Saturday, May 25, 2013

වැඩියෙන්ම වටින දේ...


මේක මට ඊයකින් ආපු එකක්. ඒක දන්නා වටිනවා කියල හිතුන නිසා ඔන්න දානව.

අමුත්තෝ තුන්දෙනා

එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදරින් එලියට බහිද්දි ගේ ඉදිරිපිට මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවලු.නමුත් මේ ගෑනු කෙනා ඒ ඉන්න අයව අදුන ගත්තේ නෑ. නමුත් මෙයාලට බඩගිනි ඇති කියල හිතුන මේ ගෑනු කෙනා "මම ඔයාලව නම් අදුනන්නේ නෑ. ඒ උනාට ඔයාලට බඩගිනි ඇති. ඒ නිසා ගේ ඇතුලට ඇවිත් මොනවහරි කාලා ඉන්න." කියලා කෑමට ආරාධනා කරනවා.

එතකොට මේ කට්ටියගෙන් එක්කෙනෙක් අහනවා "තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර ඉන්නවද ? " කියලා.ඒ ගෑනු කෙනා කියනවා "එයා තාම වැඩ ඇරිලා ආවේ නෑ" කියලා.

"එහෙමනම් අපට ඇතුලට එන්න බෑ " කියලා අර ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියනවා. කොහොමින් කොහොම හරි මේ අල්ල පනල්ලේ ගෙදර මනුස්සයාත් වැඩඇරිලා එනවා.

ගෙදර මනුස්සයාම ගිහින් අර කට්ටියට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.නමුත් මේ අය කියනවා ඒ තුන්දෙනාටම එකපාර ගේ ඇතුලට එන්න බෑකියලා.

" ඇයි ඒ තුන්දෙනාටම එකපාර එන්න බැරි ? " ගෙදර හිටපු ගෑනු කෙනා අහනවා.

"මෙයාගේ නම 'ධනය'. අනිත් එක්කෙනාගේ නම 'සාර්ථකත්වය'. මගේ නම 'ආදරය'."අමුත්තෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඊට පස්සේ "ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කතා කරලා අපි තුන්දෙනාගෙන් කැමති කෙනෙක්ට ගෙදෙට්ට ආරාධනා කරන්න" කියලා කිව්වා.

ගෑනු කෙනා ගේ ඇතුලට ගියා. ගේ ඇතුලේ එකම යුද්ධයයි. කට්ටියම සුපර් ස්ටාර් තෝරනවා වගේ සාකච්චා කරනවා.

" අපි ධනයට ගේ ඇතුලට එන්න කියමු. එතකොට ධනයෙන් මුලු ගේම පිරිලා යයි " කියලා ස්වාමි පුරුෂයා කිව්වා.

"නෑ නෑ ඒයි !! අපි සාර්ථකත්වයට එන්න කියමු. එතකොට අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ." කියලා ගෑනු කෙනා කියනවා.

කොහොමහරි මේ කතාව මේ දෙන්නගේ ලේලි පොඩ්ඩ අහගෙන ඉන්නවා. එයත් මේ කතාව මැද්දට පැනලා "ඇයි අපි 'ආදරයට' මේ ගේ ඇතුලට එන්න කියන්නේ නැත්තේ. එතකොට ආදරයෙන් අපේ මේ මුලු ගේම පිරිලා යයි " කියලා අහනවා :x .ඊට පස්සේ මේ අදහස හොද එකක් කියලා ආදරයට ගේ ඇතුලට එන්න කියලා ආරාධනා කරනවා.

ආදරය ගේ ඇතුලට එද්දි ඊට පිටි පස්සෙන් සාර්ථකත්වයයි ඊටත් පිටි පස්සෙන් ධනයයි ගේ ඇතුලට එනවා.

ගෙදර කට්ටියට මේක හරි පුදුමයක්.මේ කට්ටිය කියනවා එයාලා ගේ ඇතුලට එන්න කතා කලේ ආදරයට විතරයි ඇයි මේ අනිත් දෙන්නත් එන්නේ කියලා අහනවා.

එතකොට එක අමුත්තෙක් කතා කතා කරලා කියනවා "ඔයා ධනයට හරි සාර්ථකත්වයට හරි ගේ ඇතුලට එන්න කිව්වා නම් අනිත් දෙන්නා එන්නේ නෑ. නමුත් ආදරයට එන්න කිව්ව හින්දා අනිත් දෙන්නත් එනවා. අපිට ආදරය තනි කරන්න බෑ. " කියලා.



මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ ??





14 comments:

  1. එහෙනම් අපිත් හැමෝටම ආදරය කරමු නෙහ් ? :x :x :x :x :x :x :x :x
    ඇපලා හදන්නේ ලඳුන් ලවා අපිට ගස්සවන්න.හහ් මම අහුවෙයි ඕවට. :P

    ReplyDelete
    Replies
    1. උඹ ගැන මම නොදන්නවයි. :P :))

      Delete
  2. යටිපෙළ අරුතින් ගත් කළ සාර්ථකම දේ තමා ආදරයට එන්න කීම. අපට හැකිනම් ලොවටම ආදරය කරුණාව දක්වන්න ඒ පිටුපස සාර්ථකත්වයත් ඒවි..
    අනික් අතින් සිංදුව කියන එකත් වෙන්න බැරි නෑ අනිත් ආදරේ පාන්න ගියොත්.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ තමයි ඇත්තටම ආදරේ ඕන වෙලා තියන කාලෙ.මිනිස්සු නොමිනිසුන් වේගන යන කාලයක්නෙ...
      සින්දුව නම් ඔහොම කියන්නෙ ඕක කාගෙන්ද මන්ද ගුටි කාපු හින්ද නෙව. =))

      Delete
  3. ඒකනේ අපි ආදරේ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වර්ණ නම් හෝ ගාල ආදරේ කරනවනේ.....අනේ වාසනාවන්. :-bd

      Delete
  4. කථාව පුංචි උනත්...තේරුම නරකම නෑ කියලා හිතෙනවා....අර තියෙනවා කිව්ව පරණ පත්තරයෙන් මොනා හරි බොගේ දාන්නකො මලේ...

    ReplyDelete
    Replies
    1. හැකි පමණ උත්සාහ කරන්නම්. O:-)

      Delete
  5. aadaraya piruna niwasak hemadama sundarayi

    ReplyDelete
  6. ආදරය ඇති තැන මොනවද නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒ උනාට හොඳ දේවල් වගේම නරක දේවලුත් එනවා ආදරය හින්ද. නේද? :-/

      Delete
  7. ලස්සන, ආදර්ශවත්, කතාවක්. බොහොම ඉහලින් අගය කරනවා. මෙවැනි සරල කතාවකින් උගතහැකි පාඩම් බොහෝයි. අදට වඩාත් හොඳින් ගැලපෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. ආදරේ කියන්නේ අද රෑ කියන එක එඩිට් වෙලා නේද ???

    ReplyDelete