Thursday, November 7, 2013

කසාද බැඳිල්ල

ජිවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල සමහර වෙලාවට මට හිතිලා තියනවා. කාලයත් එක්ක ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද. පොඩි කාලේ මවපු හීන සමහරක් අද වෙනකොට හැබෑ වෙලා . තවත් සමහර හීන තේරුමක් නැති මහා පුස් දේවල් කියලත් තේරුණා. මෙච්චර දේවල් වෙන ජීවිතේ සිද්ද වෙන ලොකු වෙනසක් තමයි විවාහය කියන එක මම නම් දකින්නෙ.

කව්රු කොහොම කිව්වත් පොඩි කාලේ කියල නෑ කෙල්ලෝ කොල්ලන්ට කැමතියි. කොල්ලෝ කෙල්ලන්ට කැමතියි . ඒ කාලේ ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම කතා කරලා යනකොට අනික් කොල්ලන්ගේ මුනවල් දැක්කත් ඇති පට්ට ගටක් එනවා . ඇයි ඉතින් ඒ කාලේ එහෙම එකක් වෙන්නෙත් බොහොම කලාතුරකින්නේ.උනාම කොල්ලෝ අතරේ අර කොල්ලා මහා වාසනාවන්තයෙක් හැටියට තමයි සලකන්නේ. (අත්දැකීමෙන් එහෙම කියනවා නෙමෙයි ඕං.

ඔහොම ගිහින් ගිහින් ගිහින් ඉගෙනගෙන ඉවරවෙලා හෝ නැතා හෝ අන්තිමට තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය එකට ගත කරන්න පුළුවන් කෙනෙක් එක්ක කසාද බඳිනවා. ඊට පස්සෙත් නිදහසක් කියල එකක් නෑ කොහොම උනත්. කොච්චර නම් වැඩ තියනවද ඊට පස්සෙ. නේ.....හ් .  හැබෑටම කසාද බඳින ඒකෙ තේරුම මොකක්ද? මම කියන්නෙ ලංකාවේ විදියට. පිටරටවල් වල නම් ඕන වෙලාවක දෙන්නට වෙන් වෙලා යන්න පුළුවන්නේ. නමුත් ආසියාතික ගොඩක් රටවල එහෙම නිදහසක් දකින්න ලැබෙන්නෙ නෑ.

සමහර අය කියනවා මේවා සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට කියල. සමහර අය කියනවා සසරෙ පතාගෙන ආපු හින්ද කියල.(ඒකනේ යාළුවෙලා මාස දෙකෙන් පැනල ගිහින් කසාද බඳින්නේ..)  කොච්චර උනත් තමන්ගෙ ආර්ථික තත්වෙ හොඳ නැත්නම් එහෙමත් නැත්නම් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැත්තම් , හදිස්සි වෙලා කරගන්න කසාදෙ ගාල ගෝට්ටි පිරුණු සුරපුරයක් බවට පත් වෙනවා.ඉතින් මේ සුරපුරේ ටික දවසක් ඉන්නකොට දෙන්නගේ නොගැලපීම් වෙනදට වඩා හොඳට පේන්න ගන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කසාදෙ තනිකරම mortal combat වගේ තමයි.

තවත් සමහරු ගෙවල් වල බල කිරීමට විවාහ වෙනවා. ඒ මොකද අම්මල තාත්තලාගේ හිත නරක කරන්න තියන අකමැත්ත නිසා හෝඑයාලට තියන බය නිසා. කලින් තරම් නැතිවුනත් මේකෙත් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ උනත් මම දැකල තියනවා එහෙම බැඳපු අය ටික කාලෙකට පස්සෙ බලනකොට ආදරෙන් වෙලිලා එතිලා ඇඹරිලා ලෝකෙටම ආදර්ශයක් විදියට ඉන්නවා. එකෙන් සනාථ වෙනවා හැම දෙයක්ම වෙන්නෙ හේතුවක් ඇතිව කියල. 

තව කියන්න ඒව නම් සෑහෙන්න තියනවා. ඒත් එහෙම උනොත් කට්ටියට බලන්න එපා වෙන හින්ද දැනට නවත්තන්නම් . හිතුනොත් ඉතුරු ටිකත් පස්සෙ වෙලාවක ලියල දාන්නම්කො....


8 comments:

  1. අදාළ නැත :-D :-D :-D

    ReplyDelete
  2. අදරේ, විවාහය කියන්නෙ මනස කලම්බන වැඩ බන් :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඕව නැතුවත් බෑනෙ. ;)

      Delete
  3. ඉරණම් කාරයා සෙට් උනාම ඔය ගොඩක් දේවල් බල බල ඉන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම නම් බලනවා. නැත්නම් ඉරණම කාරී නොවුනොත් එහෙම. හරි වැඩේ වෙන්නෙ. :))

      Delete
  4. ඔය කසාද බඳිනවා කියන සීන් එක මාර complex එකක්. අපි පතාගෙන එන විදිහට වෙන්න ඇති මේ හැම දේම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කසාදෙත්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට එහෙමත් වෙන්න ඇති තමයි. :)

      Delete