Thursday, November 21, 2013

පොඩි කාලෙට ගියෙමි.



ගත්තේ මෙතනින්.
ඔන්න අද වැඩ කර කර ඉන්න ගමන් ඒක පාරටම මට පරණ කාලෙ මතක් උනා. මතක් වෙලා පටස් ගාල අන්තර්ජාලේ පැත්තට කරක් ගහල බැලුව. මෙන්න බොලේ බඩු තියනවා. මට පුදුම සතුටක් දැනුනේ ඒ වෙලාවේ. දන්නවද මොනවද හම්බ උනේ කියල..?  

Contra Force

දැන් සමහර අය බලනවා ඇති මේ මොන හරුපයක්ද කියල. පොඩි එවුන් සහ වයසක කට්ටිය තමයි එහෙම බලන්නේ.නමුත් මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් අය මේ නම ඉස්සර කාලේ ගොඩක් අහල ඇති. මොකද දැන් කාලෙ වගේ පරිගණක තිබුනෙ නෑ හැමෝටම. මම නම් 5 වසර ට විතර ආවට පස්සෙ තමයි මුලින්ම පරිගණකයක් දැක්කෙත් අම්මගේ ඔපිසියේදී. ඒ කාලේ අපිට ඔච්චර පහසුකම් තිබුනෙත් නෑ නොවැ.

එතකොට මම හය වසරේ විතර ඇති. දහම් පාසලේ මගේ හොඳම යාළුවා උනේ මල්ලි කෙනෙක්. නම චාමර. මල්ලි කෙනෙක් උනත් මිනිහව අපේ පන්තියට තමයි දාල තිබුනෙ. පවුලේ එකම කොලුවා. ඉතින් ගෙදර අම්මයි තාත්තයි කියන කියන හැම එකක්ම මේකට අරන් දුන්න.ගෙදර තිබුනෙ දහම් පාසලට පහල පාර අයිනේ. 

දවසක් මේකා ආව උදේම මාරම සන්තොසෙකින්. 
"අයියේ මට TV game එකක් අරන් දුන්නා ".

මම අන්දුන් කුන්දුන්. 
"ඒ කිව්වේ ? "

"ඒක TV එකට සෙට් කරලා ගේම් ගහන්න පුළුවන්. "

ඒ කාලේ වෙනකොට මම දැකල තිබුන එකම ගේම් ඒක තමයි මෙන්න මේක. 


දන්නා කට්ටිය දන්නව ඇති මේක ඒ කාලෙ කොච්චර ජනප්‍රියද කියන එක. මේවා තිබුනෙත් බොහොම ටික දෙනෙක් ගාව විතරයි. ඒ හින්ද අයිතිකාරයාගේ යාලුවන්ට තමයි ඕව සෙල්ලම් කරන්න පින ලැබුනේ. මේ වගේ එකකින් එහාට අපි ගේම් දැකල තිබුනෙ නෑ. ඉතින් ඒවා කොහොම වෙන්න ඇද්ද කියල මට හිතා ගන්න බැරිවුනා. 

දහම් පාසල ඇරෙනකම් ඕක ගැන තමයි කතා කර කර හිටියේ. 12 30 ට ඇරුන ගමන් කෙලින්ම දිවුවේ චාමර මලයාගේ ගෙදරට. ඔන්න දැන් මිනිහ ගේම් සෙට් ඒක එලියට ගත්ත.අරගෙන TV එකට සෙට් කළා. ඒ අතරේ ඒක කොහොමද හරියට සම්බන්ධ කරන්නෙ , ඒ වගේම හරි විදියට සුසර කරගන්න විදිය (Tune) එහෙමත් කියල දුන්න. ඔන්න අන්තිමට ගේම පටන් ගත්ත. මගේ අම්මෝ....මේ මොනවද මේ..? දෙපාරක් පිස්සු හැදුනා මට. ඔන්න ඔහොම මුලින්ම ගහපු ගේම් ඒක තමයි Contra Force කියන්නෙ.

හැම සතියෙම ඉරිදට ඕක ගහන්න මග බලාගෙන ඉන්නෙ. ඉස්කෝලේ ඇවිත් කියවන්නෙත් ඕක ගැන විතරයි.ගෙදර ගියත් කියවන්නෙ ඕක ගැන. සමහර දවස් වලට දහම් පාසැල ඇරිලා ගෙදර යන්නත් අමතකයි. ඒ වගේ දවස් වලටතාත්ත ඇවිත් එක්කරගෙන යනව.එදාට ඉතින් එක්කෝ ගුටි කන්න වෙනවා එහෙම නැත්තම් කන පිරෙන්න බැනුම් අහන්න වෙනවා. 

