ හඃ හඃ හඃ
    මෙතන ගුටි කෙලියක් සෙට් වෙනවනම් මටත් කියන්න ......

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නම්. :7 මොනව වෙයිද දන්නෙ නෑ..

      Delete
  2. =))කෝපයෙන් සිටින විට පොස්ටුද නොලිය යුතුයි. මේ ඇපලෝ කාටවත් බනින වෙලාවේ හොඳ ඇපල් ගෙඩියක් ලියලා ලාබෙට දුන්නනම් මොකද.:-? බැන්නට හැදෙන මිනිස්සු ඉන්න රටක්යෑ මේක X_X

    ReplyDelete
    Replies
    1. කෝපයෙන් නොසිටිමි. ඇත්තටම කලකිරීමකින් තමයි ලිව්වේ. දන්නවනේ මට එහෙම ලේසියෙන් කේන්ති යන්නෙ නැතෙයි කියල... ;)

      Delete
    2. නෑ නෑ අත පය හිරිවැටිලා වගේ . ගුටි කෙලියක් එනවනම් තමා හොඳ .

      Delete
  3. ඕව ඒ හැටි ගණන් ගන්න එපා ඇපලේ... සමාජය විවිධාකාරයි.. මේවාට සාර්ථකව මුහුණ දිම තමයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මට උවමනා උනෙ එක්කෙනෙක් හරි මේවා කියවල යහමගට ගැනීම. එක හිතට සතුටක්නේ.... :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මාව නම් ඇනෝ මහත්වරු ඉතාම ඉහලින් ඔසවා තබලා තියෙන්නේ. බ්ලොග් ලෝකේ මට මාර ප්‍රසිද්ධියක් ඒ අය ලබා දුන්නා.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා. එහෙම වෙනවනම් ඇත්තටම හොඳයි. එත් නරක පැත්තට යොදා ගන්න එක්කෙනෙක් හිටියම ඇති අනික් හොඳ අයගේ මඩ ගෑවෙන්න.

      Delete
  6. මම දන්නේ නැහැ බන් උඹේ පෝස්ට් එකේ අර්ථය!

    ඒ වුනාට මගේ අදහස නම් ඇනෝ තිබිය යුතුයි කියලා.මොකද මෙහෙම අසහනකාරයෝ ඉන්නවා කියලා අපි ඇනෝ වැහුවොත් ගූගල් ප්‍රොෆයිල් නැති අයට අදහස් දක්වන්න තියෙන අයිතිය නැති වෙනවා!

    ඒ වගේම අපිට ලිපියකින් මල් විතරක් බලාපොරොත්තු වෙන්න බැහැ ගලුත් බලාපොරොත්තු වෙන්න ඕන.ලිපියක අපේ අදහසට විරුද්ධ අදහසක් සමහර අයට කෙලින් පල කරන්න බැහැ හිතවත් කම් නිසා ඒ නිසා ඒ වගේ සියලුම දෙනාගේ අදහස් වලට ගරු කරමින් ඒ සියලු දෙනාටම ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතුයි.

    ඒ වගේමයි හැබැයි ඇනෝ නිදහස දෙනවා නම් තමන්ගේ ලිපියකදී තමන්ට හෝ ලිපියට අදාළ නොමැතිව තමාගේ බ්ලොගේ වෙනත් අදහස් දක්වන්නෙකුට අපහසයක් ඇනෝලා විසින් සිදු කරනවා නම් අපි ඒක ගැන වගකියන්න ඕන!

    ReplyDelete
    Replies
    1. ලිපිය ගැන අදහස් දැක්වීම වෙනමම දෙයක් . වැරදි නම් එක වැරදි කියන්නකිසිම කෙනෙක් පසුබට විය යුතු නැහැ. එක තමයි ඇත්තටම බ්ලොග් ලෝකය තුල සිදුවිය යුත්තේ. නමුත් ඔබ අන්තිමට සඳහන් කල දේ ගැන තමයි මම කියන්නෙ. අපහාස කිරීම ගැන. එයට නම් ඉඩදෙන්න බැහැ.

      ගල් පහරවල් එල්ලවන තරමට මම කැමතියි.මොකද ඒකෙන් මගේ වැරැද්ද හදාගන්න පුළුවන්.නමුත් ලිපියකට අදාළ නැති දෙයක් පවසමින් කෙනෙක්ට අපහාස කරනවානම් එය වැරදියි. දැනටත් සමහරු ව්‍යාජ බ්ලොග් හදාගෙන එහෙම කරනවා. අන්න ඒ අය ගැන තමයි මම කතා කලේ. :|

      Delete
    2. අනික ගුගල් ප්‍රොෆයිල් එකක් හදාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි අද කාලෙ. තමන් කව්ද කියන්න ඔච්චරටම බය වෙන්නෙ මොකටද. :-h

      Delete
  7. mamat "Ano" comment kara namat eka(Sajith) gmail Account hadagankam. Blog wala smahara "Ano comment dkahama mamat hitana dan "Ano la" ayin karana kalaya.
    Jayawewa.

    ReplyDelete
  8. මගේ බොගේ මෙච්චර දවසක් ඇනෝ අයිතිය රැක දීලා තිබුනෙ..ඒත් අලුත්ම පෝස්ටුවට වැදුනු ඇනෝ ප්‍රහාර නිසා මට ඒ අයිතිය අයින් කරන්න සිද්ධ වුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බ්ලොගර් කරුවන් වෙසින් පැමිණෙන ඇනෝ කරුවන්ගෙන් තමයි ඊළඟට පරිස්සම් වෙන්න තියෙන්නේ.

      Delete
  9. බැනලාබැනලාබැනලාබැනලාබැනලා;)

    ReplyDelete