Tuesday, November 12, 2013

ලාබයි ඇපල් - දැන් අවුරුදු දෙකයි.




ඔන්න කොහොමින් කොහොමින් හරි දෙවෙනි උපන් දිනෙත් පහුවුනා.අද නෙමෙයි ඊයේ තිබුනෙ. ඒ කියන්නෙ 2011 - 11 - 11 වෙනිදා පටන් ගත්ත මේ බ්ලොග් පැටියා ට දැන් අවරුදු දෙකක් වෙනවා. යන්තම් බඩගාගෙන යන්න පුළුවන්. තවම දනගාන්න බෑ. එකට තව කල් යයි. මේ සන්තෝසෙට මගේ යාළුවා සහ මම ඊයෙ දවසෙම පාටි දැම්ම. වෙන කොහෙවත් නෙමෙයි සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. හොඳට කාල හොඳට බීල නටල හෙන ජොලියක් ගත්ත ඉතින්. කියල වැඩක් නෑ. අවුල කියන්නෙ අපේ අම්ම කතා කලානේ. එතකොටම ඇහැරුනා .  

අවරුදු දෙකක් කියන්නෙ මහා ලොකු කාලයක් නෙමෙයි.නමුත් බ්ලොග්කරණයේදී නම් අවරුදු දෙකක් කියන්නෙ දැනුම් සම්භාරයක්. මිතුරන් මහා ගොඩක්. ඒ වගේම තමයි සතුට දුක බෙදාගන්න අම්බලමක්. ලෝකේ කොහේ හිටියත් මෙතැනදී අපි හැමෝම හම්බ වෙනවා. හම්බ වෙලා එක එක්කෙනාට සිද්ධ උන ජොලි සිද්ධි දුක සිද්ධි අත්දැකීම් බෙදාහදා ගන්නවා. 

මට ඒ කාලෙ ඉඳන්ම මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න උවමනා වෙලා තිබුනා. ඒ කාලේ මම බ්ලොග් ගැන දන්නේ නෑ . කොහොම හරි මගේ යාලුවා අංජන මට දවසක් ලින්කුවක් එවල තිබුනා. මමත් බැලුව. ඒකෙ තිබුනෙ බ්ලොග් එකක්. නම තමයි මගේ ලෝකය . මේක දැක්කෙ නැත්නම් මම බ්ලොග් එකක් පටන් ගන්න තියා ඒ ගැන දැනගන්නේවත් නෑ තව කාලයක් යනකම්. ඒක කාලයක් තිස්සේ බලල අන්තිමට මම මගේම කියල එකක් පටන් ගත්ත. නමක් කල්පනා කරනකොට මගේ ඔලුවට ඒක පාරටම ආවේ ඒ ටික කාලයකට කලින් ප්‍රදර්ශනය වෙවී තිබුන නාට්‍යයක නමක්. ඉතින් ඒ නම තමයි ලාබයි ඇපල්.

මෙතැනදී හම්බ උන මිතුරන් කැල , මිතුරුකම , සුහදකම සෑහෙන්න වටිනවා. මේ බ්ලොග් කරන අයගෙන් මම පෞද්ගලිකව අඳුනන අය ඉන්නෙ දෙන්නයි එහෙම නැත්නම් තුන් දෙනයි. නමුත් ඇපල් නමින් මා හඳුනන අය ඕන තරම් අන්තර්ජාලයේ ඉන්නවා . මහා විශාල ප්‍රමාණයක් නොවුනත් , ඒක පොස්ටුවකට වැටෙන හිට් ගාන 200 පන්නන්නෙ ඉඳල හිටලා උනත් මට ඒ හොඳටම ඇති. ඉස්සර නම් හිට් ගාන 100 පන්නම දැනෙන සතුට කියල වැඩක් නෑ. දැන් නම් 250 පන්නල එනවා.

සමහර කාල වලට මාසෙකට එක පෝස්ටුවක් විතරක් දාපු කාලවලුත් තිබ්බ. ඒකට සමාව ඉල්ලලා පෝස්ටුවක් දැම්මම මට බැනගෙන බැනගෙන යන අයත් ඉන්නවා . ඒ හින්දා මම තීරණයක් ගත්ත ආයිත් සමාව නොඉල්ලන්න වැඩ කොරන්න. නැත්නම් හැමදාම මේ සුමේ කොරන්න පුළුවනැයි මම අහන්නෙ . ඒ බැනුම් වලින් ඇත්තටම මාව දිරිමත් උනා.කාලෙයක් නොලියා හිටියත් මාව අමතක වෙලා නෑ කියල හිත යටින් සතුටකුත් එක්ක කඳුලකුත් මතුවුනා. සතුටට. එහෙම දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පින්. හැමෝගෙම හයියෙන් මෙච්චර දුරක් එන්න ලැබුන ඒක ගැන මට ගොඩක් සතුටුයි. 

