Wednesday, November 6, 2013

කම්මැලි වගේ ...

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ආයිත් ලිපියක් දාන්න හිතුනා. මෙච්චර දවසක් ලියන්න බැරිවුනේ දැඩි ලෙස කාර්යබහුල වෙලා හිටපු හින්දා. දැන් කස්ටිය කල්පනා කරනවා ඇති මොකක්ද යකෝ මේකට මෙච්චර කාර්යබහුල වෙන්න තරම් තිබුන ඒක මොකක්ද කියල. තවත් සමහර අය ඒක ඒක ඒවා හිතනවා ඇති ඒත් මම ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. හුහ්.

වෙන මොනවත් නෙමෙයි ඔන්න අපේඅනික් අක්කත් කසාද බැඳලා ගියා. ඔකේ වැඩ තමයි තිබුනෙ. ඒ එක්කම බ්ලොග් ලියන්නවත් කියවන්නවත් මානසිකත්වයක් තිබුනෙ නෑ.පහුගිය දවස් වල කට්ටිය ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරිවුනේ ඒ හින්ද තමයි .සමා වන සේක්වා.....!

දැන් ඉස්සරහට ආයිත් පටන් ගන්න බැරියැ කියල තමයි හිතාගෙන ඉන්නෙ. කැම්පස් පටන් ගත්ත හින්ද ඒවයෙත් වැඩඑකතු වෙයි. ඒ උනත් අද ඉඳන් නම් කට්ටිය ලියන ඒවා අනිවා බලන්නම්. මොනවා මොනවා හරි ලියන්නත් බලන්නම්. ලියනවා කිව්වට ඔහේ වල්පල් ලියන්නත් බැහැනේ . ඒ හින්ද ටිකක් කල් අරගෙන ඒක දෙක ලියන්න තමයි වෙන්නෙ. කොහොම කොහොම හරි බ්ලොග් ඒකෙ උපන් දිනෙත් ලගම එනවා. ඊට කලින් පොස්ටු 100 කොහොම හරි සම්පුර්ණ කරගන්න හිතාගෙන හිටියේ. ඔක්කොම දැන් වතුරේ.

එහෙනම් ජයවේවා කිව්වා ඕං..... 

10 comments:

  1. අනේ බන් හැමදාම ඉදලා ඉදලා නිදිමතේ මේ වගේ පෝස්ට් දාන්නෙ නැතුව...යමක් හිතලා මතලා ලියලා දාහං...හැමදාම ලිව්වෙ නැති උනාට කමක් නෑ...ඒත් අවුරුද්දකට පස්සෙ හරි නොලියා හිටිය කාලෙ ගැන පසුතැවිලි වෙන්නෙ නැතුව...අලුත් යමක් ලියපං...

    ReplyDelete
  2. හ්ම් හ්ම් . සිංදු ටික නැගලා went නෙහ් ? එල එල
    ආයේ ලියමු දිගටම ආ ...........

    ReplyDelete
    Replies
    1. නැත්තන්.. වහලේ හැපිල තමයි නතර උනේ අන්තිමට . :-bd

      Delete
  3. උඹත් එක්ක බෑ බං.. හැමදාම ඔන්න අවා මෙන්න ආවා කියලා ආයෙම නැති වෙන්නේ නැතුව පුළුවන් වෙලාවක හොද දෙයක් ලියපං.. අපි කොහේවත් යන්නේ නෑනේ බං.. අපි ඉතින් මේවයෙම පදිංචි වෙලා දැන්..

    ReplyDelete
  4. බ්ලොග් රෝලේ තිබුණ නිසා මෙහෙම එකක් ගැන මතකයක් තියෙනවා.

    ReplyDelete
  5. මොනව වුණත් ඉතින් අක්කට සුබ පතනවා!

    ReplyDelete