Sunday, August 11, 2013

හරිම සතුටුයි .

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයිත් ආව බ්ලොගේ ලියන්න. වෙලාවක් තිබුනෙම නෑ පහුගිය දවස් ටිකේ. ඔක්කොම වැඩ ඉවර වෙනකම්ම නොලිය ඉඳලා වෙලාව ආවම ආපහු හොඳටම ලියනවා කියල තමයි හිටියෙ. දැන් හරි. ආපහු ලියන්න පටන් ගත්ත ඕං. කාලෙකින් දැක්කේ නැති හින්ද කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ. කමක්නෑ ආපහු මතක් වෙන්න මොනවා හරි ලියන්නම්කො....

පහුගිය කාලේ සිද්ධ උන දේවල් නම් ගොඩක් තියනවා . එත් ඔක්කොම ලියන්න නම් බෑ. එච්චරම පල් හෑල්ලක් ලිව්වොත් මේක බලන කට්ටිය අයිත නොබලා ඉන්නවා කියන එක සියට දෙසීයක් විශ්වාසයි . ගොඩක් යාළුවො අඳුන ගන්න ලැබුන. අඳුන ගන්නවා කියන්නේ නම ගම දැනගන්නවා කියන එක විතරක් නෙමෙයි කියල තේරෙනවා ඇතිනේ.

ඒ ඔක්කොටම වඩා සන්තෝසෙන් ඉන්න කාරනාව තමයි ඊයේ මම මාමා කෙනෙක් උන එක . අනේ...කියල වැඩක් නෑ. සන්තෝසේ කියන්නෙ උඩ පැන පැන නටන්න හිතෙනවා .ඒ තරම් ජොලි. අපේ අක්කට කෙලි පොඩ්ඩියෙක් හම්බ උනා ඊයේ. තවම බලන්න යන්න බැරි උනා මම ගෙදර නැති හින්ද. ඒ උනාට සතුටු නැතුවයි.

දැන් ඉතින් ගෙදර සද්ද බද්ද වැඩි වෙයි. පොඩි එකෙක් ඉන්නකොට ගෙදර තියන අසමගිකම් , අසතුටුකම් , තරහ මරහ මේවා ඔක්කොම දුරිම්භුත වෙලා උර්ධවපාතනය වෙලා යනවා. තැන් තැන් වල හැංගිලා හිටපු හොල්මන් , කුම්භාණ්ඩයෝ ඔක්කොම යනවා. ගෙදර සතුට උතුරනවා. අනේ වාසනාවන්. අනේ වාසනාවන්.

16 comments:

  1. ගෙදර ඉන්න ලොකුම කුම්භාම්ඩයා ගෙදරින් පිට ඉන්න නිසා ගෙදර මිනිස්සු සැපෙන් ඇති =)) =))
    පොඩි දෝණිට සිංදුවා මාමාගෙන් උම්මා...! :x :))
    අක්කලා මෙහෙද ඉන්නේ බං ? එන්නම් වෙලාවක කැරකිලා යන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ගෙදර ඉන්නේ. වරෙන් වරෙන්. :-bd

      Delete
  2. අලුත් මාමට ....
    ඉමිනා පුඥ්ඥකම්මෙන මාමේ බාල සමාගමෝ .........
    =D7 =D7 =D7 =D7

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නා ඔයාගේ යාලුවොද ඇපල්? :D

      පුංචි එකාට මගෙනුත් සුභ පැතුම්...ආපහු ලියන්න ආපු එක ගැන සතුටුයි ;;-)

      Delete
    2. හ්ම්ම් හ්ම්ම් නැතුව නැතුව.... ;)

      Delete
  3. ඉතිං අපිටත් හරිම සතුටුයි, ආයෙ මොකද උඹට විතරක්. ආයෙ ලියන්න පටන් ගන්නව නම් හොඳයි, දිගටම කරමුකෝ.

    අළුත් මාමට ඔන්න මගෙනුත් සුබ පැතුම්. ඉක්මනට ගිහිල්ලා දරුවව බලල හිටහන්, දරු සෙනෙහසට මාමලටත් කිරි එරෙනවය කියල කතාවකුත් තියෙනවනේ. මටත් මතකයි අපේ අක්කගෙ ලොකු කොල්ල ඉපදුනු දවස්වල මටත් හරි ආසයි පොඩි එකාව අල්ලන්න. ඒත් ඇඳේ ඉද්දි අල්ලනව විතරයි, වඩාගන්න බයයි ටිකක් ලොකු වෙනකම්. මාස දෙකතුනක් ගියාම නම් අවුලක් නෑ වඩාගත්තා. වඩාගෙන ඉද්දි ඌ සිරික්කිය දාලාම හිකි හිකි ගාලා චූ පාර දානව ඇඟපුරාම. ඕන් දැන් උඹේ වාරේ. =D7 =D7 =D7

    ReplyDelete
    Replies
    1. ඕක නම් අනිවා වෙනවා තමා. හප්පොයි...
      මක් වෙනවද අප්පා.... 8-7

      Delete
  4. මාමාට සුබ පතමි!

    ReplyDelete
  5. අහලා තියනවද පරණ කියමනක් තියනවා, සහෝදරියන්ගේ දරුවන් වෙනුවෙන් මාමගේ මහපට ඇඟිල්ලට කිරි එරෙනවලු. ඒ කියන්නේ මාමා කෙනෙක් තමන්ගේ සහෝදරියන්ගේ දරුවන්ට කොයි තරම් ආදරෙයිද කියන එක.

    අප්පොච්චියේ මටනම් මාමා කියන එවුන් හැටහුටහමාරක් විතර ඉන්නවා. මට අක්කලා තුදෙනෙක් ඉන්න නිසා. මාමා නෙවෙයි, උන්ගේ දරුවෝ දැන් සීයේ කිව්වම තමයි, බොලේ.......... මමත් නාකිවෙලානේ කියලා හිතෙන්නේ. :D

    බොහොම සන්තෝසයි ඔබේ අඩවිය නැවත පණගැන්වීම ගැන.

    ReplyDelete
    Replies
    1. ඒ දැනෙන සෙනෙහස ගැන විස්තර කරන්න බෑ. අක්කල දෙන්නෙක් තමයි මටත් ඉන්නේ.ඉස්සරහට තව තව මාමා කියන කට්ටිය ඒවිනෙ..
      :D

      Delete
  6. අලුත් මාමාට මගෙනුත් සුභ පැතුම්! මම මේ පැත්ත ගොඩ වෙලා තියෙන්නේ සුභ දවසක එහෙම නං.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.... :)
      සුභම සුබ දවසක ඇවිත් තියෙන්නේ... ;)

      Delete
  7. ඔන්න ඇපලෝ... මගෙනුත් උණුසුම් සුභපැතුම්... එල ඈ.... පොඩි එකීටත් කියපන් ඈ... මමත් සුභ පැතුව කියල....

    ReplyDelete