ඇත්තටම කියනවනම් මම ඊයෙ තමයි මේක දාන්න ඕනා කියල හිතාගෙන ආවෙ. බෝඩිමේ ඉඳන් ගෙදර ඇවිත් හොඳට නිදාගෙන ඇහැරලා තිබුන වැඩ ටික කරද්දී මට ඉබේම අමතක වෙලා ගියානේ...බලන්නකෝ එකෙත් හැටි. මගේ යාළුවො මගේ මතක ශක්තියේ විශිෂ්ටත්වය ගැන එක එක ඒවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බලාගෙන යනකොට . හනේ හපොයි. 

එහෙනම් මෙන්න මම ඇත්තටම උපන් දිනෙක කරන්න කැමති දේ...



මට ජයවේවා.....!

26 comments:

  1. ඒ කියන්නේ මම ඔබට වඩා මාසයකුත් දවස් තුනක් බාලයි :D මම එහෙම කිව්වේ මගේ බ්ලොග් එක පටන්ගත්තේ 2011 දෙසැම්බර් 15 නිසා. මා හිතනවා ඇත්ත වශයෙන්ම ඔබ සාර්ථක ගමනක් යනබව බ්ලොග් ලෝකය තුල. දීර්ඝ කාලීන සාර්ථක ඉදිරි ගමනකට මගෙන් උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. තුති වේවා...! පුළුවන් තරම් කාලයක් ලියන්න තමයි බලාපොරොත්තුව.

      Delete
    2. මමත් බාලයි. මාසයයි දවස් 19ක්. මම පටන් ගත්තේ 2012 ජනවාරි පළවෙනිදා.

      Delete
    3. මම 2012 ජූනි 10 අද වගේ මතකයි ඒ දිනය

      Delete
  2. ඔන්න අපෙනුත් සුබ පැතුම්! අපි නම් තාම අතදරුවො එහෙම බැලුවොත් :D

    ReplyDelete
    Replies
    1. ස්තුති...! අතදරුවෝ තමයි කාලයක් යද්දී වැඩිහිටියෝ වෙන්නෙ. ඒ හින්ද ඔබත් දිගටම ලියන්න.:)

      Delete
  3. අවුරුදු දෙකක් කියන්නේ බ්ලොග් එකක් පැත්තෙන් සෑහෙන ලොකු කාලයක් බං.. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මට තවම එච්චර කාලයක් කියල හිතෙන්නෙ නෑනෙ.
      ඉස්තුතියි ඉස්තුතියි. ;)

      Delete
  4. අපි දෙන්න එක කිට්ටුව බ්ලොග් පටන් අරන් තියෙන්නේ. මම 2012 ජනවාරි පළවෙනිදා. හැබැයි මම පොස්ට් 250 ක් පන්නලා දාල තියෙනවා. ඒක ඉතින් එකෙක් එක්ක්කෙනාට වෙලාව ඉතිරි වෙන හැටියට නේ. ඉති එහෙන අවුරුදු දෙකට සුභ පැතුම් !!!! දිගටම ලියන්න. මාසෙකට පහක් වත්.

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ලියන්න බලනවා ඉස්සරහට. කාල වේලාව තියන හැටියට තමයි. :)

      Delete
  5. සුබ පතනව..රජ වීදිය අපිත් එනව එහෙනම් ඇපල් කන්න..

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. සාදරයෙන් පිලිගන්නවා... B-)

      Delete
  6. මාත් ජයවේවා කියුවා

    ReplyDelete
  7. තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා.
    එල එලස් !

    ReplyDelete
  8. ආ..............ආ................
    සතුටුයි මල්ලී..
    නියමයි ඈ.....
    ලියමු දිගටම
    අපි හිටියොත් එනවා කියවන්න..

    මගෙනුත් සුභ පැතුම් ,,.. තව රස රස ඇපල් වැටේවා..!

    ReplyDelete
    Replies
    1. එල එල...බලමුකෝ එන විදියකට....
      තුති වේවා.... :)

      Delete
  9. සුභ පැතුම් මලයො...මෙදා පොටේවත් ලියහං හැටට හැටේ...

    ReplyDelete
  10. ප්‍රමාදවෙලා හරි මලයට සුබපතන්න ඔන්න මමත් එකතුවෙනවා.

    එහෙනම් ... යමු ඉස්සරහට. =D7 =D7 =D7 =D7 =D7 =D7

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකට පස්සෙනේ..?කොහෙද හිටියේ? ස්තුති වේවා. :)

      Delete
  11. සාර්ථක ඉදිරි ගමනකට මගෙන් උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  12. Replies
    1. සෑහෙන කාලෙකට පස්සෙනේ දැක්කෙ. මම හිතුව අතුරුදන් වෙලාදෝ කියල . :-t

      තුති වේවා....! :)

      Delete