Tuesday, August 13, 2013

18 +






හ්ම්ම්...අද මොකක්ද කියන්න හදන කතාව....? එකත් එකටම මොකක් හරි කුප්ප කතාවක් වෙන්න ඇති. එලම තමයි. නැත්තම් මොකටද 18 + කියල දාන්නේ? එහෙම දාල ලියන ගොඩක් පොස්ටු පට්ටම ආතල්. අනිවා කියවන්නම ඕන ඒවගේ ඒවා තමයි. අනික් ඒවා නම් බලන්න කම්මැලි අප්පා....අරෙහෙම එකක් කියෙව්වම නිදිමතත් යනවා . ආයිත් මතක් කර කර හිනා වෙන්න පුළුවන්.

හරියට හරි. 18+ කියල දාල වැඩේ පටන් ගත්ත.මොකක් හරි එකක් ලියන්න ඕන ඒ හින්ද. සුවර් එකටම 18+ දැක්ක ගමන් අනිවා කට්ටිය එනවා මේක බලන්න. කවදාවත් මේ පැත්තටවත් නොඑන උන් එනවා. බලන ගාන වැඩි වෙනවා. කවුන්ටරේ වැඩි වෙනවා කියන්නෙ බ්ලොගේ ප්‍රසිද්ධ වෙනවා.මොකක් හරි ආතල් කතාවක් දාන්න ඕන කට්ටිය ගෙන්නගන්න. 

දැන් කට්ටිය බලනවා ඇති මට නරක වෙච්ච ඇපල් ගෙඩියක් වත් කැවිලද දන්නේ නෑ කියල. එක අතකට එහෙම වෙන්නත් පුළුවන්.මොකද මේ කාලේ හැටියට මොනවා කෑවත් විස වෙන්න තියනවා. එහෙමත් නැත්නම් දකින අයට විස වෙන්නත් තියනවා.

මම ඇත්තටම කියන්න හදන්නේ මම කාලයක් තිස්සේ දැකපු දෙයක් ගැන තමයි. මේ 18+ කියන එක බ්ලොග් වලට ඇවිත් වැඩි කාලයක් නම් නෑ මට මතක හැටියට. ඒත් වැඩේ නැගලම ගියා. එහෙම දැම්මම කට්ටිය බ්ලොග් එක බලනවා කියල තේරුම් ගිය ගමන් කට්ටිය දිගට හරහට මේක පාවිච්චි කරන්න පටන් ගත්ත. 

සාමාන්‍යයෙන් 18+ කියන එකෙන් අදහස් වෙන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එක. කාලෙකට කලින් ලංකාවේ හදපු ගොඩක් සිංහල චිත්තරපටිත් එහෙමනේ..(ඒ ගැන කට්ටිය මට වඩා හොඳට දන්නවා ඇතිනේ..) එහෙම කියල දාන්නේ ඒවායේ නිරුවත් හෝ අඩ නිරුවත් දසුන් අඩංගු වෙන හින්ද. නමුත් ඒවා ඒ තරම් ප්‍රසිද්ධ උනා කියල මම නම් හිතන්නෙ නෑ.

බ්ලොග් කලාවට එනකොට මේ භාෂිතය ටිකක් වෙනස්. බලන කට්ටිය හිතන්නෙ ටිකක් චාටර් සීන් එකක් වෙන්න ඇති කියල. සමහර වෙලාවට එහෙම තමයි. නමුත් ගොඩක් වෙලාවට එහෙමද? එහෙම දාන ගොඩක් පොස්ටු වල එහෙම සිද්ධි තියනවද? මෙන්න මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා මේවා ඇත්තටම එහෙම එහෙම නම් කරන්න සුදුසුද කියල. 

මමත් මේ ක්‍රමේ අත්හදා බැලුව.ඇත්තටම කියනවා නම් එතෙක් මෙතෙක් කාලයක් වැඩියෙන්ම බලල තියෙන්නේ එහෙම දාපු පෝස්ටු තමයි. කොච්චර බලනවද කියනවනම් අලුතෙන් දාපු පෝස්ටු හින්ද අරව වැහිලා යද්දිත් කට්ටිය එකම හොයාගෙන ගිහින් බලනවා.ඒවාට වැඩියෙන් වටිනා ඒවා තියෙද්දී ඇයි අරවම බලන්නේ? මිනිස්සුන්ගේ රසවින්දනය ඒ තරමටම පිරිහිලාද? එහෙම නැත්තම් වෙන බලන්න සුදුසු ඒවා දැන් කව්රුවත් ලියන්නේ නැද්ද? එහෙමත් නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද? 


ඔබේ අදහස මොකක්ද?



28 comments:

  1. අපිත් ඒ දවස් වල අර ඇගේ වෛරය බලන්න ගිහින් මොකද්ද යකඩො බැලුවෙ කියලා දැන් තමයි හිනා යන්නෙ...බ්ලොග් එකක් කියවලා සරල රස වින්දනයක් ලබලා හිනා වෙලා ඉන්න බහුතරයක් තමයි අපේ පාඨක පිරිස වෙන්නෙ එහෙම වෙනකොට ඉතින් හාස්‍යය මුසු වුනු..ශෘංගාරය තමයි හොඳම පාඨක පිරිසක් ආකර්ශනය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ කියන එක තමයි මගේ අදහස නම්

    ReplyDelete
    Replies
    1. ශෘංගාරය ට ගොඩක් දෙනෙක් ආකර්ෂණය වෙන බව සහතික ඇත්ත. එත් එහෙමයි කියල ඒක වෙළඳ භාණ්ඩයක් කරගැනීම සුදුසුද? ඊට වඩා ආකර්ෂණය ඇති කල හැකි දේවල් ගැන සොයා බැලීම තමයි කල යුත්තේ කියන ඒක තමයි මගේ හැඟීම.