අහම්බෙන් අතීතෙට ගිය TV ගේම් එකක් හින්ද. අන්තර්ජාලෙන් හොයල සෙල්ලම් කළා අද දවල් . දුකත් හිතුනා මට ඒ අතරේදී. අපේ වයසේ අය තමයි මුලින්ම සහ අවසාන වතාවට TV ගේම් ගහපු අය. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.


18 comments:

  1. අඩේ මාත් මේක ගහලා තියෙනවා බං.. පිස්සු කොර නේ.. උඹලා ඉතින් අපිට ඕන නැති ඒවමනේ මතක් කරන්නේ ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් මතක් උනේ මටත්. ;)

      Delete
  2. මම ටීවී ගේම් ගහලා නෑ. හැබැයි පොඩි කාලේ අර ගේම් බෝයි එකක් තිබුණා. කොයි වෙලෙත් එකේ තමයි!

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගේම් ගහන පිස්සුවක් තිබුන.දැන් කියලත් එච්චරම වෙනසක් නෑ....:D

      Delete
  3. පුංචිම පුංචි ඇපල් ගැටයක්නේ තවම. මම හිතුවේ පැසුණු ඇපල් ගෙඩියක් කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ ඉතින්. එක එක්කෙනාගේ රසය වෙනස්නේ..... :)

      Delete
  4. මටත් මතකයි ඕක....හැබැයි ප්ලේ කරලා නම් නෑ

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් කළා නම් අනිවා ඇබ්බැහි වෙනවා.

      Delete
  5. සිරාවට අපි ඉතින් ඔය වගේ දේවල් තමයි කලේ...ඒකටත් එක්ක දැන් ඉන්න පොඩි එකාලට.උන් අපිට කියාදෙනව මේක මෙහෙම මේක අරෙහෙම කියල.."කාලය මැව් වෙනසක අරුමේ "

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ තාක්ෂණය ලංකාවට එන්න පටන් ගත්ත අලුත.අපි වැඩිහිටියෝ වෙනකොට සෑහෙන වෙනසක් දැක්ක. දැන් ඉන්න දරුවෝ කෙලින්ම දියුණුම තාක්ෂණය නෙ අත්විඳින්නේ.

      Delete
  6. මම නම් ටීවී ගේම් වලට එච්චර ආසාවක් තිබුනෙම නෑ..NEED for Speed වගේම Midtown Madness පරිගණක ක්‍රීඩා දෙක ආපු මුල්ම කාලෙ ඒවා ක්‍රීඩා කරලා කී බෝඩ් වල ඇරෝ වලට කෙළවුනාට පස්සෙ මට ගේම් අරහං වුනා...අද නිකමටවත් ආශාවක් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරෝ...... බෝඩ් අත ගගා ගහන ගේම්ස් දෙකක් තිබුනා ඒ කාලේ. ඒවා කී බෝඩ්ස්ද ලෑලි බෝඩ්ද කියලා ෂුවර් නැහැ...දාමුයි ,කැරමුයි කියලා.....

      Delete
    2. හැබෑවටම.දාම් , කැරම් කියන ඒවා තව සෑහෙන කාලයක් යනකම් අපි අතර වෙනස් නොවී තියේවි.

      Delete
  7. මටත් මතකයි මොකද්දෝ ඔය වගේ එකක පොඩි කාලෙ එල්ලිලා හිටියා.

    ReplyDelete
    Replies
    1. මොකේද කියල හරියටම මතක් කරලා බලන්න. ;)

      Delete
  8. මම මුලින්ම ගැහුවේ සුපර් මාරියෝ හිහි

    ReplyDelete
    Replies
    1. ඒක නම් හතර පස් පාරක්ම ඉවර කරලා තියනවා. ඒකෙ තියන බෝනස් ලෙවල් එහෙම ඔක්කොම මතකයි ඒ කාලේ.

      Delete
  9. සයුරි වගේම මමත් මුලින්ම ගැහුවේ මාරියෝ.....
    පට්ට ගේම් එක නේද?තාමත් අමතක වෙන්නේ නෑ ඉතින්

    ReplyDelete