      Delete
    2. විකිණෙන දේ විකුණන එකනෙ වෙළඳාමෙ අරමුණ නම්..
      සයිබර් අවකාශයේ නම් ...වාණිජ අරමුණු නැත්නම්..තමන්ට තියෙන අරමුණු ටික ඉෂ්ඨ කර ගන්න කරන දේවල් තමා තියෙන්නෙ...ආනන්දයෙන් ප්‍රඥාවට හක්කලන් කරන්නත් ආනන්දව අල්ලා ගන්ඩ එපාය..පාළු ගේක හිර කොරලා තීබ්බට ආනන්දව කවුරුවත් දන්නෙ නැත්නම්..කෙටිකාලීන අරමුණු සහ දිගුකාලීන අරමුණු මොනවද කියලා බලලා යන අහකට යන එකයි ඇත්තෙ..සයිබර් අවකාශෙ නම්..

      Delete
    3. //ආනන්දයෙන් ප්‍රඥාවට//

      දැන් කොහෙද වෙනී අයියා ඒව, දැන් කෙළින්ම ආනන්දෙන් මරදානට.

      Delete
    4. එක විදිහකට බැලුවම ඒකත් හරි.

      Delete
  2. ඔයා හරියටම හරි ...අර අයිනෙ තියන රතු පාට කවුන්ටර් එකේ වෙනාදට මං එද්දි ඉන්නෙ 2-3-4 වගෙ උපරිම.අද නං 10ක් ම ඉන්නවා :D

    අනේ මංදා ඉතින්........ :-/

    ReplyDelete
    Replies
    1. ආපු කස්ටිය බැන බැන යනවා ඇති දැන්.

      අනේ මන්දා ඉතින්........:-/

      Delete
  3. කැවා යකෝ කැවා..... ආතල් කුඩු .... කෝ යකෝ 18+ ??????

    ReplyDelete
    Replies
    1. කුඩු ටික මෙහෙ හලලා යනව එහෙම නෙමෙයි. :-t

      Delete
  4. ඇපල් ගේ කතාවට මම සම්පූර්ණයෙන් එකඟ යි. ඒක මානව ප්‍රකෘතියේ ස්වභාවය කියලා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම උනත් ඒක දැන් ප්‍රකෘති තත්වෙන් ඈතට ගිහින් වගේ වගේ.

      Delete
  5. සිරාවට ම ඇත්ත කතාවක්. 18 + කියලා දාපු ගමන් හයේ පන්තියේ ඉන්න පොඩි බට්ටොත් බලන්න එන්නේ කට ඇරගෙන.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වැඩේ කියන්නේ. ඒ නිසා දැන් මෙහෙම දාන්න කලින් ටිකක් හිතන්න වෙයි.

      Delete
  6. ඕනම දෙයක් තුළ බොරුව වැඩි වුණාම වෙන්නේ එහි වටිනකම නැත්තටම නැතිවෙලා යන එකයි.18+ සළකුණටත් ඒ දේ වෙනවා නොදුරේදීම.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. කොයික උනත් ඕනවට වඩා පාවිච්චි කරනවානම් අගයක් නැති වෙනවා.

      Delete
  7. අඩෝ... ඇපල්... උබව මම පැපොල් කරනවා.... දාපන් ඩෝ.. 18+ එක....


    අඩේ උබේ කතාව සහහික ඇත්ත.... දැන් පොඩි ඇච්චො බැච්චො ඔක්කොම එනව 18+ කියපු ගමන්... 21+ කියපු ගමන් උන් හිටි තැන් අමතකයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් 18+ නෙව දාල තියෙන්නේ...? :-O
      අපේ සමාජය ඉස්සරහට යන්නේ වැරදි විදිහටදෝ කියලත් හිතෙනවා.

      Delete
  8. විකිනෙන විදියට විකුනන ගරිල්ල මාකටින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...විකුණන දේවල අගය අඩු වෙවී යන්නේ.

      Delete
  9. රසවින්දනය පිරිහිලා නෙවෙයි .
    සංවර්ධනය වෙලා ....
    හැක හැක හැක
    සිරා කතාව . 18+ එකක් දාපු ගමන් බලාගෙන ඉන්දෙත්දී කියවන කස්ටිය වැඩිවෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒකද උඹ වැඩියම ඒවම දාන්නෙ. අපි අහුවෙයි ඕවට.

      Delete
    2. බලපු කට්ටිය දැකල මම උඩ ගියා... @-)
      තවම උඩ ඉන්නේ බිමට බැහැගන්න බැරුව.

      Delete
  10. සික් විතරක් සුපියල් පහ කේවා .. !

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බොලේ රුපියල් පහට උනේ..? X_X

      Delete
  11. මම කියන්න ආපු එක ඔන්න උඩින් පැතුම් කියල. :)

    අපි ඉතිං මොක දැම්මත් බලන්න එනවනේ බං. ඉතිං උඹ ගෙදර ගියාද.

    ReplyDelete
    Replies
    1. ගියා ගියා.ගෙදර අයට මම හිටියද මතකත් නෑ නොවැ ටික දවසක ඉඳන්. :-SS

      Delete
  12. ඒකෙං පැහැදිලි වෙන දේ තමා අපේ අන්තර්ජාල පරිශීලකයෝ වැඩිපුර කැමති කුප්ප කම ටිකක් ඉතිරෙන සිනාව පිරුණ ආතල් කතා වලට බව...
    හා නැද්ද...

    ReplyDelete